ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට අදාළ මුදල් තවමත් ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි ලියනගේ, මැතිවරණ කොමිසම වෙත දැනුම් දී ඇත.

එහි සභාපති නිතීඥ නිමල් පුංචි හේවා කියා සිටියේ, දැනට මුද්‍රණය කර ඇති ඡන්ද පතිකා ද ලබා දීමට නොහැකි බව ඇය ප්‍රකාශ කළ බවයි.

මේ වනවිටත් දිස්ත්‍රික්ක 17කට අදාළ ඡන්ද පත්‍රිකා මුද්‍රණය අවසන් කර ආරක්ෂක ගබඩාවේ තැන්පත් කර ඇතත් ඒවා මිටි බැඳීම සහ පොලිස් ආරක්ෂාව යටතේ පරික්ෂා කිරීම තවමත් අවසන් වී නොමැති බව ද ඇය කොමිසමට දන්වා ඇත.

පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද පත්‍රිකා නොලැබීම නිසා මේ මස අගදී තැපැල් ඡන්දය විමසීම පැවැත්විය නොහැදකි බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග කියයි.

මැතිවරණ කොමිෂාන් සභාව සැලසුම්කර තිබුණේ තැපැල් ඡන්ද පත්‍රිකා එම ඡන්ද මධ්‍යස්ථානවලට බෙදා හැරිමට ලබන අඟහරුවාදා තැපෑලට බාරදීමටයි.


 නිල කාලය හෙටින් (19) අවසන් !


මේ අතර පළාත්පාලන ආයතන 340ක නිල කාලය හෙටින් (19) අවසන් වීමට නියමිතය.

පළාත් පාලන ආයතන 340ක නිල කාලය හෙට අවසන්වීමත් සමඟ එම ආයතනවල ඉදිරි කටයුතු සිදුකිරීම සහ පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සහ පළාත් ආණ්ඩුකාරවරු අතර පසුගිය දා සාකච්ඡාවක් පවත්වා තිබිණ.

පළාත්පාලන ආයතන කොමසාරිස්වරුන්ගේ පාලනයට යටත් කිරිම සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා වී ඇති බව වාර්තාවේ.

මේ අතර ඇතැම් නීති විශාරදයින් පවසන්නේ, මහජන නියෝජිත ආයතනවල පාලනය නිළධාරීන්වෙත පැවරීම නීත්‍යානුකූල නොවන බවයි.


සබැඳි පුවත් :

පලාත් පාළන ආයතන පාලනය නිළධාරීන්ට භාරදීම නීති විරෝධීයි!


අප්‍රේල් 25 ඡන්දෙට ඉඩක් නැහැ - පැෆ්රල්

'කොමිසම පුංචි ඡන්දය කැඳවූවේ මාස 3ක් කල් මරා ආර්ථික අර්බුදය උග්‍ර වූ විටයි' 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්