කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැති 144 වන නිල් මහ සටන
ලකුණු 181කින් ජය ගැනීමට කොළඹ රාජකීය විද්‍යාලය අද (18) සමත් විය.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් කොළඹ රාජකීය විද්‍යාලය සිය පළමු ඉනිමට කඩුලු 8ක් දැවි ලකුණු 326ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම අත්හිටුවනු ලැබීය.
ඒ අනුව ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයට සිය පළමු ඉනිමට සියලු දෙනා දැවි රැස්කරගත හැකිවූයේ ලකුණු 153ක් පමණි.
කොළඹ රාජකීය විද්‍යාලය සිය දෙවන ඉනිමට ලකුණු 168ක් රැස් කළ අතර ශාන්ත තෝමස් විද්‍යාලය රැස් කළේ ලකුණු 161කි.
ජයග්‍රාහී කණ්ඩායමට ත්‍යාග ප්‍රදානය ජනපති ප්‍රධානත්වයෙන්
මෙම තරඟයේ ත්‍යාග ප්‍රදානෝත්සවය කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ප්‍රධානත්වයෙන් අද (18) පස්වරුවේ පැවැත්විණි.
කොළඹ SSC ක්‍රීඩාංගණයේ පැවති තරගයේ දෙවන දිනය වන ඊයේ (17) දින එය නැරඹීමට ද ජනාධිපතිවරයා එක් විය.
මේ අතර ජනාධිපතිවරයා අද උදෑසන සිට කොළඹ SSC ක්‍රීඩාංගණයේ රැඳී සිටිමින් තරගය නැරඹීමට එක් වූ අතර එහිදී කොළඹ රාජකීය විද්‍යාලයේ මෙන්ම ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායම් දිරිමත් කරමින් ඔවුන් සමග සුහද කථා බහක නිරත විය.
අද දින තරගයේ ජයග්‍රහණයෙන් අනතුරුව පැවති ත්‍යාග ප්‍රදානෝත්සවය ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු අතර කොළඹ රාජකීය විද්‍යාලයේ ජයග්‍රාහී කණ්ඩායමට මහාමාන්‍ය ඩී.එස්. සේනානායක අනුස්මරණ පලිහ පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.
ජයග්‍රාහී කණ්ඩායමට මෙන්ම ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ කණ්ඩායමට සහ තරගයේ දක්ෂතා දැක්වූවන්ට සම්මාන සහ සහතික පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි.
ජයග්‍රාහී කණ්ඩායමට සහ දක්ෂතා දැක්වූවන්ට සිය සුබපැතුම් පළ කළ ජනාධිපතිවරයා ක්‍රිඩාංගණය වෙත රැස්ව සිටි ක්‍රීඩා ලෝලින් සමඟ සුහද කතා බහක නිරතව සිටියේය.
https://theleader.lk/news/16131-2023-03-18-16-07-14#sigProId65e8360f88
https://theleader.lk/news/16131-2023-03-18-16-07-14#sigProId65e8360f88