මැඩගස්කරයේ සිට ජාත්‍යන්තර රතු වරෙන්තුවක් මත ශ්‍රී ලංකාවට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව

භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති සැකකරුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ජාත්‍යන්තර පොලීසියට ඉල්ලීමක් අදාළ සැකකරුගේ පියා වු නෙල්සන් මර්වින් වික්‍රමරත්න විසින් ඉදිරිපත් කර ඇත.

තමන්ගේ පුත්‍රයාද මාකදුරේ මදූෂ්, කොස්ගොඩ තාරක ආදීන් මෙන් සාධාරණ නඩු විභාගයකින් තොරව අත් අඩංගුවේ පසුවෙද්දී ඝාතනය වීමේ අවදානමක් පවතින බව දක්වමින් ඔහු විසින් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

තම දරුවා මෙරටට රැගෙන එනු ලැබුවේ ජාත්‍යන්තර පොලීසිය විසින් නිකුත් කල රතු වරෙන්තුවක් මත හෙයින් ජාත්‍යන්තර පොලීසියට තම දරුවාගේ ආරක්ෂාව ගැන විශේෂ වගකීමක් ඇති බව ද පියා විසින් සදහන් කර තිබේ.

haslkas

මේ අතර මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන සලිඳු මල්ෂික නොහොත් කුඩු සලිඳු සම්බන්ධයෙන් මේවනවිට රට තුළ කතාබහක් මතුව තිබේ.

සලිඳු මල්ෂික, කුඩු සලිඳු වූයේ කෙසේදැයි  'නෙත් නිවුස්' විසින් සොයා බැලීමක් කර තිබේ. එහිදී ඔහුගේ පියා සමඟ 'නෙත් නිවුස්' වාර්තාකරු දිල්ෂාන් තුෂාර සිදු කළ සාකච්ඡාවක් පහත පළවේ.

 

 

JW

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්