ක්ෂණිකව ඩොලරය අවප්‍රමාණ වී භාණ්ඩ මිල අඩු වූ විට ඒ මිලට භාණ්ඩ අලෙවි කළහොත් තම ව්‍යාපාර කඩා වැටෙනු ඇති බව

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ හා වෙළෙඳුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නිහාල් සෙනෙවිරත්න පැවසීය.

අමෙරිකානු ඩොලරය හදිසියේ අවප්‍රමාණ වීම නිසා මෙරට ආනයනකරුවන් විශාල අමාරුවක වැටී සිටින බව ඔහු ප්‍රකාශ කළේය.

ඩොලරය රුපියල් 370ට තිබියදී ආනයනය කළ ආහාර ද්‍රව්‍ය ඩොලරය රුපියල් 310ට පහළ වැටෙන විට තම ගබඩාවල තිබූ බවද ඔහු පැවසීය.

එසේම තමන් වැඩි මිලට ඇණවුම් කළ ඇතැම් භාණ්ඩ තවමත් මෙරටට ලැබෙමින් පවතින බවත් ඔහු සඳහන් කළේය.

මෙලෙස ඩොලරය අවප්‍රමාණ වූ විට එයට පෙර තමන් ගෙනා ද්‍රව්‍ය අඩු මිලට අලෙවි කළහොත් තම සාමාජිකයන්ගේ ව්‍යාපාර බිඳවැටෙන බව ඔහු අවධාරණය කළේය.

(deshaya.lk)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්