පොලිස්පති සී ඩී වික්‍රමරත්න ගේ ධුර කාලය මාර්තු 25 වෙනිදායින් අවසන්වීමට නියමිත ය.



ඒ අනුව පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදය පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ හා මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් අතර විශේෂ සාකච්ජාවක් ඊයේ (19) පැවති බව වාර්තා වේ.

එම සාකච්ජාව සඳහා අගමැති දිනේෂ් ගුණවර්ධන, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ සහ නීතිපතිවරයා ද එක්ව සිටිබව පැවසේ.

පොලිස්පති පුරප්පාඩුව සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පත්කළ යුතු බවට මහජන ආරක්ෂක අමාත්‍යවරයා එහිදී දැඩි ස්ථාවරයක සිට අදහස් දක්වා ඇතැයි ද වාර්තාවේ.

කෙසේවුවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට එරෙහිව ඇතැම් පාර්ශව වෙතින් එල්ල වී ඇති විරෝධය සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ජා වී ඇතැයි පැවසේ.

 

පොහොට්ටු මන්ත්‍රීවරුන් බහුතරයක් දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයට පත්කිරීමට පක්ෂ ස්ථාවරයක සිටින බවට වාර්තා වී ඇතත් ආණ්ඩු විරෝධී සියලුම බලවේග පාහේ ඔහුව පොලිස්පති ධුරයට පත් කිරීමට එරෙහිව අදහස් පළකර තිබේ.

 

පොලිස්පතිට සේවා දිගුවක් ලබාදීමේ හැකියාවක් තිබේ ද ?


පොලිස්පති ධුරය සම්බන්ධයෙන් මෙසේ විවාද පැවතියදී ඇතැම් නීති විශාරදයින් පෙන්වා දෙන්නේ පොලිස්පති සී ඩී වික්‍රමරත්න ට සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගැනීමට ව්‍යවස්ථාදායක සභාවට හැකියාව පවතින බවයි.

'නෙත් නිවුස්' කළ විමසීමකදී ජනාධිපති නීතීඥ යූ ආර් ද සිල්වා පැවසුවේ එවැනි සේවා දිගුවක් ලබාදීමේ අවශ්‍යතාවක් පවතී නම් ඒ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට දැනුම්දිය යුතු බවයි.

යම් හෙයකින් වත්මන් පොලිස්පතිවරයා විශ්‍රාම යාමට පෙර පොලිස්පති ධූරයට සුදුස්සෙකු පත් කිරීම සම්බන්ධයෙන් ව්‍යවස්ථාදායක සභාවට තීරණයක් ගැනීමට නොහැකිවුවහොත් සිදුවන්නේ කුමක්ද යන්න සම්බන්ධයෙන් ඔහු මෙසේ අදහස් දැක්විය.




සබැඳි පුවත් :

පොලිස්පතිගේ රහස් ලිපිය 'ලීක්' කලේ කව්දැයි සෙවීමට CID විමර්ශනයක් !


පොලිස්පති අවසන් මොහොතේ දේශබන්දු චුදිතයකු කර වාර්තාවක් එලියට දමයි!


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්