නව පොලිස්පතිවරයා තෝරා ගැනීමේ ක්‍රියාපටිපාටිය සහ තෝරා ගැනීමේ නිර්නායකත්,

එම පත් කිරීමේදී පක්ෂග්‍රාහී වාසි වෙනුවෙන් ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටීන් උල්ලංඝණය කර තිබීමත් යන කරුණු සම්බන්ධයෙන් දැඩි කණස්සල්ල පළ කරන බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පවසයි.

එම සම්මේලනය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ මීලග පොලිස්පතිවරයා පත් කිරීම අදාළ ව්‍යවස්ථාමය ප්‍රතිපාදන මගින් අපේක්ෂා කරන විනිවිදභාවයකින් යුත් ක්‍රියාපටිපාටියකින් තෝරා ගත යුතු බවයි.

එම තනතුරට නොගැලපෙන පුද්ගලයෙකු නම් කිරීම සහ පත් කිරීම මහජනයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නීත්‍යානුකූලභාවය පිළිබඳ ප්‍රශ්න කිරීමටත්, රජය කෙරෙහි පවතින අවිශ්වාසය තව තවත් තියුණු කර ගැනීමටත් හේතුවනු ඇති බව ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය පෙන්වා දෙයි.

එම භාරදූර තනතුර සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයන්ට එරෙහිව අධිකරණයෙහි සාපරාධී හෝ මූලික අයිතිවාසිකම් නඩු නොපැවතීම අත්‍යවශ්‍ය කරුණක් බව ද එම සම්මේලනය නිකුත් කළ නිවේදනය මගින් පෙන්වා දී ඇත,

ජනාධිපතිවරයා විසින් පොලිස්පති තනතුරට පත් කරන පුද්ගලයා අනුමත කිරීමට භාවිත කරන නිර්නායක ජනතාව අතර ප්‍රසිද්ධියට පත් කරන මෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවෙන් ඉල්ලා සිටින බව විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

xsdfdsf

 ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමෙන් විරෝධය

පොලිස්පති සී ඩී වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් පිරිසක් විරෝධය පළ කර ඇතැයි වාර්තා වේ.  ඒ, ජනාධිපති කාර්යාලයේදී ඊයේ (20) පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදීය.

පසුගිය වසරේ මැයි මස 09 වනදා ඇතිවූ කලහකාරී තත්ත්වය මර්ධනය කිරීමට පොලිස්පතිවරයා නිසි පියවර නොගත් බවත් ඒ හේතුවෙන් සිය නිවාස පවා අහිමි වූ බවත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් එහිදී පවසා තිබිණ.

ප්‍රසන්න රණතුංග, රමේෂ් පතිරණ අමාත්‍යවරුන් මෙන්ම මහින්දානන්ද අළුත්ගමගේ,චින්තක මායාදුන්නේ, සනත් නිශාන්ත, සහන් ප්‍රදීප්, සංජීව එදිරිමාන්න, මධුර විතානගේ  පොලිස්පති චන්දන වික්‍රමරත්නට සේවා දිගුවක් ලබාදීමට එහිදී දැඩි ලෙස විරෝධය පළ කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.


සබැඳි පුවත් :

පොලිස්පති අවුල දුරදිග යයි - ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ උණුසුම් තත්ත්වයක් !

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්