මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ බ්ලූම්බර්ග් වෙබ් අඩවිය (bloomberg.com) සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු විස්තීර්ණ මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් අදහස් දක්වා තිබේ.



ඔහු එහිදී පවසා ඇත්තේ, මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබුණු මුල්‍ය සහන භාවිත කළ හැකිව තිබුණේ ගෙවුම් ශේෂ අර්බුද සමනය කරගැනීමට වුවත් මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ විශේෂත්වයක් ඇති බවය.

ඒ අනුව මෙවර ලැබුණු මූල්‍ය පහසුකමේ අරමුදල් රාජ්‍ය මූල්‍ය කටයුතු පවත්වාගෙන යාම සඳහා ද භාවිත කිරීමට හැකියාව ලැබී තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ශ්‍රී ලංකාව මෙවර එළඹ ඇති ගිවිසුම පෙර අවස්ථාවන්ට වඩා සුවිශේෂී බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන ද පවසයි.

අයවැය මූල්‍යකරණය සඳහා ද අදාළ ණය මුදල් භාවිත කිරීමට අවස්ථාව ලබාදීම ශ්‍රී ලංකාව ලැබූ ජයග්‍රහණයක් බව ඊයේ (21)  පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා කියා සිටියේ ය.






මුලාශ්‍රය :
IMF Deal Will Cut Sri Lanka Borrowing Costs, Central Banker Says


JW

 

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates