පළාත් පාලන මැතිවරණය අප්‍රේල් මස 25 වැනි දා පවත්වනවා ද නැති ද යන්න සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම අද (23) විශේෂ තීන්දුවක් ගැනීමට නියමිත ය.



මැතිවරණ කොමිසම සියලුම දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට අද පෙරවරු 10 ට කොමිසමට කැඳවා තිබෙන අතර මැතිවරණය නියමිත පරිදි පැවැත්විය නොහැකි විමේ ගැටළු එහිදී සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට නියමිතය.

මුදල් ප්‍රතිපාදන නිකුත් නොකිරීම හේතුවෙන් ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට හැකියාව ලැබී නොමැති බව රජයේ මුද්‍රණාලය පසුගියදා මැතිවරණ කොමිසමට දැනුම් දී තිබුණි.

ඒ අනුව නියමිත දිනට තැපැල් ඡන්ද පත්‍රිකා ලබාදීමට හැකියාවක් නොමැති බව රජයේ මුද්‍රණාලය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.

පවතින තත්වය හමුවේ මේ වනවිට දින නියම කර ඇති පරිදි මාර්තු මස 28 වන දින සිට තැපැල් ඡන්ද සලකුණු කිරීමේ කටයුතු ආරම්භ කිරීමට නොහැකි තත්ත්වයක් මතුව තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව පෙන්වාදෙන්නේ ඒ අනුව මැතිවරණය ද අප්‍රේල් මස 25 වන දින පැවැත්වීමට හැකියාවක් නොමැති බවය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා වෙනත් දිනයක් ප්‍රකාශයට පත් කරන්නේ ද එසේත් නැතිනම් මැතිවරණ දිනයක් ප්‍රකාශ කිරීම සඳහා තවත් කල් ලබාගන්නේ ද යන්න පිළිබඳව අද දිනයේ පක්ෂ ලේකම්වරුන් සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව තීරණය කිරීමට බලාපොරොත්තු වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය.



ආණ්ඩුවෙන් සහතිකයක් !


මේ අතර පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර පවසන්නේ, පළාත් පාලන ආයතන සම්බන්ධයෙන් නීතියෙන් පිට කිසිඳු ක්‍රියාමාර්ගයක් ගැනීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බවයි.  

නිල කාලය අවසන් වූ පළාත් පාලන ආයතනවල හිටපු ප්‍රධානීන් ඒවායේ නිසි බලධාරීන් ලෙස පත් කිරීමේ සූදානමක් ඇති බවට විපක්ෂයෙන් එල්ල වන චෝදනාවට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්