රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධූරයට පත්කිරීමට යෝජනා කළේ, පොදුජන පෙරමුණු ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ බව රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ අවධාරණය කර සිටියි.



රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (22) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ය.

ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අනුප්‍රාප්තික ජනාධිපති ධූරයට නුසුදුසු බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකගේ මතය වූ බව ද ඒ අනුව ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයාට ඡන්දය නොදීමට පොදුජන පෙරමුණ තීරණය කළ බව ද ඉන්දික අනුරුද්ධ රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ අනුප්‍රාප්තික ජනාධිපති ලෙස පත්කිරීමට පාර්ලිමේන්තුව තුළ සිදු කළ සියලු මෙහෙයුම් සිදුකළේ ද බැසිල් රාජපක්ෂ බව මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ එම කාරනා සඳහන් කරනුයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ජ්‍යෙෂ්ඨයින්ට කැබිනට් අමාත්‍යධුර ලබාදීම ජනාධිපති වික්‍රමසිංහ විසින් දිනෙන් දින පමාකිරීම සම්බන්ධයෙන් එම පක්ෂය තුල මතුව තිබෙන කනස්සල්ල උත්සන්න වෙමින් තිබෙන මොහොතක දී වීම සුවිශේෂී කාරණයකි.



 

JW


 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය