ශ්‍රී ලාංකීය ජනතාව තුළ ආකල්පීය වෙනසක් අවශ්‍ය බවත්, System Change කියා නව පරපුර ඉල්ලන්නේ එයට සමාන දෙයක් බවත් පවසන කරු ජයසුරිය හිටපු කතානායකවරයා, එය රජයකට හෝ පාර්ලිමේන්තුවට තනියම කළ හැකි දෙයක් නොවන බවත් රටම ඒ වෙනුවෙන් පෙළගැසිය යුතු බවත් කියා සිටියි.



හිටපු කථානායකවරයා එබව ප්‍රකාශ කර සිටියේ දිවංගත ඩී.එස් සේනානායක මහතාගේ ගුණ සමරුව උත්සවයේ දීය.

ජාතියේ පියා ලෙස විරුදාවලිය ලත් නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස් සේනානායක මහතාගේ 71 වන ගුණ සමරු උලෙළ කොළඹ 7 නිදහස් චතුරස්‍රයේ දී ඊයේ  (22) පැවැත්විණි.

ජනාධිපති රනිල් රනිල් වික්‍රමසිංහ, ගුණසමරු කමිටු සභාපති ශ්‍රී ලංකාභිමාන්‍ය කරූ ජයසූරිය මහත්වරුන් ඩී .එස් සේනානායක පිළිරුවට මල් කළඹ තබා උපහාර දැක්වූ අතර එජාප නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන, සභාපති වජිර අබේවර්ධන, ජාතික සංවිධායක සාගල රත්නායක, හිටපු අමාත්‍ය රුක්මන් සේනානායක ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

ds 2ds 3ds 4ds 5ds 6ds 1

ගුණ සමරු කමිටුවේ සභාපති ලෙස එහිදී පැමිණ සිටි සියලු දෙනා ගෞරවයෙන් පිළිගත් කරු ජයසුරිය, රාජ්‍ය නායකයා වශයෙන්  ජනාධිපතිවරයා ගේ පැමිණීමේ වැදගත්කමද එහිදී ප්‍රකාශ කළේය.

IMF නිර්දේශ කළ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් යෝජනා කිරීමටත් පෙර සිටම අප විසින් දිගින් දිගටම සඳහන් කළ බව පැවසු කරු ජයසුරිය, එසේ මුලින්ම ඒ පිළිබඳව සැලකිලිමත් වූවානම් අප මෙවැනි ආගාධයකට නොයන්නට ඉඩ තිබුණ බව සඳහන් කළේය.


''අපි මේ ගැමි නායකයා කියූ කරුණු උපදෙස් පිළිගත්තා ද? ''


''අපි පසුගිය දශක කිහිපය තුළම නිදහස් දිනයේදීත්, මාර්තු 22 දිනත් යන දින දෙකේදීම මෙතනට ඇවිත් පුෂ්පෝපහාර දක්වා ගුණ වර්ණනා කර ගෙදර යනවා. නමුත් අපි මෙම ගැමි නායකයා කියූ කරුණු උපදෙස් පිළිගත්තා ද? '' යනුවෙන් උත්සව සභාව අමතමින් කරු ජයසුරිය සභාව හමුවට ප්‍රශ්නයක් යොමුකෙරිණි.  

''එතුමාට ආචාර්ය පදවි තිබුණේ නැ. නමුත් රට රට ගොඩනැගීමේ දී එදා එතුමා අවශ්‍ය විශේෂඥ උපදෙස් ලබා ගත්තා. එතුමා ලබාදුන් වැදගත්ම පණිවිඩය "ජාතික අනන්‍යතාවය" රැක ගැනීමයි. මෙම වකවානුව තුළ එය අප විසින් නොකළ නිසා අපි ලේ වලින් විශාල වන්දියක් ගෙව්වා. ජාතිවාදී අරගල, ත්‍රස්ත ක්‍රියා, දේපොළ සම්පත් විනාශය මෙන්ම ලෝකයා හමුවේ අපි දැඩි විවේචනයට ලක් වුණා. අපේ ජාතිය, අපේ ආගම අප ඉල්ලා ලබාගත් දෙයක් නෙවෙයි. එය උපතින් ලැබෙන දෙයක්. බෞද්ධයකුට කිසිවිටෙක ජාතිවාදී වන්නට බැහැ. බුදුන් වහන්සේ වහන්සේ විසින් දේශනා කළේ එක් මිනිස් ජාතියක් ගැනයි.''  මජ්ජිම නිකායේ වාසෙට්ඨ සූත්‍රයේ කරුනු දක්වමින් සිවුපාවුන්, පක්ෂීන්, මත්ස්‍යයින් ආදී සත්වයින්ගේ එකම වර්ගයාගේ විවිධ වෙනස්කම් ගැනත් බුදුන් වහන්සේ දේශනා කළ බවත්, එවැනි වෙනස්කමක් මිනිසුන් තුළ නැති බවත් කරු ජයසුරිය ප්‍රකාශ කළේය.

 

තවදුරටත් ඩී.එස් සේනානායක චරිතයෙන් උගතයුතු බොහෝ දේ ඇති බව සඳහන් කළ කරු ජයසුරිය, තමා මේ සම්බන්ධයෙන් අදහස් දැක්වුයේ,  පටු දේශපාලන අරමුණකින් ඉතා සුළු පිරිසක් නැවතත් ජාති, ආගම් භේද  ඇති කිරීමට දරන උත්සාහය  දකින නිසා බවත්, එසේ වුවහොත් එය අපේ රටේ අවසානය විය හැකි බවටත් අනතුරු ඇඟවිය.

 

''අපි නිදහස ලබාගත්තේ සියලු ජාතීන් සමගි වී එක්ව බ්‍රිතාන්‍ය කිරීටයට බලපෑම් කළ නිසා. වාසනාවට එදා සිටි නායකයින්ට මේ ජාතික සමගියේ වටිනාකම වැටහුනා. කුළල් කා ගැනීමෙන් තොරව නිදහස වෙනුවෙන් අත්වැල් බැඳගත්තා. එම සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් නායකයින්ට අපි සදාකල් ණය ගැති විය යුතුයි. F.R සේනානායක, D.S සේනානායක, පොන්නම්බලන් අරුනාචලම්, පොන්නම්බලන් රාමනාදන්, ශ්‍රීමත් D.B ජයතිලක, S.W.R.D. බණ්ඩාරනායක, T.B ජයා, E.W පෙරේරා, ශ්‍රීමත් ජේම්ස් පීරිස්, J.R ජයවර්ධන, ඩඩ්ලි සේනානායක වැනි විරුවන් ඇතුළු ජාතියට නිදහස ලබා දීමට එක්ව කටයුතු කළ සියලුම දෙනා ගෞරවයෙන් හා භක්තියෙන් සිහි කරනවා'' යනුවෙන් ද ඔහු පැවසීය.

''එතුමා විසින් රට වෙනුවෙන් දීර්ඝකාලීනව සැලසුම් කළ අසීමිත වැඩ කොටස සඳහන් කිරීමට කාල වේලා නොමැති වුවත්, රටේ කෘෂිකර්මාන්තය දියුණු කිරීම වෙනුවෙන් එතුමන් දුක් වින්ද සහ කැප වුණු ආකාරය රහසක් නොවේ. ගල් ඔය ව්‍යාපාරය හරහා අම්පාර දිස්ත්‍රික්කයේ ඇතිකළ පිබිදීම හේතුවෙන් අදටත් ලංකාවේ වී නිෂ්පාදනයෙන් 22% ක් වගා කරන්නේ අම්පාර දිස්ත්‍රික්කයේයි. දැන් එහි ජීවත් වන්නේ 2 වැනි හෝ 3 වැනි පරම්පරාවයි. ඔවුන්ට දැන් ඩී.එස් නාමය අමතක වීගෙන යන බවක් පෙනෙන්නට තිබෙනවා. ඊට හේතුව වර්තමාන පරපුරට ජාතික වීරයින් ගැන පූර්ණ දැනීමක් ලැබිල නැහැ. එය අප රටේ අධ්‍යාපන ක්‍රමයේ අඩුපාඩුවක් වගේම වැඩිහිටියන් වශයෙන් අප දූදරුවන්ට අපගේ මුතුන්මිත්තන් පිළිබඳ නිවැරදි දැණුමක් ලබා නොදීම නිසයි. මෙය නිවැරදි විය යුතුයි.  එසේ අතීතය අමතක වීම රටකට හානිකර විය හැකියි. තම රටේ වීරයින් අමතක කරන රටකට අනාගතයක් නැහැ. අප ගුණමකු වියයුතු නැහැ.''

 

''මේ ඩී.එස් සේනානායක මැතිතුමාගේ පිළිරුව අභියස සිට අප ඉදිරිය දෙස බලන්න ඕනෑ. අපි අද ජීවත් වන්නේ එදා තිබූ ලෝකයේ නොවෙයි. සෑම දවසකම තාක්ෂණය වෙනස් වන යුගයක. කෝවිඩ් වසංගතය නිසා ලෝකය වෙනස් වුණා. භූ චලන, ජල ගැලීම් ආදියෙන් ස්වාභාවධර්මය පවා අද විශ්වයට දඬුවම් කරනවා ශ්‍රී ලංකාවේ අපිත් මෑත යුගයේ දී අසීමිත දුෂ්කරතාවයන්ට මුහුණ දුන්නා. ආර්ථිකයේ බිඳවැටීම් නිසා වැඩියෙන්ම පීඩාවට පත්වුණේ අසරණ ජනතාවයි. ''

 

IMF සම්මුතිය නිසා විදේශ විනිමය ගැටළුව සාර්ථකව විසඳෙමින් පවතිනවා. මෙය අපිට විශාල සහනයක්. අපිට ලෝකයේ හොඳ හිත ලැබෙන බවට දැන් ඉඟි පළ වනවා. සංචාරකයින්ගේ පැමිණීම දිනපතා වැඩි වෙනවා. විදේශ සේවා නියුක්තිකයින්ගේ මුදල් එවීම සෑහෙන මට්ටමක තිබෙනවා. නමුත් මේ සියල්ල ලැබුණා කියා පමණක් රටක් දියුණු කරන්න බැහැ.

අපේ ජනතාව තුළ ආකල්පමය වෙනසක් අවශ්‍යයි. System Change කියා නව පරපුර ඉල්ලන්නේ එයට සමාන දෙයක්. එය රජයට හෝ පාර්ලිමේන්තුවට තනියම කළ හැකි දෙයක් නොවෙයි. මුළු රටම ඒ වෙනුවෙන් පෙළගැසිය යුතුයි. රජය නායකත්වය දිය යුතුයි.


''පළමුව අපි වෙලාවට වැඩ වැඩ කරන ජාතියක් විය යුතුයි''

 

රට යළි ගොඩනැගීමටනම්, පළමුව අපි වෙලාවට වැඩ වැඩ කරන ජාතියක් විය යුතුයි. දවසට පැය අටක් හෝ නියමිත පැය ගණන වැඩ නොකර පඩි ලබා ගැනීම පාපතර ක්‍රියාවක් බව අප වටහා ගත යුතුයි. ජන අනුපාතය අනුව ලෝකයේ විශාලතම රාජ්‍ය සේවය තිබෙන්නේ අපේ රටේ. එහෙත්, ලෝකයේ වැඩිම නිවාඩු ඇති රට ශ්‍රී ලංකාව බවට සඳහන් වෙලා තිබෙනවා. ජන අනුපාතය අනුව ලෝකයේ වැඩිම හමුදා ශක්තිය ඇති රටවල් අතර ශ්‍රීලංකාව ඉහළින්ම සඳහන් වෙනවා. මහා බ්‍රිතාන්‍යයටත්, බංගලාදේශයටත් වඩා විශාල පිරිසකගෙන් යුත් හමුදාවක් අපට තිබෙනවා. මහජනතාවගේ මුදල් කාබාසිනායා කරන රාජ්‍ය ආයතන 300 ක් පමණ තිබෙනවා. රටේ දූෂණය හා නිස්තිය ඉහවහා ගිහින්, රට අගාධයට ගිහිල්ලා. මිනීමැරුම්, මංකොල්ල කෑම්, ස්ත්‍රී දූෂණ, මත්ද්‍රව්‍ය භාවිතය ඉහළ ගිහින්.  මේ සියලු බර සහ වේදනාවන් අවසානයේ දරන්නේ අපේ අහිංසක ජනතාවයි. විනයක් නැති රටක් කවදාවත් ඉස්සරහට යන්නේ නැහැ. අප මේ සියල්ල තේරුම්ගෙන රටේ දියුණුව වෙනුවෙන් කටයුතු කළ යුතුයි.

 

''පාර්ලිමේන්තුව තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන්න''


නීතිය ක්‍රියාත්මක කිරීමේදී ඇතිවන ඇතිවන අක්‍රමිකතා ගැන ගරු අධිකරණ ඇමතිතුමා පසුගිය සතියේ ප්‍රසිද්ධව ප්‍රකාශ කළා. මේවා වහා නිවැරදි කළ යුතුයි. නීතිය රකින්නන් සිය වෘත්තීය ගරුත්වය රැකගෙන ආදර්ශමත් විය යුතුයි. රටේ දැවෙන ප්‍රශ්න විසඳීමට පාර්ලිමේන්තුව තුළ යම් සමගියක් හා එකමුතු භාවයක් අවශ්‍ය බව අපි කීප විටක් සඳහන් කර තිබෙනවා. පාර්ලිමේන්තුව තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කරන ලෙස ලඟදී අපි ආයාචනා කළා. ඒ අදහසට සුබවාදී ආකල්පමය ප්‍රතිචාර ලැබුණා.

විශේෂයෙන් සඳහන් කළයුතුයි 1951 සැන් ෆ්‍රැන්සිස්කෝ නුවර දී ජපානයේ අනාගතය සැලසුම් කිරීමට පැවැති සම්මේලනයට ඩී.එස් සේනානායක මැතිතුමන්ගේ උපදෙසින් සහභාගිවූ ජේ. ආර් ජයවර්ධන මැතිතුමා "නහී වේරේන වේරානී" ගාථාව සඳහන් කරමින් ජපානයට සමාව දිය යුතු බවත්, රට බෙදීමට විරුද්ධවත්, දැඩිව කතා කළා. එදා ලෝක බලවතුන් එම චින්තනය පිළිගත්තා. මහාමාන්‍ය ඩී එස් සේනානායක මැතිතුමා අද ජීවත්ව සිටියානම් රාජ්‍යතන්ත්‍රයටත් අප සියලු දෙනාටත් ඒ හා සමාන උපදෙසක් ලබාදෙනු ඇතැයි මා විශ්වාස කරනවා. එතුමන්ලා ජීවත්ව නොසිටියද ඔවුන් පෙන්වූ යහපත් මාර්ගයන් අප අනුගමනය කළයුතු යැයි අපි විශ්වාස කරනවා.

IMF නිර්දේශ කළ කරුණු ක්‍රියාත්මක කරන ලෙස ඔවුන් යෝජනා කිරීමටත් පෙර සිටම අප විසින් දිගින් දිගටම සඳහන් කළා. එසේ මුලින්ම ඒ පිළිබඳව සැලකිලිමත් වූවානම් අප මෙවැනි ආගාධයකට නොයන්නට ඉඩ තිබුණා.

ජනාධිපතිතුමනි, සම්භාවනීය ආරාධිත අමුත්තනි, මිත්‍රවරුනි, සත්භාවයෙන් අපේ සිතට පැමිණි මෙම සිතිවිලි තුළ වැදගත්කමක් ඇත්නම් කරුණාකර ඒ ගැන අවධානය යොමු කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. අප සඳහන් කළේ සමාජයේ බහුතරයකින් නැඟෙන හඬයි. යනුවෙන් ප්‍රකාශ කරමින් හිටපු කතානායකවරයා සිය අදහස් දැක්වීම අවසන් කළේය.


''ඩී .එස් දර්ශනයෙන් සිංගප්පූරුව සංවර්ධිත රටක් වුණා'' - ජනාධිපති


ඩී.එස්.සේනානායකගේ දර්ශනයෙන් ශ්‍රී ලංකාව ඈත් වුවද සිංගප්පූරුව එය ක්‍රියාවට නැංවීමෙන් සංවර්ධිත රටක් බවට පත් වූ බව උත්සව සභාව ඇමතු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසීය.

රාජ්‍ය අංශය ව්‍යාපාරික කටයුතුවල නියැලීම හේතුවෙන් මහවැලි වැනි ව්‍යාපෘති 100ක් සඳහා වෙන් කළ මුදල් අහිමි වූ බව ද ජනාධිපතිවරයා කීය.






 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්