හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ රියදුරු එම්. දිලුම් තුසිත කුමාර යන අයගේ බිරිඳ, වයස අවුරුදු එකහමාරක් වන කුඩා දියණිය හා දෙමාපියන් අපරාධ පරීක්ෂණ විසින් රඳවා ගෙන ඇතැයි වාර්තාවේ.

ඔවුන් පදිංචිව සිටින ගාල්ල ඉමදුව නිවසේදී ඊයේ රාත්‍රී 12.45ට පමණ පොලිස් පරීක්ෂක අජිත් මෙත්තානන්ද නමැති නිලධාරියෙකු ප්‍රමුඛ කණ්ඩායමක් විසින් එම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇතැයි ද පැවසේ. 

එසේ අත්අඩංගුව ගත් පිරිස රියදුරු තුසිත කුමාර පැමිණෙන තුරු මේවනවිට චම්පික රණවක මන්ත්‍රීවරයා පදිංචිව සිටින බත්තරමුල්ල ජයන්තිපුර නිවස අසලට රැගෙනවිත් පොලිස් ජීප් රථයක රඳවා ගෙන සිටින බව නීතිඥ Metha Nanda 2019ශ්‍රිරාල් ලක්තිලක theleader.lk වෙත පැවසිය.


ඔවුන් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රී  පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් සිදුකෙරෙන පොලිස් විමර්ශනයක් සම්බන්ධයෙනි. 

එම රිය අනතුරින් සංදීප් සම්පත් නමැති තරුණයකු තුවාල ලැබූ අතර එම අවස්ථාවේදී හිටපු ඇමති චම්පික රණවක විසින් එම රිය පැදවූ බවට චෝදනා කරමින් ඊට අදාළ විමර්ශන යළි ආරම්භ කර තිබේ

චම්පිකගේ ප්‍රතිචාරය මෙන්න :
Screen Shot 2019 12 15 at 7.13.24 PM                      ''මාධ්‍ය හරහා කූට නාටක රඟ දක්වා බලය ලබාගත්ත පිරිස හදනවා අපිවත් දේශපාලන වශයෙන් විනාශ කරන්න'' -චම්පික 

මෙම චෝදනාව සම්බන්ධයෙන් පෙරේදා (දෙසැම්බර් 14 දා) මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ චම්පික රණවක මන්ත්‍රීවරයා මෙසේ පැවසිය. 

''ඔබ සියලු දෙනාම ඉතා හොඳින් දන්නවා, පසුගිය 13 දින මාධ්‍ය වාර්තා කළා මට සහ මාගේ රියදුරාට විදෙස් ගමන් තහනමක් පනවන්න අධිකරණය අවසර ලබාදීල තියෙනව කියල. මීට අදාල සිදුවීම 2016 පෙබරවාරි 28 වෙනිදා රාත්‍රීයේ 9.45 ත් 10.00 ත් අතර පාර්ලිමේන්තු පාරේ සරණ පාර ආසන්නයේ සිදුවෙච්ච සිදුවීමක්. 

මේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් කරල නඩු අංක 791රැ 7 යටතේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධීකරණයේ නඩු පැවරීමක් රාජගිරිය පොලීසිය විසින් සිදුකළා. එහිදී පැමිණිල්ල සනාථ කිරීම සඳහා රාජගිරිය පොලීසියේ නිලධාරීන් ඉදිරිපත් කලා ඊට අදාල වාර්තා.

 එම වාර්තාවේ පැහැදිළිව සඳහන් කරල තියෙනව, 2016.02.28 වන දින පැය 21.55 ට පමණ ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ජනාධීපති විද්‍යාලය අසළ රිය අනතුරක් සිදුවී ඇති බවට ලද තොරතුරක් අනුවල පොලිස් කොස්තාපල් 89457 ලක්මාල් නිලධාරියා ඇතුළු නිලධාරීන්  එම ස්ථානයට ගොස් විමර්ශනයකර විභාග සටහන් ඇතුළත්කොට ඇත.

මේ අනතුර බත්තරමුල්ල දෙස සිට බොරැල්ල දෙසට ධාවනය වූ KP 7545 දරන රථය ජයවර්ධනපුර මාර්ගයේ ජනාධිපති විද්‍යාල හන්දිය අසලදී සරණ මාවතට මාර්ගයේ දකුණට හරවා යාමේදී බොරැල්ල දෙස සිට බත්තරමුල්ල දෙසට ධාවනය වූ BAJ 2011 දරණ යතුරු පැදිය ජීප් රථයේ වම් පස දකුණු රෝදයට පිටුපස ගැටීමෙන් පැදිකරු හා පසුපැදිකරු තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

 මෙම මාර්ගයේ එක් දෙසකට මංතීරු තුනකින් කාපට් කරන ලද ලිස්සන සුළු නොමැති මාර්ගය මැද දූපතකින් යුක්ත, මාර්ගය මැද දූපතේ විදුලි පහන් ආලෝකයෙන් මාර්ගය ඉතා පැහැදිළිව දර්ශනය වෙන, ඉදිරි මීටර් 100 ට වඩා පැහැදිළිව පෙනෙන, අකාරයට පැවතී ඇති අතර අනතුරු සිදුවන වේලාව අනුව වාහන තදබදයක් නොමැති අවස්ථාවකි.

 ප්‍රධාන මාර්ගයේ පැමිණි ජීප් රථය දකුණට හරවා එම පැත්තේ තුන්වන මංතීරුව පසුකර යන අවස්ථාවේ බොරැල්ල දෙස සිට පැමිණි යතුරුපැදිය ජීප් රථයේ වම්පස පසුපස රෝදයට පිටුපසින් යතුරු පැදියේ පැදිකරු වන සංදීප් සම්පත් මේ වන විට තුවාල ලබා ප්‍රකාශයක් ලබාගැනීමට නොහැකිව සිටී.

 අනතුරට පත් ජීප් රථයේ රියදුරු අනතුරෙන් පසුව ජීප්රථය එම ස්ථානයෙන් ඉවත්කර රථයද සමඟ බොරැල්ල පොලිස් ස්ථානයට ගොස් බාරවී ඇත.

 එම ස්ථානයේ රියදුරු එම්. දිලුම් තුසිත කුමාර යන අය අත්අඩංගුවට ගෙන අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර රියදුරු බීමත්ව නොමැති බව සනාථ කර ඇත. රිය අනතුරක් කර දෙදෙනෙකුට තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත.

''කිහිප දෙනෙක් ගොතපු කතාවක්'' 

මෙම සිදුවීම් ඒ කාලෙ එක්තරා මාධ්‍ය ආයතනයක හිමිකරුවෙක් හා වර්තමාන රජයේ ප්‍රධාන දේශපාලඥයෙක් මේ වටා විශාල කතාවක් ගෙතුව. ඒක තමයි මගේ නිල රථය විසින් ඒ කාලෙ තරුණයෙක් යටකොට පළා ගියා කියල. මේ සම්බන්ධයෙන් පරීක්ෂණ කරපු සියලු දෙනාමත් දන්නව, ඒ වගේම මේ ගැන රස පරීක්ෂක වාර්ථාවකුත් ගත්ත.

 ඉන් ඉතාම පැහැදිලි වුණා රථයේ පිටුපස වදින්නෙ, තුන්වන මංතීරුව පසුකරගෙන සරණ මාවතට හරවල යනකොට වාහනේ පිටුපස්සෙ ඇවිල්ල තමයි මේ අධිවේගී යතුරු පැදිය (1000 CC ට වැඩි)  හැප්පෙන්නෙ, ඒ නිසා කිසියම් ආකාරයකට චේතාන්විතව මෙම වාහනයෙන් යතුරුපැදිකරුවෙක් යටකොට පලාගියේ නැති බව පැහැදිළියි. ඒ බව රස පරීක්ෂක වාර්තාවෙ ඉතාමත්ම පැහැදිළිව සඳහන් වෙනව.

 මේ සම්බන්ධයෙන් එදින රාත්‍රී 12.30 ට පමණ රාජගිරිය පොලීසියට මොහොමඩ් උවයිස් සිද්ධික් සහ ගයාශාන් විදුර පැහැදිළිව සාක්ෂි සටහන් දීල තියෙනව. හැබැයි දවස් 06 කට පස්සෙ  මේ සියලු කතා වෙනස් කරල දිව්රුම් ප්‍රකාශ මගින් අධිකරණයට ඉදිරිපත් වෙනව. එහිදී ඔවුන් කියනව මේ රථය පැදෙව්වෙ රියදුරා නෙමෙයි පාඨලී චම්පික රණවක වන මමයි කියල.

ඒ අනුව විනිශ්චයකාරවරයා නඩුවාර ගණනාවක් කැඳවා විවිධාකාරයේ නියෝග ලබාදුන්නා.  අද ජාතික පුවත්පතක් මේ සම්බන්ධව වාර්තා කරල තියෙනව. ඒක එක්තරා ආකාරයකට පාර්ශවීය සටහන් කිරීමක්. මොරටුව විශ්වවිද්‍යාලය  විසින් CCTV දර්ශන පරීක්ෂා කළ බවත්, ජංගම දුරකථන වාර්තා විමර්ශනය කිරීමෙන් ඊට මා කිසිදු ආකාරයකට සම්බන්ධයක් නොමැති බවට අනාවරණය වූ බවත්, ඒ අනුව මාගේ සම්බන්ධයක් නොමැති හෙයින් මා නඩුවෙන් ඉවත් කළ බවත්, අවසානයේ රියදුරාට දඩයක් පනවා නඩුව හමාර කළ බවද එහි සඳහන් කර නෑ.

මෙමඟින් ඉතාමත්ම බරපතල විදියට ජනතාව නොමඟ යවන ආකාරයට තමයි ඉදිරිපත් කරල තියෙන්නෙ. දේශපාලනමය වශයෙන් මාධ්‍ය හරහා කූට නාටක රඟ දක්වා බලය ලබාගත්ත පිරිස හදනවා අපිවත් දේශපාලන වශයෙන් විනාශ කරන්න මේ අකාරයට.''

රාජගිරියේ අනතුර ගැන යළි විමර්ශනය කරන්නැයි ඉල්ලීම්

මේ අතර රාජගිරියේ සිදු වූ අනතුර සම්බන්ධයෙන් යළිත් පූර්ණ විමර්ශනයක් සිදුකළ යුතු බවට ඊයේ (15) දිනයේ ද ආණ්ඩුවට හිතවත් පාර්ශව රැසක් අවධාරණය කළේය.

 පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියන් පැවසුවේ අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියා කළ පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් ද සොයාබැලිය යුතු බවයි.

හඬපටය 

මේ, සත්‍ය ගවේෂකයෝ සංවිධානයේ කැඳවුම්කරු නීතීඥ ප්‍රේමනාත් සී දොළවත්ත.

හඬපටය 

මෙම රිය අනතුර සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට සහ ඔහුගේ රියදුරාට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා විදෙස් ගමන් තහනමක් ද පනවනු ලැබිය.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී තමන් ජාතික පොලිස් කොමිසම හමුවේ කරුණු දැක්වීමක් සිදු කරන බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක පෙරේදා පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.

සබැඳි පුවත් :
''ජාතික නායකයෙක් ලෙස මතුවෙමින් සිටින්නේ චම්පික'' - කලම්බු ටෙලිග්‍රාෆ් කර්තෘ (VIDEO)

චම්පිකට එරෙහිව මෙහෙයුම් ඇරඹේ : 2016 රිය අනතුරු නඩුව නැවත කරළියට (VIDEO)

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්