ජාත්‍යන්තර විශ්ව විද්‍යාල මෙරට ගෙනඒමට සහය ලබාදෙන බව සමගි ජන බලවේගය මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පවසයි.



''පෞද්ගලික අධ්‍යාපනය ගේන්න ඕන. ඒක ලෝකෙ හොඳ වෙළඳ පොළක්. ගේන්න අපි අත් දෙකම උස්සලා සහයෝගය දෙන්නම්. මොනාච් විශ්ව විද්‍යාලය ගෙනාපු වෙලාවේ කවුද එළෙව්වේ? අද ඩොලර් බිලියන තුනක් අවුරුද්දකට එළියට යනවා විදේශ අධ්‍යාපනය වෙනුවෙන් ඉහළම ධනපතියන්ගේ දරුවන්ට. එතකොට ඒ ඩොලර් යන එක නතර වෙනවා. ඒ වගේම මෙඩිකල් ටුවරිසම් ගෙන්න වැඩපිළිවෙලක් හදන්න. එහෙම ආදායම් වැඩි කරගන්න ඕන.'' යයි මන්ත්‍රීවරයා එබව සඳහන් කළේ, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලැබුණු විස්තීර්ණ මුල්‍ය පහසුකම ගැන ජනාධිපති වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී ඊයේ සිදුකළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් වන විවාදයට අද (23) එක් වෙමිනි.

තාත්තා බූරුවා ගසා පරාද වී ළමයින්ට කෑම නැති මොහොතක මව නිවෙස උකස් කොට කෑම රැගෙන ආ අවස්ථාවේදී ළමයි සතුටට රතිඤ්ඤා පත්තු කළා හා සමාන සිදුවීමක් අද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම තුළද සිදුව ඇති බව ඔහු කියා සිටියේය.

එමෙන්ම එදා ජනාධිපතිවරයා මහින්දලාට ‘කව්ද හොරා’ කියමින් කෑ ගැසූ බවත්, එදා අගමැති දිනේෂ් ගුණවර්ධන රනිල්ට ‘මහබැංකු හොරා’ යනුවෙන් කෑ ගැසූ බවත් පැවසු මරික්කාර් මන්ත්‍රීවරයා.  ‌අද ඒ දොගොල්ලම එකතු වී සිටින බවද සඳහන් කළේය.

හෙතෙම වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.



'' දැන් මං ජනාධිපතිතුමාට විශේෂ ස්තූතිය පුද කරන්න කැමතියි, දැන් පහුගිය කාලේ ආර්ථිකය බංකොලොත් වෙන්න කලින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න කියලා අපි කියද්දී, අපිට බැනලා, අපි යන්න ඕනෙ නෑ කියලා, මේක අපේ රට අපිට ඕන විදිහට කරනවා කියලා, උන්මන්තක තකතීරු තීරණ අරගෙන රට බංකොලොත් වෙන්න ඉඩ හැරලා ඒ අය , එවැනි අයම දැන් ජනාධිපතිතුමා IMF ගියාට පස්සේ ඒගොල්ලො මහ බැංකු හොරා කියපු ජනාධිපතිතුමාවම දැන් ප්‍රශස්ති ගායනා කරන තැනට  පත්කරපු එකත්, IMF එක වර්ණනා කරන තැනට පත් කිරීම පිළිබඳව මම ජනාධිපතිතුමාට අපේ හිටපු නායකයා හැටියට මම එතුමාට ස්තූතිවන්ත වෙනවා. ''



මොකද එතුමා අමුතු දෙයක් කරලා නෑ. අපි බලමු  මොකද වෙලා තියෙන්නෙ කියලා. අපි බලන්න ඕන මේ ණය අර ගත්තහම මොකද්ද වෙන්නේ? ඊළඟට මේ ණය ගහන තැනට පත් වුණේ කොහොමද කියලා? දැන් මේ ණය ගත්තු තැනට පත් වෙච්ච එක මම දකින්නේ තාත්තා බූරුවා ගහලා ළමයින්ට කන්න නැති උනහම අම්මා බැංකුවට ගිහිල්ලා ගේ උගස් කරන්න ලෝන් එකක් ඇප්ලයි කරනවා. ඒ ලෝන් එක බැංකුවේ  අනුමත කලහම ළමයි රතිඤ්ඤා දානවා. ඒ වගේ සීන් එකක් තමයි දැන් වෙලා තියෙන්නේ. ඉස්සර ගෝඨාභය නයා පෙන්නලා කරපු දේ තමයි දැන් රනිල් වික්‍රමසිංහ මහත්තයා ණය පෙන්වලා කරන්නේ. එයා නයා පෙන්නනකොට කිරිබත් කාපු කට්ටියම තමයි මෙයා ණය පෙන්නනකොට රතිඤ්ඤා දාන්නෙ . ඒ නිසා මේ සම්බන්ධව පුළුල් විග්‍රහයක් අවශ්‍යයි.

kjfbdf

මේ ණය ගැනීමෙන් එකක් වෙනවා. දැන් ජනාධිපතිතුමා කියනවා, ආණ්ඩුවේ  කට්ටිය කියනවා බංකොලොත් භාවයෙන් මිදිලා ලු. බංකොලොත්භාවයට පත් වෙනවාද නැද්ද කියන එක තීරණය කරන්නෙ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නෙමෙයි. හැබැයි බංකොලොත් භාවයෙන් අපි මිදෙනවා. ජාත්‍යන්තර ratings ආයතන අපිව මුදවන්න ඕන. ඒකට පළමු අදියරක් මේක .අන්න ඒ වාසිය තියෙනවා .



'' අපි බලන්න ඕන අපි මෙතනට පත්වුණේ ඇයි ? මෙතෙක් ඩොලර් බිලියන 53 ක පමණ ණයක් අරගෙන ඒ ණය ගෙවීමේ හැකියාව නැතිවෙලා, ආදායම් මාර්ග අඩුවෙලා ඒ නිසානේ වුණේ . දැන් මේ ඩොලර් බිලියන තුනත් එක්ක  තව හතක් ගන්න ප්ලෑන් කරලා තියෙනවලු. එතකොට ඩොලර් බිලියන 53,  61ක් විතර වැඩි වෙන එක වෙන්නේ. එතකොට අනාගතයේ නැවත මෙවැනි අර්බුදයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා.''


 දැන් මේ ණය හම්බවුනේ ඇයි? විශේෂ හේතුවක් හින්දා නෙමෙයි. මේක හම්බ උනේ ලයිට් බිල් වැඩි කරල, සමාගම් බදු වැඩි කරලා, payee tax වැඩිකරලා, තෙල් මිල වැඩි කරලා බඩු මිල වැඩි කරලා, සමාජයේ පල්ලෙහා මිනිස්සුන්ගේ රීරි මාංශ උරා බීලා, රාජ්‍ය ආදායම වැඩි කරලා පෙන්නලා. එහෙම නැතුව තියෙන ආදායම් මාර්ග ශක්තිමත් කරලා හෝ අලුත් ආදායම් මාර්ග ඇති කරලා හෝ නෙමෙයි, මේක හම්බ උනේ. එතකොට ගෙවීමේ හැකියාව පෙන්නුවේ බදු ගහලා බඩු මිල වැඩි කරලා, ලයිට් බිල වැඩි කරලා. අන්න ඒ නිසා තමයි අපි ජනාධිපතිතුමාට කියන්නේ ණය පෙන්නන්න මොකක් හරි පාරකට ගන්න මේ සමාජයේ පල්ලෙහා ම මට්ටමේ මිනිස්සු වෘත්තිකයෝ කැප කිරීමක් කරලා තියෙනවා කියන එක. ඒ නිසා දැන්වත් සමාජ ආරක්ෂණ දැල හරහා ඔවුන්ට යම් සහනයක් ලබා දෙන්න.

දැන් මම කොළඹ නගරයේ ත් කොළොන්නාවේත් අඩු ආදායම්ලාභී ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරයා හැටියට මම දකිනවා ඒ මිනිස්සු විඳින දුක. අගමැති තුමා කොළඹ දිස්ත්‍රික්කයේ වුණාට අපිට පේනවා මැද කොළඹ උතුරු කොළඹ, බටහිර කොළඹ නැගෙනහිර කොළඹ බොරැල්ලේ, නාගරික වතු නිවාස වල තුන්වන හොඳට කාපු ජනතාව අද දෙවේලක් කන්නේ ලෙවකාලා. සමහර අය එක වේලයි කන්නේ. ඒගොල්ලොන්ගෙ ළමයින්ට ස්කූල් බෑග් එකක් අරන් දෙන්න විදියක් නැහැ. සපත්තු කුට්ටමක් අරන් දෙන්න බැහැ.දැන් වැඩි කරපු කර න් බෙලෙන් රුපියල් 1000/- ආපු ගෙවල්වලට රුපියල් හාරදාහක් විතර ඇවිල්ලා තියෙනවා. ඒ නිසා අවම වශයෙන් සමාජ ආරක්ෂණ දැල හරහා ඒකක 30 සහ 60 දක්වා කට්ටියට යම්කිසි සහනයක් ලබාදීමට කටයුතු කරන්න. දැන් ආරම්භ කරන්න ඒක.



'' රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුයි කියලා පොහොට්ටුවේ කට්ටිය කියන තැනට පත් වීම ගැන මම ඉතා ආඩම්බර වෙනවා. අපේ හිටපු ජනාධිපතිතුමා මහින්ද රාජපක්ෂ මහත්මයා මට මතකයි 2018දී කිව්වා විකුණන ඒවා ඔක්කොම අපි ආවහම ගන්නවා කියලා කිව්වා. ඒ පොහොට්ටු අයම, රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියන තැනට පත් කිරීම ගැන මම රනිල් වික්‍රමසිංහ මහත්මයාට නැවතත් ස්තූතිවන්ත වෙනවා.''



මොකද එතුමා අපේ කඳවුරේ හිටියනම් මේක ජීවිතේට කරන්න වෙන්නේ නෑ. මේක කරන්න දෙන්නෙත් නැහැ ඒ පැත්තෙ ඉන්න කට්ටිය. ඒ නිසා පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් අපි එකඟයි. ඔන්න අපේ සහයෝගය. හැබැයි ඒකාධිපතිවාදයට අපි විරුද්ධයි. අන්න අපි සහයෝගය දෙන්නේ නැහැ. නැතුව සහයෝගය දෙනුව කියන්නේ ඇවිල්ලා ඇමතිකමක් ගන්න එක නෙමෙයි. මටත් ජනාධිපතිතුමා කතා කළා. ඒක නෙමෙයි විය යුත්තේ.

මේකේ ප්‍රධාන කොන්දේසි දහයක් තියෙනවා. එකඟ විය හැකි දේවල් වලට අපි එකඟ වෙනවා. එතකොට ප්‍රතිව්‍යුහගත කරන්න දාල තියෙන්නෙ මොනවද? ටෙලිකොම් එකයි ලංකා හොස්පිටල් එකයි. දෙකම ලාභ ලබන ආයතන. වෙන්න ඕනේ අපේ රටේ ආර්ථිකය සහ කලාපයේ ආර්ථිකය මේ මොහොතේ තිබෙන තත්ත්වය අනුව මේ වගේ වෙලාවක ඔය වගේ ආයතන විකිණීම හරහා නියමිත මුදල හම්බ වෙනවද තක්සේරු මුදල හම්බවෙනවද ? කියල බලන්න. අපි දන්නවා අපි වගේ රටකට එකපාරට පාඩු ලබන ආයතන විකුණන්න බැහැ. සිංගප්පූරුවේ ක්‍රමය ගේන්න . ,50% වැඩි shares අපිට තියාගෙන, පුද්ගලික අංශයට ආරාධනා කරලා, සියලු රජයේ සමාගම් ඒ කොම්පැනි යටතට පත් කරලා, රජය රෙගුකරන්න ඕන කියන එක ප්‍රතිපත්තීන් වශයෙන් අපි ඉන්නවා.



'' දැන් අගමැතිතුමා ඔබ ඉස්කෝලේ යන කාලේ ජනාධිපතිතුමාත් එක්ක එක පන්තියෙ හිටිය. ඊට පස්සේ එතුමත් එක්ක හිටියේ නැහැ. හැබැයි අපි අවුරුදු විසි ගණනක් හිටියා. අපි එතුමාගේ සෙල්ලම දන්නවා. දැනටමත් කට්ටිය සෙට් වෙලා ඇති. මේ ආයතනය ඔයාට, මේක ඔයාට. ඉස්සර අරලියගහ මන්දිරයේ කිචන් කැබිනට් එකේ වෙච්ච දේවල් දැන් ජනාධිපති මන්දිරයේ වෙනවා. ජනාධිපතිතුමා කිව්වා හොරු අල්ලන්න එක්සත් ජාතීන්ගේ රාමුවට සමකාලීන නීති  2024 දී ගේන්නම්ලු. ඇයි අද ගේන්න බැරි අපි අත් දෙකම උස්සන්නම්. ඒක වෙන්නේ නැහැ ජනාධිපතිතුමාගේ බොරුවක්. ''



අර අතන අගමැති  පුටුවේ ඉඳගෙන එතුමා කිව්වා "කව්ද හොරා කවුද හොරා" කියලා. අපේ කට්ටිය කිව්වා "මහින්ද හොරා මහින්ද හොරා " කියලා. සමාවෙන්න මම ඔබතුමාට අපහාස කරනවා නෙවෙයි. එතුමා එහෙමයි කලේ. නඩු දැම්මේ නැහැ. උසාවි තුනක් දානවා කිව්වා වේගවත් කරනවා කිව්වා මේ ඔක්කොම බොරු. මහින්ද මහත්තයා නං හොඳටම දන්නවා. හැබැයි පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු තාම දන්නේ නෑ රනිල් වික්‍රමසිංහ කියන්නේ කවුද කියලා. ඒ නිසා අපි හුරේ දාන අයටයි අප්පුඩි ගහන අයටයි ඩීල් දාන අයටයි දීලා පොඩ්ඩක් බලාගෙන ඉන්නවා. මැයි මාසේ අග හරිය වෙනකොට මොකද වෙන්නේ කියලා.

මොකද අප්‍රේල් අග වෙද්දී අග වෙද්දී රනිල් වික්‍රමසිංහ මහත්මයා පෙන්නන්න ඕන ණය ප්‍රතිව්‍යුහගත කරලා. දැන් අවුරුදු  එකහමාරක් ණය ගෙවල නැහැ. ලබන මාසෙන් පස්සේ ණය ගෙවන්න වෙනවා. Reschedule  කරන්න වෙනවා. අලුතෙන් ණය ගෙවන්න වෙනවා. අලුත් ආදායම් හදන්න මොකද අලුතින්  අධ්‍යාපන වෙළඳපොළට ඇතුළත් වෙනවද? අධ්‍යාපන ඇමති තුමා මම නම් අපි යෝජනා කරන්නේ, මේ මූලාසන ඉන්නෙ ජාතික ජනබලවේගයේ මන්ත්‍රීතුමියක්, මම නම් කියන්නේ පෞද්ගලික අධ්‍යාපනය ගේන්න ඕන. ඒක ලෝකෙ හොඳ වෙළඳ පොළක්. ගේන්න අපි අත් දෙකම උස්සලා සහයෝගය දෙන්නම්. මොනාච් විශ්ව විද්‍යාලය ගෙනාපු වෙලාවේ කවුද එළෙව්වේ? අද ඩොලර් බිලියන තුනක් අවුරුද්දකට එළියට යනවා විදේශ අධ්‍යාපනය වෙනුවෙන් ඉහළම ධනපතියන්ගේ දරුවන්ට. එතකොට ඒ ඩොලර් යන එක නතර වෙනවා. ඒ වගේම මෙඩිකල් ටුවරිසම්. දැන් මාලදිවයිනේ තවදුරටත් හොස්පිට්ල් හදන්න බැහැ. එහෙම ආදායම් වැඩි කරගන්න ඕන.''

 

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්