ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ සහ මොරටුව නගර සභාවේ හිටපු නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු අතර සිදුව ඇතැයි කියන බහින්බස්වීමකට අදාල හඬපටයක් මේවනවිට සමාජ මාධ්‍ය

ඔස්සේ සංසරණය වෙමින් තිබේ.

ඊයේ (23) නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේ පැවති සාකච්ඡාවක් අතරතුර බැසිල් රාජපක්ෂ සහ සමන් ලාල් ප්‍රනාන්දු අතර සිදුවූ බහින්බස් වීමකට අදාල දෙබස් එම හඬපටයේ දැක්වේ.

අරගල සමයේදී ගෙවල් ගිනි තැබීම සහ පොදු දේපළ හානි කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මොරටුවෙ හිටපු නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු  හට බැසිල් රාජපක්ෂ විසින් දැඩි දෝෂාරෝපණයක් එල්ල කරන ආකාරය එම හඬපටයෙන් ප්‍රකාශ වේ.

කෙසේවුවද දේශපාලන ආරංචිමාර්ග පවසන්නේ නෙලුම් මාවත පොහොට්ටු කාර්යාලයෙන් ම සැලසුම් සහගත ලෙස එම හඬපටය අන්තර්ජාලයට මුදාහැර ඇත්තේ බැසිල් රාජපක්ෂ ගේ උපදෙස් මත බවයි.

ඉදිරි මැතිවරණ කටයුතු හා මැයි දිනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම් රැස්වීමක් ඊයේ එම පක්ෂ කාර්යාලයේදී පැවැත්විණ.

බැසිල් රාජපක්ෂ සිය ඇමරිකානු පුරවැසිභාවය ඉවත්කර ගනිමින් යළි පාර්ලිමේන්තුවට පැමිණීමට අදහස් කර සිටින බව එම පක්ෂයේ අභ්‍යන්තර ආරංචිමාර්ග වලින් වාර්තාවේ. 

 

Samalala 2023

336903907 212581224714423 426067709541668878 n

FB Post 2023.03.24

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්