ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 27 වන සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ කෞෂල්‍ය නවරත්න අද (25) සිය ධුරයේ වැඩ ආරම්භ කළේය.



පක්ෂ දේශපාලනයෙන් බැහැරව ස්වාධීනව නීතිඥ සංගමයේ ඉදිරි කටයුතු කරගෙන යාමට පියවර ගන්නා බව පැවසු නව සභාපතිවරයා, අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් වන්නේනම් ඒ පිළිබඳව නොබියව කඩිනම් ක්‍රියාමාර්ග ගන්නා බව අවධාරනය කළේය.

ඔහු මේ අදහස් පළ කළේ, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ, 2023-2024 වසර සඳහා නව සභාපති ධුරයේ වැඩ කටයුතු නිල වශයෙන් අරඹමිනි.

කොළඹ, බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මෙම උත්සවය පැවැත්වුණේ, අගවිනිසුරු ජයන්ත ජයසූරිය ගේ ප්‍රධානත්වයෙනි.

මෙම අවස්ථාවට නීතිපති සංජය රාජරත්නම්, නීතිඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයින් පිරිසක් එක්ව සිටියහ.

නීතිඥ කෞෂල්‍ය නවරත්න ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙසත්, නීතිඥ ඉසුරු බාලපටබැඳි එම සංගමයේ ලේකම් ලෙසත් 2023-2024 වසර සදහා තේරී පත් වුණේ පසුගිය ජනවාරි මස පැවති නිලවරණයේදී නිතරගයෙනි.

මේ අතර නීතිඥ සංගමයේ විධායක කමිටු සාමාජිකයින් 13දෙනෙකු තෝරා පත්කරගැනීම සඳහා වන නිලවරණය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී අද උදෑසන පැවැත්වුණි.

අනතුරුව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ 49 වැනි සමුළුව ආරම්භ වූයේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙනි.


සාලිය පිරිස් දුන් නායකත්වය අගයමින් විශේෂ සමරු තිළිණයන්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධූරයෙන් අද (25) ඉවත්ව යන ජනාධිපති නීතිඥ සාලිය පීරිස් ට මෙහිදී විශේෂ සමරු තිළිණයන් ප්‍රදානය කෙරුණේ අගවිනිසුරුවරයා විසිනි.

ජනාධිපති නීතිඥ සාලිය පිරිස් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ධුරයට පත්වුයේ 2021 පෙබරවාරි 24 වැනිදා පැවති නිලවරණයෙන් වැඩිම ඡන්ද සංඛ්‍යාවක් ලබාගනිමින් වන අතර ඒ නීතිඥ සංගමයේ 26 වැනි සභාපතිවරයා ලෙසයි.

වසර 2 ක ඔහුගේ ධුර කාලය මෙරට නීති ක්ෂේත්‍රයට පෙර නොවු විරු අභියෝගාත්මක කාලයක් වූ අතර රටේ ජනතාවගේ අයිතීන් ආරක්ෂා කිරීමට නීතිඥ ප්‍රජාවට නායකත්වය දෙමින් ඒ අභියෝගාත්මක කාලය තුළ සාලිය පිරිස් දුන් නායකත්වය ප්‍රශංසනීය වේ.
 

 
සබැඳි පුවත් :

'හරක් කටා' වෙනුවෙන් පෙනීසිටින්නේ ඇයි ? - සාලිය පීරීස් ගෙන් විශේෂ ප්‍රකාශයක් (වීඩියෝ)

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්