පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වී ඇති රාජ්‍ය නිලධාරින්ගේ

මුලික වැටුප ගෙවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර සඳහන් කළේ, මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස රාජ්‍ය නිලධාරින් 3,000 කට ආසන්න පිරිසක් ඉදිරිපත්ව සිටින බවයි.

මැතිවරණ කොමිසමේ නිර්දේශයක් මත පදනම්ව මෙම මුලික වැටුප ලබා දීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.

රාජකාරි නිවාඩු ලබමින් පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වී සිටින රජයේ සේවයකින්,  මැතිවරණ පවත්වන දිනය දවසින් දවස කල් දැමීමේ තත්වය තුළ බරපතල ආර්ථික අර්බුදයකට මුහුණදී සිටින බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවසිය. රාජකාරි නිවාඩු ලබාගෙන සිටින ඔවුනට මාසික වැටුප් හා වෙනත් කිසිඳු දීමනාවක් හිමි නොවේ.

 

 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය