ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව ආණ්ඩුවට එක්වූ සහ ස්වාධීන වූ මැති ඇමැති පිරිස නැවත පක්ෂයට එක්වීම සඳහා එම පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ සාකච්ඡා අරඹා ඇතැයි වාර්තා වෙයි.



මේ සඳහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රමුඛ කණ්ඩායමක් සහභාගි වී ඇති අතර එහිදී යම් යම් එකඟතාවලට පැමිණ ඇතැයිද සඳහන් වේ.

මේ පිළිබඳව ශ්‍රීලනිප මහලේකම් දයාසිරි ජයසේකර ගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කර සිටියේ, එවැනි සාකච්ඡා සිදුවන බවත් එය සිදුවිය යුතු දෙයක් බවත්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැකසීම සඳහා පක්ෂය එකඟව තිබියදී ඊට පිටින් ගොස් එම පිරිස ආණ්ඩුවට සහාය ලබාදුන්නද ඔවුන් නැවත පැමිණීම ගැන තමන්ට කිසිදු අකැමැත්තක් නොමැති බවත් ඒ අය සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

(deshaya.lk)

 

JW


logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය