කටාර් රාජ්‍යයේ, බින් ඩර්හැම් හි අල් මන්සූරා ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැඟිල්ලක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්වී තිබේ.



මෙම ගොඩනැඟිල්ල කඩාවැටීම ඉකුත් දා (23) පෙ.ව 8.30ට පමණ සිදුවී තිබෙන අතර එහිදී එක් ශ්‍රී ලාංකිකයකු මිය ගොස් තවත් අයකු අතුරුදන් ව තිබිණි. පසුව (26) දින විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ප්‍රකාශකයකු කියා සිටියේ අනෙක් අයද මියගොස් ඇති බවය.

මෙසේ මිය ගොස් ඇත්තේ නිශ්ශංක සිල්වා (56) සහ අබ්දුල් රසාක් ජමීල් (60) යන දෙදෙනාය. මිය ගිය ජමිල්ගේ පුත්‍රයාද කටාර්හි සේවය කරමින් සිටියි.

මෙම පුද්ගලයන් කටාර්හි සේවයට ගොස් එම ගොඩනැඟිල්ලේ නවාතැන් ගෙන සිට ඇත.

අනතුර පිළිබඳ වැඩිදුර කරුණු සොයා බැලීම සඳහා කටාර් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ නිලධාරීන් මේ වන විටත් එම ප්‍රදේශයට පිටත්ව ගොස් තිබේ.

කඩා වැටුණු ගොඩනැඟිල්ලේ සුන්බුන් අතරින් පවුල් දොළහකට අයත් සාමාජිකයන් බේරා ගැනීමට ගලවාගැනීමේ කණ්ඩායම් සමත්වී තිබෙන අතර, තුවාලකරුවන් නව දෙනකු මේ වන විට කටාර් හි හමාද් මහ රෝහලේ ප්‍රතිකාර ලබන බව තානාපති කාර්යාල ආරංචි මාර්ග පවසයි.

කටාර් රාජ්‍යයේ විදේශ ශ්‍රමිකයන් වැඩි පිරිසක් සේවය කරන අතර, මේ වසරේ දී ශ්‍රී ලාංකිකයන් 13,042 දෙනකු කටාර්හි රැකියා සඳහා පිටව ගොස් ඇත. ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයන් පිරිසක් මේ වන විට කටාර්හි රැකියාවල නිරත වේ.

(dinamina.lk)


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්