පවතින 'සිස්ටම්' එක වෙනස් විය යුතු බව එකහෙලා පිළිගන්නා බවත්, එවැනි 'සිස්ටම්' වෙනසක් වෙනුවෙන් තමා ද පෙනී හිටිය කෙනෙකු බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.



අරගලය පිළිබඳ ගැටලුවක් නැතත් අරගලකරුවන් සම්බන්ධයෙන් ගැටලු පවතින බව ඔහු කියා සිටියි. තමන්ගේ අහිංසක පාක්ෂිකයා ගෝල්ෆේස් එකට ගහන්න ගියා යයි තමන් විශ්වාස නොකරන බව ද ඔහු පවසයි.

“අරගලය එක්ක අපිට ප්‍රශ්නයක් නැහැ. අරගලකරුවා එක්ක තමයි අපට ප්‍රශ්නයක් තියෙන්නේ'' යයි ද ඔහු පැවසිය.

මන්ත්‍රීවරයා එසේ පැවසුවේ ඊයේ (26) බණ්ඩාරගම ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමබන්ධිකරන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.

මෙම උත්සව අවස්ථාව සඳහා කළුතර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කණ්ඩායම් නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන, අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ, අනූප පැස්කුවල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී වරුන් වන සාගර කාරියවසම්, සංජීව එදිරිමාන්න සහ ලලිත් වර්ණකුමාර ද බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති දේවේන්ද පෙරේරා, මිල්ලනිය ප්‍රාදේශීය හිටපු සභාපති සංජීව කුලතිලක එක්ව සිටියේය.

මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා මෙසේද පැවසීය.

“අද බොහෝ අය උත්සාහ කරනවා. මේ පොහොට්ටුවේ පාක්ෂිකයා බය කරලා නවත්ත ගන්න. මැයි නව වැනිදා නෙවෙයි, අප්‍රේල් මාසෙ ඉඳලා ගෙවල්වලට ගහන්න පටන් ගත්තා. මම විශ්වාස කරන්නේ නෑ අපේ අහිංසක පාක්ෂිකයො ගෝල්පේස් එකට ගහන්න ගියා කියලා. ඒගොල්ලො ආවේ මහින්ද රාජපක්ෂ මහත්තයා මුණ ගැහෙන්න.

 

අවංකවම මේ සිස්ටම් එකේ වෙනසක් වෙන්නත් ඕනේ. අපි ඒක පිළිගන්නවා. ඒ සිස්ටම් එක වෙනුවෙන් පෙනී සිටින කෙනෙක් මම. හැබැයි අරගලකරුවා දන්නේ නැතිනම් තමන්ගේ අවසන් ඉලක්කය මොකක්ද කියලා. අරගලය මුවාවෙන් යමෙක් දේශපාලන බලවේගයක් ගොඩනගන්න උත්සහ කරනවා නම් ඒ පිළිබඳව අරගලකරුවාට අවබෝධයක් නැතිනම් බලවේගයක එක ඉත්තෙක් බවට අපේ අරගලය කරන දරුවෝ පත් වෙනවා නම් ඒ පිළිබඳව අපිට ප්‍රශ්නයක් තියෙනවා”

 

අපි අරගලකරුවන්ටත් ආරාධනා කරනවා අලුත් දේශපාලන ගමනක් යන්න. අපි රට ගැන හිතන්න ඕන. අරගල කරනවා කියලා තමන් වැඩ කරන ආයතනයට පාඩු කරලා, ඒ පාඩුව පිළිබඳ මා මහා උජාරුවෙන් ආණ්ඩුවට දැනුණා මම වැඩ කරන ආයතනය පාඩු ලැබුවා කියන එක අරගලයක් නොවෙයි. රටට එන සංචාරකයන් එන එක වළක්වලා, වැළැක්වීමෙන් අරගලය ජයග්‍රහණයක් කියන එක වැරදියි. අපි අරගල කරමු මේ සිස්ටම් එක ඇතුළේ. අනාගත පරම්පරාවට මේ රට දියුණු රටක් බවට පත් කරන්න ක්‍රමවේදය වෙනස් කරමු.“



'' ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා කරපු එක බරපතල වරදක් '' - ඇමැති පවිත්‍රා


මෙහිදී අදහස් දැක්වූ වනජීවී ඇමැති පවිත්‍රා වන්නිආරච්චි මෙසේ පැවසුවාය.
 
 
“අපිට එක තැනක් වැරදුණා. මම ඒක එදත් කිව්වා. ඒ තමයි දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම. ඒ වැරැද්දෙන් පස්සේ අපි පක්ෂය ඇතුළේ ස්වයං විවේචනයකට ගිහිල්ලා, ඒ වෙච්ච වැරැද්ද කවදාවත් කරන්නේ කරන්නෙ නෑ කියන තීන්දුවකට අපි ආවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැටියට අපි සතුටු වෙනවා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කරපු එක ගැන. පෝලිම් ටික නැතිවෙලා. විදුලිය කපන්නේ නෑ. බඩු මිල අඩු වෙනවා. අද රට යම් ස්ථාවර භාවයකට එනවා.“ - ඇමැති පවිත්‍රා වන්නිආරච්චි
 
 
 
'' ජවිපෙ මිනිස්සු කොච්චර හොඳ වෙලාද?'' - රෝහිත


කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන උත්සව සභාව අමතමින් මෙසේ පැවසිය.

 “මැරිච්ච වයිමන් මහතාට නිවන් සුව ලැබේවා, ජනතා විමුක්ති පෙරමුණ මාලිමාවේ ලාංඡනය දාලා බැනර් එකක් ගහලා, ඉතින් බලන්නකෝ මේ මිනිස්සු කොච්චර හොඳ වෙලාද! ඉස්සර කොහොමද ගැහුවෙ? තොපිට මරණය. මෙහෙම අයියලා තමයි අද අපිට වැදි බණ කියන්නෙ!“

මේ අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයෝ සහ පාක්ෂිකයෝ විශාල පිරිසක් සහභාගි වූහ.




namal 1namal 2namal 3namal 4


නාමල් බේරුවලටත් යයි


මේ අතර බේරුවල ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කාන්තා සම්මේලනය රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ගේ සංවිධානයෙන් ඊයේ (26) දින අළුත්ගමදී සිදු කෙරිණි.

එම රැස්වීමේ ද ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වුයේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාය.

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියල් නිශාන්ත, ඉන්දික අනුරුද්ධ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මර්ජාන් ෆලීල් මැතිතුමන් ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් සහභාගීවී සිටියේය.


namal 8
namal 7
 

 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්