පොලිස්පති චන්දන වික්‍රමරත්න ගේ සේවා කාලය ඊයේ (26) දිනයෙන් අවසන් වූ අතර මෙතෙක් ඒ සඳහා කිසිවකු පත්කර නොමැත.



ජනාධිපතිවරයා විසින් චන්දන වික්‍රමරත්න ට තවදුරටත් මාස තුනක සේවා දිගුවක් ලබාදී ඇති බවට ආණ්ඩුවේ මාධ්‍ය පවා වාර්තා කර තිබුනද ජනාධිපති කාර්යාලයෙන් මේ වනතෙක් එවැනි ලිපියක් ලැබී නොමැති බව වාර්තාවේ.

එහෙයින් ඔහු අද දිනයේ රාජකාරියට  වාර්තා කර නොමැත.

පොලිසිය භාර මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් ද අසනීප තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටින බව පැවසේ.

පොලිස්පති තනතුර සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකුගෙන් කළ විමසිමකදී ඔහු ද පැවසුයේ ඒ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවයි.

 
 

 

JW


logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates