එළඹෙන දෙසැම්බර් මාසයට පෙර මැතිවරණයක් පැවැත්වෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පැවසිය.

හෙතෙම ඒ බව පැවසුවේ, අභයාරාම විහාරස්ථානයේ පැවති වැඩසටහනකට සහභාගී වී ඉන් පිටව යන අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පොහොට්ටුවේ වෙන්වුණු පිරිස් නිසි වේලාවට එකතු වනු ඇති බව හිටපු ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

''බොහොම සාර්ථකව ඉදිරි දේශපාලන කටයුතු කරගෙන යනවා.. මොන මැතිවරණයක් තිබුණත් අපි ඒකට ලෑස්තියි. දෙසැම්බර් මාසේ වෙනකොට තියයි. මැතිවරණ එපැයි කියන්නේ කවුද? ''

මෙහිදී රටේ ආර්ථීක තත්ත්වය සම්බන්ධයෙන් ද මාධ්‍යවේදීන් නැගූ පැනයට පිළිතුරු දුන් හිටපු ජනාධිපතිවරයා පැවසුයේ,  ''ඒක අපි ඉතින් බලාගෙන ඉමු '' කියාය.

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්