පොලිස්පති ධුරයට මේවනවිටත් (28 පෙරවරු) කිසිවකු නිල වශයෙන් පත්කර නොමැති බව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග පවසයි.



වයස අවුරුදු 60 සම්පූර්ණ වීම හේතුවෙන් පොලිස්පති සී ඩී වික්‍රමරත්න විශ්‍රාම යාමට නියමිතව තිබුණේ ඉකුත් 26වනදාය. එම තත්ත්වය තුළ එදිනෙන් පසු ඔහු සේවයට වාර්තා කර නොමැත.

ජනාධිපතිවරයා විසින් සී ඩී වික්‍රමරත්න ට තවදුරටත් මාස තුනක සේවා දිගුවක් ලබාදී ඇති බවට ආණ්ඩුවේ මාධ්‍ය පවා වාර්තා කර තිබුනද ජනාධිපති කාර්යාලයෙන් මේ වනතෙක් එවැනි ලිපියක් ලැබී නොමැති බව වාර්තාවේ.

පොලිස්පති සී ඩී වික්‍රමරත්න ට මාස තුනක සේවා දිගුවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමිව ඇති බවත්, ඊට අදාළ යෝජනාව ඊයේ (27) පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමට මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් විසින් ඉදිරිපත්කර ඇති බවත් ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබේ.

කෙසේවුවද මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පැවසුයේ අසනීප තත්ත්වය තුළ තමන් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ බවත්, පොලිස්පතිගේ සේවා දිගුවට අදාල කැබිනට් පත්‍රීකාවක් තමන් විසින් ඉදිරිපත් කර නොමැති බවත්ය.


JW


logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය