රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපරයේ පළමු හමුව අද (මාර්තු 29) දින සවස 4.30 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.



මේ සඳහා සංකථන දායකත්වය හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග, මහාචාර්ය ජී ඇල්. පීරිස්, ලෝරියල් අශ්රෆ්, රණතා නගරාජ්, මහාචාර්ය ජයදේව උයන්ගොඩ, මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිවිසින් ලබා දෙනු ලබයි.

එසේම විවිධ සංවිධාන හා දේශපාලණික ව්‍යාපාර නියෝජිතයින් (250) කට අධික ප්‍රමාණයක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිත අතර “නූපන් පරපුරක සිනභව වෙනුවෙන් සංහිඳියාව තහවුරු වන, දූෂණ විරෝධී පුජාතන්ත්‍රවාදී සමාජයක් නිර්මාණය සඳහා රැඩිකල් වෙනසක ඇරඹුම් " යන මැයෙන් සංවාද මණ්ඩපය නීතිඥ දුලාන් දසනායක විසින් මෙහෙයවනු ඇත.



PHOTO 2023 03 29 10 02 15

'රැඩිකල් වෙනසක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ' කැඳවුම්කාර මණ්ඩලය වෙනුවෙන් ප්‍රකට දේශපාලන ක්‍රියාකාරික මහල් බණ්ඩාර විසින් නිකුත්කර ඇති මාධ්‍ය නිවේදනයක මෙසේ සඳහන් වේ.

''ශ්‍රී ලාංකේය දේශපාලන අවකාශය තුළ වෙනසක්" සඳහා දැවැන්ත වුවමනාවක් හා ඉල්ලුමක් පවතී. මේ මොහොතේ සක්‍රීයව පවතින දේශපාලනික ව්‍යාපාර, පක්ෂ, සංවිධාන වල සිට පුරවැසියන් දක්වා සියල්ලෝම වෙනසක් සම්බන්ධව දැඩි අවශ්‍යතාවයකින් පෙන්වයි.

එහෙත් සාතිශය බහුතරයක් සංවිධාන හා පුද්ගලයින් කුමක් වෙනස් කළ යුතු ද ? කුමක් සඳහා වෙනස් කළ යුතු ද ?  කෙසේ වෙනස් කළ යුතු ද ? යන්න  අවබෝධයකින් තොරව,  ''වෙනස'' පිළිබඳ සිය දේශපාලනික ආස්ථානයන් ඉබාගාතයේ මෙහෙයවමින් සිටින බව තත්වයන් හා හැසිරිම් සියුම්ව නිරීක්ෂණයෙන් පැහැදිලි වේ.

දැවන්ත අර්බුදයක හිණිපෙත්තේ සිටින අපේ රටට තව දුරටත් විවිධ අදහස්, අරමුණු, ප්‍රතිපත්ති සාකච්ජා කරමින්, වාද විවාද කරමින්, රණ්ඩු සරුවල් කර ගනිමින්, එකිනෙකාට චෝදනා කර ගනිමින්, නාස්ති කිරීමට තරම් කාලයක් ඉතිරිව නැත.

 

එනිසා ''වෙනසක්'' සඳහා අවංක උවමනාවකින් පෙලෙන සියලුම ව්‍යාපාර හා පුද්ගලයින්ට එකතු විය හැකි පොදු වේදිකාවක අවශ්‍යතාවය දැඩිව දැනෙමින් පවතී. මන්ද වඩා යහපත් රටත් ගොඩ නැගීම සඳහා වූ ක්‍රියවලිය තනි පුද්ගලයෙකුට හෝ පක්ෂයකට තනි තනිව සිදුකළ නොහැකි දෙයක් වන අතර යහපත් රාජ්‍යක ගොඩනැගීම සඳහා වූ ක්‍රියාවලිය සමස්ත පුරවැසියන්ගේ එකඟත්වයෙන් හා අවබෝධයෙන් කළ යුතු කාර්යයක් මිසක රාජ්‍ය ආයතන සමූහයකට හෝ පාලක පක්ෂයකට පමණක් සිදු කළ නොහැකි නිසාවෙනි.

 

සාම්ප්‍රදායික දේශපාලනය තුළ දක්නට ලැබෙන තමන්ගේ දේශපාලණික අදහසට එකග නැති සියල්ලන් සතුරන් හෝ ද්‍රෝහීන් ලෙස දැකීමේ පටු ආකල්පයෙන් ඔබ්බට ගොස්, අනෙකාගේ අදහහසට ගරු කරන හා වඩා ඵලදායී අදහස් පිළිගන්නා නිහතමානී හා අවංක දේශපාලනික සංස්කෘතියක් ගොඩනැංවීමෙන් සියල්ලන් එකක වන වැඩපිළිවෙළක් ගොඩනඟා දූෂණයෙන්, භීෂණයෙන් තොර ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධිත රාජ්‍යයක ජීවත් වීමේ අපගේ පුරවැසි සිහිනය සාක්ෂාත් කර ගැනීම සඳහා සියලු අදහස් එක් කළ හැකි හා ඒ තුළින් පරිසට බපෑම් කළ හැකි ශක්තිමත් කේන්ද්‍රයක් ගොඩ නැඟීමට කාලය එළඹ ඇත.

PHOTO 2023 03 29 10 02 12

PHOTO 2023 03 29 10 02 14PHOTO 2023 03 29 10 02 14 2PHOTO 2023 03 29 10 02 15 1
PHOTO 2023 03 29 10 02 16


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්