මැඩගස්කරයේ සිට ශ්‍රී ලංකාවට ගෙනවිත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටින නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නමැති සැකකරුගේ ජීවිතාරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
පොලිස්පතිවරයා, බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, එම දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා ඇතුළු පිරිසක් එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇත.
මේ වන විට සිය ජීවිතය සම්බන්ධයෙන් බලවත් අවදානම් තත්වයක් මතුව ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු, සිය ජීවිතාරක්ෂාව තහවුරු කරන මෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත නියෝගයක් නිකුත් කරන ලෙස එම පෙත්සමෙන් ඉල්ලා තිබේ.
එමෙන්ම තමන් මහේස්ත්‍රාත්වරයකු හමුවට ඉදිරිපත් කරන මෙන් නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සමෙන් ඉල්ලා ඇත.



