පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 අය වැය තුළින් වෙන්කළ මුදල් ප්‍රතිපාදන රඳවා ගැනීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝග ක්‍රියාත්මක නොකිරීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කොට මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධනට එරෙහිව ගොනු කළ පෙත්සම් දෙකක් අද (30) කැඳවීමට නියමිතය.



අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දුගෙන් සමන්විත පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ දී එම පැමිණිල්ල විභාගයට ගැනීමට නියමිතය.

සමගි ජන බලවේගයේ මහලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර සහ ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් විසින් අදාළ පෙත්සම් ඉදිරිපත් කර ඇත.

පෙත්සම්කරුවන් කියා සිටින්නේ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා 2023 වසරේ අයවැය ලේඛනය තුළින් ඇස්තමේන්තු කර තිබූ මුදල් රඳවා ගැනීම වළක්වාලමින් මේ මස 03 වන දා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත අතුරු නියෝගයක් නිකුත් කළ බවයි.

එමෙන්ම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම සඳහා රජයේ මුද්‍රණාලය වෙත වෙන් කරන ලද මුදල් ප්‍රතිපාදන ද රඳවා ගැනීම වළක්වාලමින් මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත තවත් අතුරු නියෝගයක් අධිකරණය විසින් නිකුත් කළ බවත් පෙත්සමෙන් පෙන්වා දී ඇත.

එහෙත් මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා එම නියෝග වලට අනුකූලව කටයුතු කර නොමැති බව පෙත්සම්කරුවන් පවසති.


''මැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීම අසීරුයි'' - මුදල් රාජ්‍ය ඇමති සියඹලාපිටිය


මේ අතර මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසන්නේ, මැතිවරණයක් සඳහා මුදල් වෙන් කිරීම මේ මොහොතේ අසීරු බවයි.

ඔහු එබව කියා සිටියේ 'නෙත් එෆ් එම්' අන්ලිමිටඩ් වැඩසටහනට ඊයේ රාත්‍රියේදී එක් වෙමිනි.

රටේ ආර්ථිකය තවමත් පවතින්නේ අවදානම් තත්ත්වයක බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අවධාරණය කළේය.





''ඡන්දය කල් දැමීමේ වාසිය ජනතාවට ලැබුනා'' - මන්ත්‍රී එස්.එම්. කියයි


පළාත් පාලන ආයතන ඡන්ද විමසීම කල් දැමීමේ වාසිය ජනතාවට හිමිව ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන පවසයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී ඊයේ (29) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගීවිය.





(මුලාශ්‍රය -nethnews.lk)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්