දෙමළ ජනතාවගේ වන්දනාවට ලක් වු පුජා භුමියක අලුත් ඉදිකිරීම් තහනම් කරමින් අට මාසයකට ඉහත දී

ඇති නියෝගයක් නොතකා කටයුතු කිරීම සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සදහා තව දුරටත් කාලය ලබා දෙන ලෙස රාජ්‍ය බලධාරීන් අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පොලිස් හා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මාර්තු 30 වැනිදා මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජාගෙන් එම ඉල්ලීම සිදු කළ බව පළාත් බද අධිකරණ වාර්තාකරුවෝ පවසති.

මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ නව ඉදිකිරීම් සිදු නොකරන ලෙස අධිකරණය ලබා දුන් තීන්දුව නොතකා යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් චෛත්‍යයක් ඉදිකිරීම සම්බන්ධයෙන් මාර්තු 30 වැනිදා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මාර්තු 2 වැනි බදාදා මහේස්ත්‍රාත් වරයා රාජ්‍ය නිලධාරීන්ට දැනුම් දී තිබුනි.

මාර්තු 30 වැනිදා නඩුව කැදවු අවස්ථාවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය අනුර මනතුංග සහ එම දෙපාර්තමේන්තුවේ පිරිසක් සහ පොලිස් නිලධාරීන් පැමිණ සිටියත් ඔවුන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන් අධිකරණයට පැමිණ නොසිටි බවයි පැමිනිලි පාර්ශවයේ නීතිඥ වී.එස් ධනංජයන් පවසන්නේ.

සිය නීතිඥයන් අධිකරණයට  පැමිණ නොමැති අතර විනිසුරුවරයා ඉල්ලා සිටි වාර්තා ඉදිරිපත් කිරීමට තව දුරටත් කාලය ලබා දෙන ලෙස රාජ්‍ය නිලධාරීන් එහිදී අධිකරණයෙන් ඉල්ලා තිබේ.

පැමිනිලි පාර්ශවයේ නීතිඥ වී.එස් ධනංජයන් මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජාගෙන් ඉල්ලා ඇත්තේ අධිකරණ තීන්දුව නොතකා කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ නව ඉදිකිරීම් සිදු කර ඇති ආකාරය දැක බලා ගැනීම සදහා එම ප්‍රදේශයේ යළිත් වරක් නිරීක්ෂණ චාර්කාවකට එක් වන ලෙසයි.

කරුණු විමසා බැලු විනිසුරුවරයා මීළඟ නඩු වාරය අප්‍රේල් 27 වැනිදාට කල් තබා තිබේ.

xdfgrt54

හමුදා අනුග්‍රහයෙන් ඉදිකිරීම්

මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ අලුතින් ඉදිකිරීම් තහනම් කර ඇති පුරාවිද්‍යා භුමියේ උසාවි අනුදැනීමකින් තොරව යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් චෛත්‍යයක් ඉදිකිරීම සම්බන්ධයෙන්  2022 වසරේ අධිකරණයේ නඩුවක් ගොනු කර තිබුනි.

ප්‍රදේශවාසි ජනතාව වෙනුවෙන් එම නඩුව ගොනු කර තිබුනේ උතුරු පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය කාන්දයියා සිවනේෂන්, හිටපු පළාත් සභා මන්ත්‍රී තුරෛරාජා රවිහරන් සහ සමාජ ක්‍රියාකාරික ජී. ජුඩ් ප්‍රසාන්ත් විසිනි.

එම නඩුව 2022 ජුලි 21 වැනිදා දෙවැනි වරට කැඳවු අවස්ථාවේදී අධිකරණයේ විනිසුරු ඇතුළු පිරිසක් ඉදිකිරීම් කරන ස්ථානයේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසුව නියෝග කර තිබුනේ එහි අලුතින් ඉදිකිරීම් වහාම නවත්වන ලෙසයි.

2022 වසරේ නොවැම්බර් 24 වැනිදා එම නඩුව යළි  කැඳවූ අවස්ථාවේදී ප්‍රදේශවාසී ජනතාව වෙනුවෙන් නීතිඥ වී.එස් ධනංජයන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුනේ අධිකරණ නියෝග නොතකමින් එහි ඉදිකිරීම් තව දුරටත් සිදු වන බවයි. එම ඉදිකිරීම් නතර කරන ලෙසට විනිසුරුවරයා එදින යළිත් වරක් පුරා විද්‍යා දෙපාර්තමේන්තුවට, පොලිසියට සහ විහාරාධිපති හිමියන්ට  නියෝග කර තිබුනි.

නීතිඥ වී.එස් ධනංජයන් 2023 මාර්තු 2 වැනි බදාදා මුලතිව්, තන්නිමුරිප්පු, කුරුන්තූර්මලෙයි ශිව දේවාලය පිහිටා තිබු ස්ථානයේ යුද හමුදාවේ පුර්ණ අනුග්‍රහයෙන් ඉදිවන චෛත්‍යයේ නවතම ඡායාරූප මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා වෙත ඉදිරිපත් කරමින් අවධාරණය කර තිබුනේ විනිසුරුවරයා විසින් දෙවරක්ම ලබා දී ඇති නියෝග කඩකරමින් එම චෛත්‍යයේ ඉදිකිරීම් දිගටම කෙරීගෙන යන බවයි.

dgsgsg

සබැඳි පුවත් :

උතුරේ පුරා විදු බිමේ තහංචි කඩන ලොක්කන්ට නැවත උසාවි නියෝග

උසාවි නියෝග උල්ලංඝනය කිරීමේ වෑයමක් වන්නිවාසීන් මැදිහත්වී වලක්වයි

 


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image