හිටපු ජනාධිපති දිවංගත රණසිංහ ප්‍රේමදාස ගේ බිරිඳ වන හේමා ප්‍රේමදාසට ලබාදී තිබු කොළඹ නිල නිවෙස ඇය වසර 30කට පසු රජයට පසුගිය 31 වැනි සිකුරාදා බාර දුන්නාය.



සෑම හිටපු ජනපතිවරයකුටම ව්‍යවස්ථානුකූලව නිල නිවෙසක් හිමිවන අතර හිටපු ජනාධිපතිවරයකු මිය යෑමෙන් අනතුරුව එම නිවෙස ඔහුගේ බිරිඳට පාවිච්චි කිරීමට අයිතිය හිමිවෙයි.

හේමා ප්‍රේමදාසට ද ඒ පදනම මත රජයෙන් නිල නිවෙසක් හිමිව තිබිණ. එහෙත් ඇය මෙම නිවෙස පාවිච්චි කර නොතිබූ අතර හේමා ප්‍රේමදාස පදිංචිව සිටියේ ඇයගේ පෞද්ගලික නිවෙසේය.

මේ අනුව ඇය නිල නිවෙස රජයට නැවත බාර දුන් බව සමගි ජන බලවේග පක්ෂ ආරංචි මාර්ග සඳහන් කළේය. මේ අතර හේමා ප්‍රේමදාස රජයේ නිල නිවෙසක් ලබා ගැනීම ඇතැම් දේශපාලන පක්ෂ ක්‍රියාකාරීහු පසුගිය දිනවල දැඩි ලෙස විවේචනය කළහ.


සබැඳි පුවත් :
සජිත්ට අම්මව බලාගන්න කියපු අයට උත්තරයක් !


JW

 

 
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

නවතම පුවත්

ඇඩ්වර්ටයිසිං ලෝකය