අභාවප්‍රාප්ත විශිෂ්ඨ රංගධර අමරසිරි කලංසූරිය ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (03) සිදුකිරීමට නියමිතව තිබේ.



පසුගිය 1 වනදා උදෑසන ජාඇළ පිහිටි සිය නිවසේදී ඔහු අභාවප්‍රාප්ත වුණි.

අමරසිරි කලංසූරිය ගේ දේහය මහජන ගෞරව සඳහා බොරැල්ලේ ජයරත්න මල් ශාලාවක තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද පස්වරුවේ බොරැල්ල කනත්තේ සිදුකිරීමට නියමිතය.

1940 වසරේ සැප්තැම්බර් මස 20 වන දා උපත ලැබූ අමරසිරි කලංසූරිය මිය යන විට 82වන වියේ පසුවුණි.

 

1013

 

අමරසිරි කලංසූරියගේ සිනමාගමනය සිදුවූයේ, 1969 වසරේදී රංජිත් පෙරේරා නමැති අධ්‍යක්ෂවරයා නිර්මාණය කරන ලද 'රැය ත් දවාල ත්' නමැති චිත්‍රපටයෙනි.

පසුව, එම වසරේදී ම සුගතපාල සෙනරත් යාපා අධ්‍යක්ෂණය කළ, ධර්මසේන පතිරාජ සහය අධ්‍යක්ෂණයෙන් දායක වූ 'හන්තානේ කතාව' චිත්‍රපටයේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුගේ චරිතයට පණ පොවමින් වඩා ත් රසික ආකර්ෂණයට ලක් විය.

ධර්මසේන පතිරාජගේ 'අහස් ගව්ව', ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ 'අක්කර පහ', එච්.ඩී. ප්‍රේමරත්නගේ 'අපේක්ෂා' මෙන්ම බඹරු ඇවිත්, සාගරයක් මැද, පොඩි විජේ, යස ඉසුරු ආදී සුවිශේෂී සිනමා නිර්මාණ රැසක් ඔස්සේ අමරසිරි කලංසූරිය සිය ප්‍රතිභාව විදහා දැක්වීය.

1974 ‘අහස් ගව්ව‘ හි රඟපෑමට විචාරක සම්මාන දිනූ ඔහු 1982 හොඳම සහාය නළුවා ලෙස සරසවි සම්මානයත්, 1986 හොඳම සහාය නළුවා ලෙස “පූජා“ චිත්‍රපටය සරසවි හා ජනාධිපති සම්මාන ඇතුළු තවත් සම්මාන කිහිපයක් ලබාගෙන ඇත.

 

අමරසිරි කලංසූරිය රංගනයෙන් දායක වූ චිත්‍රපට කිහිපයක්

  • 1969 රැයත් දවාලත්
  • 1969 හන්තානෙ කතාව්
  • 1970 අක්කර පහ
  • 1970 නිම් වළල්ල
  • 1974 අහස් ගව්ව
  • 1975 තරංගා
  • 1978 අපේක්ෂා
  • 1978 අනූපමා
  • 1978 බඹරු ඇවිත්
  • 1979 පොඩි මල්ලී
  • 1980 කාංචනා
  • 1980 පරිත්‍යාගය
  • 1980 සිංහබාහු
  • 1981 වජිර
  • 1981 සාගරයක් මැද
  • 1982 ප්‍රදීපා
  • 1982 යස ඉසුරු
  • 1982 සක්විති සුවය
  • 1983 සමනල සිහින
  • 1984 වැල්ලෙ තැනූ මාලිගා
  • 1985 රැජිණ
  • 1985 ඩෝරින්ගෙ සයනය
  • 1986 පූජා
  • 1986 මල් වරුසා
  • 1987 පොඩි විජේ
  • 1990 පෙම් රජදහන
  • 1991 දොළොස්මහේ පහන
  • 1994 150 මුල්ලේරියාව
  • 1994 අඹු සැමියෝ
  • 1994 අහස් මාලිගා
  • 2004 දිය යට ගින්දර
  • 2009 රෝස මල් සයනය


JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්