මේ රට දේශපාලනයේ ශක්තිමත්ම දේශපාලන යාන්ත්‍රණය ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ (පොහොට්ටුව) සතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අවධාරණය කර සිටියි.


ඔහු එබව කියා සිටියේ පොළොන්නරුවේ ඊයේ පැවති එම දිස්ත්‍රීක්කයේ පක්ෂ ක්‍රියාකාරීන්ගේ රැස්වීමක් අමතමිනි. එම රැස්වීම පැවතියේ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙනි.

තම පක්ෂය හා තමන් දේශපාලනිකව ඉතා ශක්තිමත් නිසාවෙන් 'හොරා' යන චෝදනාව විපක්ෂය විසින් දිගින් දිගටම සැලසුම් සහගතව ජනගත කළ බව ඔහු මෙහිදී කියා සිටියේය.

තම ජනාධිපති ධුර කාලයේ විවිධ බොරු චෝදනා පිටුපස ගොස් කාලය නාස්ති කළ බව එවකට යහපාලන ආණ්ඩුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනත්, එවකට අගමැති මෙන්ම වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහත් පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් නිකුත් කල බවත් නාමල් මන්ත්‍රීවරයා මෙහිදී පැවසිය.

එවැනි බොරු චෝදනා වලට තමන් නිර්දෝශි නිසා ඉදිරියේ පාර්ලිමේන්තුවට ගෙන වංචා, දුෂණ වැලැක්විමේ නීති සම්පාදන කෙටුම්පතට තමන් පූර්ණ සහය ලබාදෙන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

Naml12 2023.04.04

අනුරාධපුරයේ පොහොට්ටු පක්ෂ දිස්ත්‍රික් කාර්යාලය විවෘත කිරීමද නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ සිදුකෙරිණ. එම දිස්ත්‍රීක්කයේ පළාත්
පාලන අපේක්ෂකයින්, ආසනවල ක්‍රියාකාරීන් සහ අනුබද්ධ සංවිධානවල නියෝජිතයින් ද එම අවස්ථාවට එක්ව සිටියේය.

 WhatsApp Image 2023 04 04 at 8.50.22 AM 2

WhatsApp Image 2023 04 04 at 8.50.22 AM 1

  

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්