පොලිස් කොස්තාපල්වරයකුට පහර දීමේ සිද්දියක් මත ආණමඩුව පොලිස් ස්ථානාධිපතිවරයාගේ සිට ඉහල පොලිස් නිළධාරීන් පිරිසකට දුන් ස්ථාන මාරූව නිවැරදී විම තමන් අපේක්ෂා කරන්නේ යැයි පැවසු ආණමඩුව මහෙස්ත්‍රාත් නිමේෂා පටබැදිගේ, තම අධිකරණ බල ප්‍රදේශයේ ජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට තමා බැදි සිටින්නේ යැයිද කීවාය.



ඉහල නිළධාරින්ගේ උවමනා මත සිද්දිය වසං කිරීමකින් තොරව අධිකරණයට ඉදිරිපත් කිරීම අගය කරන බවත්, තාන්න මාන්න වලට යට නොවි නීතිය වෙනස් නොකරමින් කටයුතු කරන නිළධාරින් තමන් අගයන බවත් පැවසු මහෙස්ත්‍රාත්වරිය, නීතිය වෙනස් කරන පිරිසට තමන්ගෙන් සමාවක් නොමැති බවත් අවධාරණය කළාය.

පොලිස් කොස්තාපල්වරයකුට පහර දුන්නේ යැයි කියමින් සැකපිට රිමන්ඩ් බාරයට පත් කොට සිටි පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් පස් දෙනා දැඩි කොන්දේසි සහිත ඇප මත මුදාහැරීමටද නියම කළාය.

රුපියල් ලක්ෂ 05 බැගින් වටිනා ශරීර ඇප මත සැකකාර පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් මුදාහළ මහෙස්ත්‍රාත්වරිය මෙම සිද්දියට අදාළ විමර්ශනවලට බාධා කළහොත් ඇප අවලංගු කොට යළි රිමාන්ඩ් බාරයට පත් කරන බව දැනුම් දෙමින් දැඩිව අවවාද කළාය.

මෙලෙස ඇප නියම වුයේ පොලිස් විශේෂ කාර්ය බලකායේ පුත්තලම කදවුරේ පොලිස් පරික්ෂකවරුන් දෙදෙනකු හා පොලිස් සැරයන්වරයකු කොස්තාපල්වරු දෙදෙනෙකු ඇතුළු පස්දෙනෙකුටය.

මෙම සිද්ධියට අදාළ පැමිණීල්ල කැඳවනු ලැබු අවස්ථාවේදී පොලිස් දෙපාර්තුමේන්තුව නියෝජනය කරමින් ඉහල නිළධාරින් රැසක් හා පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරින් රැසක්ද අධිකරණ භුමියේ රැදි සිටියහ.

 

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථාන මාරුවීම් ලබාදී තිබුනේ පොලිස්පතිවරයා විසිනි. සේවයේ අවශ්‍යතාවය මත යයි සඳහන් කරමින් එම ස්ථාන මාරු කිරීම් සිදුකර තිබිණ.

 

අණදෙන නිලධාරීන් විශේෂ කාර්ය බලකායගේ නියෝග පරිදි ආනමඩුව පොලිස් බල ප්‍රදේශය වෙත විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් කණ්ඩායමක් රාජකාරි කටයුත්තක් සඳහා වාර්තා කර සිටියදී ඇතිවූ සිද්ධියක් මත ලද පැමිණිල්ලක් විභාග කිරීම සම්බන්ධව පොලිස් මූලස්ථානයේ නීති දිසාව මගින් ලබාදෙන ලද උපදෙස් වලට පටහැනි ආකාරයට කටයුතු කරමින් ඇතැම් නිලධාරීන් අයුතු සහගත ලෙස ක්‍රියා කර ඇතැයි පොලිපතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත මිට ඉහතදී දැනුම්දීමක් කර තිබේ.

මේ සම්බන්ධව තමා විසින් ද පුද්ගලිකව ම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති (වයඹ පළාත), නියෝජ්‍ය පොලිස්පති (පුත්තලම දිසාව), කොට්ඨාස භාර නිලධාරී (පුත්තලම) සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක ආනමඩුව වෙත සෘජු උපදෙස් ලබාදෙමින් නිත්‍යානුකූල රාජකාරියක් සඳහා ගමන් කර සිටි විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධව සිදුවීමක් නිසි ආකාරයට විමර්ශනය කිරීමට දන්වා තිබියදී එසේ කිරීම පැහැර හැර ඇති බව පොලිස්පතිවරයා විසින් අමාත්යංශය වෙත තවදුරටත් දැනුවත් කර ඇත.

 

මෙම සිදුවීම, විශේෂ කාර්ය බලකායේ  නිලධරයන්ගේ ධෛර්යය හීන වීමට හේතු වී ඇති අතරම නීත්‍යානුකූලව රාජකාරියේ යෙදවීමේදී ගැටලු සහගත තත්ත්වයක් ඇතිවීමට හේතුවී ඇතැයි පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි.

 

පොලිස්පති වශයෙන් තමා විසින් දෙන ලද නියෝග ඉටු කරන බවට තමා වෙත දැනුම් දී එම නියෝග වලට පටහැනිව සහ නියෝජ්‍ය පොලිස්පති (නීති දිසාව) විසින් ලබාදෙන ලද නිත්‍යානුකූල නීති උපදෙස් වලට පටහැනිව කටයුතු කරමින් ක්‍රියාකල නිලධරයන් කාර්ය පටිපාටික රීති 258 (iii) අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමටත්, එම නිලධාරීන්ගේ රාජකාරි පුරප්පාඩු සඳහා ස්ථීරව නිලධරයන් පත්කරන පත් කරන තෙක් එම  තනතුරු වල රාජකාරි තනතුරුවල රාජකාරී ආවරණය කිරීම සඳහා වෙනත් නිලධාරීන් පත්කිරීමටත් පොලිස්පතිවරයා විසින් මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් ඉල්ලා තිබු අතර අදාල ස්ථාන මාරුවීම් සිදුකර ඇත්තේ ඒ අනුව බව වාර්තාවේ.


CD 2023.03.30

සබැඳි පුවත් :
DIG නාලක ද සිල්වා යළි සේවයට ! - වැඩ බාර ගැනීමටත් පෙර ස්ථාන මාරුවක් ඇවිත් !



(උපුටා ගැනීම් - lankadeepa.lk)


 
JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්