ජාතිය රට ගොඩගැනීමේ කාර්යය අවංකව, නිර්භීතව හා ශක්තිමත්ව කළ හැකි නායකයා ලෙස රනිල් වික්‍රමසිංහ රටේත්, ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රී කණ්ඩායමේත් ප්‍රසාදයක් දිනාගෙන ඇති නිසා ඉදිරි ජනාධිපතිවරණයේ අපේක්‍ෂකයා ලෙස ඔහු ගැන බලාපොරොත්තු තබාගැනීමේ වරදක් නැතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන පැවසීය.



රට වැටී තිබූ තැනින් යම් ශුභදායී දිහානතියකට ගෙනඒමේ කටයුත්ත ඔහු අතින් සිදුවී ඇතැයි ද ඇමතිවරයා සඳහන් කළේය.

ඇමතිවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (4) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ‘ඉදිරි ජනාධිපතිවරණයේ පොහොට්ටු අපේක්‍ෂකයා රනිල් වික්‍රමසිංහ මහතාද?’ යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.  

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සම්බන්ධයෙන් යෝජනාවක් සම්මත කර නැති නමුත් මෙම අවස්ථාවේදී පක්‍ෂයේත්, රටට හිතවත් කාගේත් ප්‍රධානම අභියෝගාත්මක කාර්යය හා විය යුත්තේ රට ගොඩගැනීම බවත්, ඒ සම්බන්ධයෙන් තමන්ගේ කාර්ය පටිපාටිය තුළ රනිල් වික්‍රමසිංහ ප්‍රසාදයක් දිනාගෙන ඇති බවත් ඇමතිවරයා කීවේය.  

එබැවින් රටට හොඳක් වන දෙයක් ගැන හොඳ බලාපොරොත්තුවක් තබාගැනීමේ වරදක් නැතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධූර අපේක්ෂකයා ලෙස වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කිරීමට යෝජනා වී ඇති බව අමාත්‍ය කංචන විජේසේකර ද පවසයි.



සබැඳි පුවත් :
'පොහොට්ටුවේ මීළඟ ජනපති අපේක්ෂකයා රනිල්' - ඇමති කාංචන


 
JW
logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates