පාස්කු ත්‍රස්ත ප්‍රහාරය පසුපස සිටි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගෙන් අයෙක්ව සිට

ප්‍රහාරයෙන් පසු අතුරුදහන් වී යැයි DNA වාර්තාව (ජෛව සම්පල වාර්තාව) මත මෙතෙක් කී  සාරා ජෙස්මින් හෙවත් පුලස්තිනී නැමැති කාන්තාව සම්බන්ධව තුන්වන වර කරන ලද වාර්තාවක් ඉදිරිපත් කරමින් ඇය ජීවතුන් අතර නැති බවට රජය කරන ප්‍රකාශ කිසිසේත්ම පිළිගත නොහැකි බව මැල්කම් කාදිනල් රන්ජිත් හිමියෝ පැවසූහ.

ජනතාව වෙනුවෙන් තමන්වහන්සේට මේ සම්බන්ධව ජාත්‍යාන්තර පරීක්ෂණයක් ඉල්ලා සිටිනු හැර වෙන කරන්නට දෙයක් නැති බවත් උන්වහන්සේ කියා සිටියහ.

උන් වහන්සේ මේ බව පැවසුවේ අද (04) සවස කොළඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අතරතුර මාධ්‍යවේදියෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

ආණ්ඩුව හැසිරුනේ විභාගයක් අසමත් වූ විට කිහිපවරක් එම විභාගයට පෙනී සිටීමෙන් පසු එම විභාගය සමත්  කරගන්නා පුද්ගලයෙක් ලෙස බව උන්වහන්සේ කියා සිටියහ.

තමන්ට අවශ්‍ය ප්‍රතිඵල ලැබෙන තෙක් DNA පරීක්ෂණ කරන රටවල් ලෝකයේ කොතැනවත් නැතිබව කි කාදිනල්තුමන්, අප අපේ මෝඩකම් ලෝකයට පෙන්වා විහිළු සපයන බව ද පැවසුහ.

“ ජාත්‍යාන්තරයට යන්නේ නැතිව ලංකාවෙම මේ ප්‍රශ්නය බේරුම් කරගන්න ඕන කියලා තමයි බලාපොරොත්තු වුනේ. පාස්කු ප්‍රහාරය ගැන විනිවිද පෙනෙන පරීක්ෂණයක් කරන්න කියලා අපි රජයන්ගෙන් ඉල්ලා සිටියා. යහ පාලන රජයෙන් ඉල්ලා හිටියා. ගෝඨාභය රජයෙන් ඉල්ලා සිටියා. දැන් ඉන්න රජයෙන් ඉල්ලා සිටිනවා. පාස්කු ප්‍රහාරය සම්බන්ධව විනිවිද පෙනෙන විමර්ශනයක් සිදුවෙලා නෑ. සිදුවෙන්නෙ බොහෝ විට එයාලට අවශ්‍ය ප්‍රතිඵල ලබා ගැනීම සදහා කරන දේවල් පමණයි. එය පිළිගන්න බෑ. අපට වෙන විකල්පයක් නෑ. රජය එහෙම කරනවා නම් අපට අපේ ජනතාවගේ දුක් සුසුම් සැනසවීම සඳහා ජත්‍යාන්තර සංවිධානවල පිහිට පතන්න සිද්ධ වෙනවා.''


(lankasara.com) 


සබැඳි පුවත් :

‘සාරා ජස්මින්’ගේ DNA වාර්තාව පාස්කු ප්‍රහාරය යට ගැසිමටදැයි සැක !

පාස්කු ප්‍රහාරය: ‘තුන්වෙනි DNA පරීක්ෂණය පිළිගන්න හේතුවක් නැහැ’

පාස්කු ප්‍රහාරය : සාරා ජෙස්මින් ගැන පොලිස් නිවේදනයක්

 

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්