ආරක්ෂක සෙබළුන්ගේ රැකවරණ යටතේ මුහුදුබඩ ඉඩමක් කොල්ලකෑමට උත්සාහ කළ බෞද්ධ භික්ෂූන් පිරිසකට විරෝධය පෑ මුස්ලිම් සහ දෙමළ වැසියන්ට නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය

සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නායක හිමිනමක් කැටුව පැමිණියෙක් වෙඩි තබන බවට තර්ජනය කර තිබේ.

අප්‍රේල් පළමුවැනිදා ගිනි අවි අමෝරා තමන්ට තර්ජනය කළේ උතුර සහ නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නාහිමියන්ගේ ආරක්ෂකයකු බවයි ඔහුට අභියෝග කළ ජනයා පවසන්නේ.


 දෙමළ සහ මුස්ලිම් ජනයා වසර ගණනාවක් තිස්සේ කෘෂිකාර්මික කටයුතු සදහා භාවිත කරන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කුච්චවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පුල්මුඩේ, පොන්මලෙයි කන්ද ආශ්‍රිත භුමිය බෞද්ධාගමික ඉදිකිරීමක් සදහා අත්පත්කරගැනීමට පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමග  මාර්තු 30 වැනිදා පනාමුරේ තිලකවංශ හිමියන් ඇතුළු භික්ෂුන්  දැරූ උත්සාහය ජනතා විරෝධය හමුවේ නවතා දමා තිබුනි.


සිවිල් ආරක්ෂක, යුද හමුදා, පොලිස් සාමාජිකයන් සහ පුරා විද්‍යා නිලධාරීන් 30 කට ආසන්න පිරිසක් සමග පසුදා බෞද්ධ භික්ෂූන් පිරිස යළි එම භුමියට පැමිණි අවස්ථාවේ ප්‍රදේශවාසී මුස්ලිම් හා දෙමළ ජනතාව දැඩි විරෝධය පළ කර තිබුනි.

පොන්මලෙයි කන්ද ආශ්‍රිත භුමියේ පොලොව කනිමින් සිටි හමුදා සාමාජිකයකුට ප්‍රජා නායක මොහොමඩ් සයිබුදීන් එහිදී පෙන්වා දී තිබුනේ ප්‍රදේශවාසීන්ගේ අනුදැනුමකින් තොරව භික්ෂුන් වහන්සේ එම භුමිය අත්පත්කරගැනීම වෙනුවෙන් කටයුතු කර තිබෙන බවයි.

" මෙවැනි වැඩ කරන සියළුම ප්‍රදේශ වල ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ කට්ටිය ගෙන්නලා ස්වාමින්වහන්සේ අපේ ජනතාවට දන්වන්නේ නැතුව හොරෙන් මැනලා ප්ලෑන් අරගෙන එයා ඇප්ලයි කරලා තියනවා. මේ ඉඩම  අවුරුදු 99 ලෝන් ලීසිං එකකට තමයි ඇප්ලයි කරලා මේක බෞද්ධ ධර්මයේ වැඩ සටහනට දෙන්න කියලා ඉල්ලීමක් කරලා තිබුනා. හැබැයි ඉඩම් කොමසාරිස් ජෙනරාල් වරයා ගැසට් නිවේදනය නිකුත් කරලා තියනවා මේ ප්‍රදේශය තුළ මහජනතාවට මොකක්හරි ප්‍රශ්නයක් තිබුනානං මේ ගැසට් නිවේදනය කරපු දිනයේ සිට සති හයක් ඇතුලත ලිඛිතව ඔබ්ජෙක්ෂන් එක කොමසාරිස් ජෙනරාල්වරයාට දාන්න කියලා. හැබැයි අපි ලිඛිතව ලස්සනට දාලා මේ රිසිට් පත් ඔක්කොම තියනවා. "

එවිට හමුදා නිලධාරියා  එම ඉඩමේ අයිතිය සම්බන්ධයෙන් තමන් නොදැනුවත් බව පවසන අයුරු වීඩියෝගතව තිබේ.



" මම මේ හමුදාවේ සාමාන්‍ය කෙනෙක් හරිද මට ටීම් එකක් අරන් ඇවිල්ලා මෙතන වැඩක් කරන එක පමණයි මං කරන්නේ හරිද? මේකේ අයිතිය මම දන්නේ නෑ. මේ මහත්තයාගෙද, මහත්තයාගෙද හාමුදුරුවන්ගෙද කාගෙද කියන්න මං දන් නෑ. මම වැඩේ පමණයි කරන්නේ පැහැදිලිනේ."

කෙසේ වෙතත්, තමන් කරන්නට පැමිණි රාජකාරිය හෝ ඊට අණ දුන්නේ කව්රුන්ද යන්න හෝ ඔහු පැහැදිලි කළේ නැත.



ත්‍රෛ නිකායට අභියෝගයක්


“මහනුවර මහනිකායේ ස්වාමීන්වහන්සේලා කෙනෙක් මෙතනට පැමිණ මේ ස්වාමීන්වහන්සේලා කරන සියලු දේම හරි කියලා කියනවා නම් මීඩියාවලට, අපිට අඟලක් වත් එපා යයි,”  මොහොමඩ් සයිබුදීන් හමුදා නිලධාරියාට කියා සිටියේය.

දෙමළ සහ මුස්ලිම් ජනයා පවසන්නේ තේතාවාඩිතීව්, පොන්මලෙයිකුඩා, අරිසිමලෙයි , ෂබා නගර්, පොන්මලෙයිකුඩා ආදී  ප්‍රදේශයේ  ජනයා උස් භුමියක් වන පොන්මලෙයි කන්ද ආශ්‍රිත භුමිය සිය වගා කටයුතු වෙනුවෙන් වසර ගණනක සිට  භාවිත කරන බවයි. ධීවර කටයුතු වල නිරත ප්‍රදේශයේ ධීවරයන් විවේකය ගත කිරීම සදහා භාවිත කරන්නේද එම භුමිය බවයි පළාත් බද වාර්තාකරුවන් පවසන්නේ

 

 එම භුමිය අත්පත්කරගැනීම සදහා පුරා විද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්, රජයේ ආරක්ෂක අංශ සාමාජිකයන් සමග බෞද්ධ භික්ෂුන් දෙවන වරට අප්‍රේල් 1 වැනිදා පැමිණි මොහොතේ අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක හිමියන්ගේ සහෝදරයා වන සම්පත් නැමැති රියදුරු වාහනයක් එම භුමියට ඇතුල් කළේ පුල්මොට්ටෙයි ගොවියකුගේ වගා භුමියක වැටක් කඩා සම්බන්ධයෙන් ද ඉඩම් හිමි අබ්දුල්සලාම් නසුර් ඇතුළු ප්‍රදේශවාසී ජනතාව දැඩි විරෝධය පළ කරද්දීය.

ඒ මොහොතේ පනාමුරේ තිලකවංශ නායක හිමියන්ගේ ආරක්ෂාවට යොදවා සිටින ඇමැති ආරක්ෂක අංශයේ නිලධාරියෙක් විරෝධතා දැක්වු දෙමළ, මුස්ලිම් ජනයාට පිස්තෝලය පෙන්වා තර්ජනය කළ ආකාරය වීඩියෝගතව තිබේ.

එම මරණ තර්ජනයට නොබියව “වෙඩිතියන්න” යයි ජනතාව අභියෝග කළ අවස්ථාවේ ආරක්ෂක භටයා පසුබැස යනු දැකගත හැකිය.


09

 උතුර සහ නැගෙනහිර දෙපළාතේ සහ තමන්කඩුව දිශාවේ ප්‍රධාන සංඝනායක අරිසිමලේ ආරණ්‍ය සේනාසනාධිපති පනාමුරේ තිලකවංශ නායක හිමියන්,  නැගෙනහිර පළාතේ පුරාවිද්‍යා උරුමයන් කළමනාකරණය සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දේශීය හා ජාත්‍යන්තර විරෝධය මධ්‍යයේ පත්කළ ජනාධිපති කාර්ය සාධක බලකායේ ඉදිරිපෙළ  සාමාජිකයෙකි.

 

සබැඳි පුවත් :
භික්ෂුවගේ සන්නද්ධ ආරක්‍ෂකයෙක්  මුස්ලිම් සහ දෙමළ වැසියන්ට තර්ජනය කරලා 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්