එළෙඹෙන අප්‍රේල් 21 වන දිනට පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදුවී වසර 4ක් සපිරෙන අතර, එවැනි වෛරී දේශපාලන භාවිතාවන් පරාජය කොට සමාජයට සෙනෙහස කැඳවීමේ අරමුණින් ආරම්භ වන 'සෙනෙහසේ යාත්‍රාව' අප්‍රේල් 19වන දා ආරම්භ කිරීමට නියමිත ය.



හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ගේ අනුශාසකත්වය යටතේ පසුගිය දිනක එළිදැක්වූ ''රැඩිකල් වෙනසක් සදහා වූ ජාතික ව්‍යාපාරය'' විසින් එම වැඩසටහන සංවිධානය කරනු ලබයි.

 PHOTO 2023 04 05 12 10 37 1

 

අප්‍රේල් 19වන දා යාපනයේ නල්ලූර් කොවිලෙන්, සයින්ද්‍රමන්දු මුස්ලිම් පල්ලියෙන්, මන්නාරම මඩු පල්ලියෙන්, මහා කතරගම දේවාලයෙන් හා මහනුවර දළදා මාළිගාවෙන් යන ස්ථාන 5න් ආරම්භ වන සෙනෙහසේ යාත්‍රාවන් අප්‍රේල් 21 වන කොළඹට පැමිණීමට නියමිත අතර එදින සවස 7ට කොළඹ දී සාමය වෙනුවෙන් පහන් දැල්වීමට නියමිතය. ශ්‍රී ලංකාවේ ජාතික සංහිඳියාව වෙනුවෙන් සුවිශාල කාර්ය භාරයක් සිදුකල අභාවප්‍රාප්ත මංගල සමරවීර ගේ ජන්ම දිනය යෙදී ඇත්තේ ද අප්‍රේල් 21 වෙනිදාය.

 

මෙම වැඩසටහන සඳහා රටට සහජීවනය අහිමි කල හා රාජපක්ෂවාදය ශක්තිමත් කරන පාර්ශවයන්ට හැර අනිකුත් සියලු දේශපාලන පක්ෂ හා සංවිධානයන්වලට ආරාධනා කරන බව ''රැඩිකල් වෙනසක් සදහා වූ ජාතික ව්‍යාපාරය''හි කැදවුම්කාර මණ්ඩලයේ සාමාජික මහීල් බණ්ඩාර අප වෙත පැවසිය.

සෙනෙහසේ යාත්‍රාව වැඩසටහන සඳහා සමගි ජන බලවේගය, නිදහස ජනතා සභාව, 43 සේනාංකය, නව ලංකා නිදහස් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, මුස්ලිම් කොංග්‍රසය ආදි පක්ෂ සම්බන්ධ කර ගැනීමට මේදිනවල සාකච්ඡා පවත්වමින් සිටින බව ද මහීල් කියා සිටියේය.

 මේ අතර ''රැඩිකල් වෙනසක් සදහා වූ ජාතික ව්‍යාපාරය'' නියෝජිත තරුණ තරුණියන් පිරිසක් ඊයේ  දින මල්වතු - අස්ගිරි මහනායක ස්වාමීන් වහන්සේලා බැහැදැක ''සෙනෙහසේ යාත්‍රාව'' සම්බන්ධයෙන් උන්වහන්සේලා දැනුවත් කළේය.

PHOTO 2023 04 05 12 10 35PHOTO 2023 04 05 12 10 28PHOTO 2023 04 05 12 10 28 1PHOTO 2023 04 05 12 10 31



 
JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්