අපරාධ නඩු විභාගයකට මුහුණ දුන් පළමු එක්සත් ජනපද හිටපු ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප් අඟහරුවාදා ඉතිහාසගත විය.


නිව් යෝර්ක් හි ඓතිහාසික නඩු විභාගයේදී ඔහු අපරාධ චෝදනා 34ටම වරද පිළිගත්තේ නොමැත.

නඩු විභාගයෙන් පසු, නැවත ෆ්ලොරිඩාවට පැමිණි, 76 හැවිරිදි ඩොනල්ඩ් ට්‍රම්ප් රැස්ව සිටි ආධාරකරුවන්ට පැවසුවේ මෙම අධිචෝදනා 2024 මැතිවරණයට කෙරෙන මැදිහත්වීම් බවය.
 

 
 
 ට්‍රම්ප්ගේ නඩුව අධීක්‍ෂණය කරන විනිසුරු ජුවාන් මර්චන් කවුද?
 
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රහසේ මුදල් ගෙවීමට අදාළ නඩුව අධීක්ෂණය කරන විනිසුරුවරයා, හිටපු ජනපතිවරයා අධිකරණය වෙත ගෙන එනු ඇති නාටකයන් පිළිබඳ හොඳින්ම දන්නේ ය.

නීතිමය වශයෙන් කතා කරන විට, මේ දෙදෙනා මින්පෙර එකිනෙකා හමුවී තිබේ.

2022 දී විනිසුරු හුවාන් මනුවෙල් මර්චන්, ට්‍රම්ප්ගේ සංවිධානයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී ඇලන් වයිසල්බර්ග් වරදකරු කිරීමට තුඩුදුන් බදු වංචා නඩු විභාගයේ මූලාසනය දැරුවේ ය.

ඔහු වසර 16කට වැඩි කලක් විනිසුරු මඬුල්ලේ හිඳ ඇති නමුත්, ඔහුගේ අධිකරණයට පැමිණි වැඩිම ලෝක අවධානයක් දිනූ නඩුව මෙය වනු ඇත.

Juan Manuel Merchan

මෙම නිව් යෝක් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා හිටපු ජනපතිවරයාගේ සමීප සගයෙකු වන ස්ටීව් බැනන්ට එරෙහි අපරාධ නඩුවක දී ද මුලසුන හෙබවීය.

බැනන්, එක්සත් ජනපද-මෙක්සිකෝ දේශ සීමාව දිගට තාප්පයක් ඉදිකිරීමට උපකාර කරනබව පැවසූ පුණ්‍යායතනයක් සම්බන්ධව වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා ලැබීය.

සිකුරාදා (මාර්තු 31), ඔහුගේ නඩු වාරයට දින කීපයකට පෙර, ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය ප්ලැට්ෆෝමය වන 'ටෘත් සෝෂල්'හි පෝස්ටුවක් දමමින්, විනිසුරු මර්චන් "මට වෛර කරනවා,"යි ලිවීය.

හිටපු වැඩිහිටි චිත්‍රපට නිළියක නිහඬ කරවීම සඳහා මුදල් ගෙවීම සම්බන්ධ චෝදනාවන්ට මුහුණදෙන ට්‍රම්ප්, දිගින් දිගටම සිය නිර්දෝෂීබව ප්‍රකාශ කරයි.

විනිසුරු මර්චන්, හොෆ්ස්ට්‍රා විශ්වවිද්‍යාලයීය නීති පීඨයෙන් උපාධිය ලැබීමෙන් පසු 1994 දී සිය නීති දිවිය ආරම්භ කළේ ය. ඔහු නිව් යෝක් ප්‍රාන්ත දිස්ත්‍රික් නීතිපති කාර්යාලයයේ වසර කීපයක් සේවය කළ අතර, පසුව, 1999 දී නැසෝ ප්‍රාන්ත නීතිපතිගේ නියෝජ්‍ය සහකරුබවට පත්විය. අනතුරුව ඔහු නැසෝ සහ සෆක් ප්‍රාන්ත ද්විත්වය සඳහාම නියෝජ්‍ය නීතිපතිවරයෙකු වශයෙන් සේවය කළ අතර, 2006 දී බ්‍රොන්ක්ස් ප්‍රාන්ත පවුල් උසාවියේ විනිසුරු මඬුල්ලට පත්කෙරිණි.

cgfy56

ඔහු 2009 සිට නිව් යෝක් ප්‍රාන්ත ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරමින්, අපරාධ නඩු සඳහා මුලසුන දැරීය.

"ඔහු බැරෑරුම් නීතිවේදියෙක්, දක්ෂක් වගේම ලේසියෙන් කේන්ති නොගන්නා කෙනෙක්," මෑන්හැටන්හි විත්ති නීතිඥ රොන් කුබි NBC පුවත් සේවය වෙත පැවසීය. "ඔහු නීතීඥයින්ට බැන වදින ජාතියෙ විනිසුරුවරුන්ගෙන් කෙනෙක් නෙවෙයි, විකාර ඉවසන්නේ නැති විනිසුරුවරයෙක් විදියට ප්‍රසිද්ධ යි. නමුත් ඔහු හැමවිටම අධිකරණය ඔහුගේ පාලනයේ තියාගන්නවා."

පසුගිය වසරේ, ට්‍රම්ප් සංවිධානයට එරෙහි නඩුවේ දී, චෝදනා එල්ල කෙරුනේ දේශපාලන අභිප්‍රායන් මත පදනම්ව නොවනබවට විනිසුරුවරයා දැඩිසේ ප්‍රකාශ කළේ ය. වයිසල්බර්ග් ඉලක්කකර තිබෙන්නේ ඔහු හිටපු ජනපතිවරයා හා සබැඳි තැනැත්තෙකු නිසාවෙනැ යි තර්ක කිරීමට ට්‍රම්ප් සංවිධානයේ නීතිඥයා උත්සාහ දැරීය.

එම තර්කයට නීතිමය හරයක් නැතැ යි විනිසුරු මර්චන් පැවසීය.

"ඉලක්කගත පැමිණිල්ලක් සම්බන්ධ චෝදනාවක් ඉදිරිපත් කරන්නවත්, මේක අලුත් ආකාරයෙ චෝදනා ඉදිරිපත් කිරීමක් කියලා කියන්නවත් මම ඔබට කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ," බීබීසීහි පුවත් සහකරු CBS සේවයට අනුව මර්චන් එසේ පවසා ඇත.

(රොබින් ලෙවින්සන්-කිං)
බීබීසී පුවත්
උපුටා ගැනීම - BBC සිංහල සේවය

 

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඓතිහාසික අධිකරණ වාරය තත්පර 60කින්

 

 සබැඳි පුවත් :
 

 

 JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්