විපක්ෂයේ සුළු පක්ෂ නායකයන් රවටා ඔවුන් මාර්ගයෙන් සමගි ජන බලවේගයට සමගි සන්ධාන යෝජනා එවීම නිෂ්ඵල කරුණක් බව සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර 'දේශය' පුවත්පතට පවසා ඇත.


මෙලෙස සුළු පක්ෂ නායකයන් කිහිප දෙනකු සජබ වෙත ගෙන එන ලද යෝජනා මගින් වත්මන් ආණ්ඩුවට සහාය දිය යුතු බවට අදහස් පළ කර ඇති නමුත් සජබ ඒ සම්බන්ධයෙන් උනන්දු නොවන බවද හෙතෙම සඳහන් කරයි.

ආණ්ඩුවට රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට යමක් දැන්විය යුතු නම් ඒ බව ඍජුවම ප්‍රකාශ කළ යුතු යැයිද මහලේකම්වරයා අවධාරණය කර සිටියි.

ඒ කවර තත්ත්වයක් යටතේ වුවත් ජනවරමක් නොමැති ආණ්ඩුවක් සමඟ ගනුදෙනුවක් තම පක්ෂයට නැතැයිද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

 

සජබ මහ ලේකම්වරයා එවැනි ප්‍රකාශයක් කරන්නේ ජාතික එකඟතා වැඩපිළිවෙලක් සඳහා ආණ්ඩුවේ නොවන ඇතැම් දේශපාලන පක්ෂ විසින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සඳහා වූ යෝජනාවක් ඉදිරිපත් ඇති මොහොතක දීය.

 

සියලු පක්ෂ එකතුවකින් සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කරන්නේ නම් ඒ සඳහා සහාය දීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් බව එම පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සඳහන් කරයි.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහිකර එහි නිශ්චිත වැඩපිළිවෙළක් යටතේ ඉදිරියට යන්නේ නම් එම වැඩපිළිවෙළ සඳහා සහාය දීමට පක්ෂයක් ලෙස සූදානම් බවද හෙතෙම සඳහන් කරයි.

ඒ හැර තනි තනි පුද්ගලයා ලෙස ආණ්ඩුවට එක්වී ඇමති ධුර බාර ගැනීමට හෝ වරප්‍රසාද වරදාන ලබා ගැනීමට සූදානම් නැති බව ද ශ්‍රීලනිප මහ ලේකම්වරයා අවධාරණය කර සිටියි.

තම පක්ෂ නායක හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ද සඳහන් කර ඇත්තේ සර්වපාක්ෂික ආණ්ඩුවක් වෙනුවෙන් කැපකිරීම් කිරීමට සූදානම් බව යයි පවසන ශ්‍රීලනිප ලේකම් වරයා, කෙසේ වෙතත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා රාජපක්ෂවරුන්ගේ තනතුරු රැක දීම සඳහා මුක්කු ගැසීමට පක්ෂයක් ලෙස සූදානම් නැති බවද අවධාරණය කර සිටියි. 

 

JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්