සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න පක්ෂගේ සාමාජිකත්වය අත්හිටුවීම

සඳහා එම පක්ෂයේ කළමනාකරණ කමිටුව හෙට (10 සඳුදා ) පස්වරු 7.00ට කැඳවා ඇතිබව වාර්තාවේ. 


වෛද්‍ය රාජිත සේනාරත්න තව දුරටත් සමගි ජන බලවේගයේ රැඳී සිටිමින් ආණ්ඩුවේ ඇමති ධූරයක් ලබා ගන්නා බව ප්‍රසිද්ධියේම ප්‍රකාශ කර පක්ෂයේ විනය කඩකිරීමක් සිදුකර ඇති හෙයින්, වහාම ඒ සම්බන්ධයෙන් පියවරක් ගත යුතු බවට එම පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පක්ෂ නායක සජිත් ප්‍රේමදාසගෙන් කළ ඉල්ලීමට අනුව මෙම රැස්වීම කැඳවා ඇතැයි පැවසේ.

රාජිත සේනාරත්න දිගු කාලයක සිට පක්ෂයේ ඉදිරි ගමනට බාධා වන අයුරින් හැසිරෙමින් පක්ෂයේ ක්‍රියාකාරීන් ආණ්ඩුව සමග එක් කරගැනීමට දැඩි උත්සාහයක් ගෙන ඇති බවට ද එම මන්ත්‍රීවරුන් පිරිස සජිත් ප්‍රේමදාසව දැනුම්වත් කර ඇත.

ඒ අනුව විනය පරීක්ෂණයකට යටත්ව රාජිත මන්ත්‍රීවරයාගේ සාමාජිකත්වය අත්හිටුවන ලෙස එම මන්ත්‍රීවරුන් පක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත දැඩි බලපෑමක් එල්ල කරමින් සිටින බවද පැවසේ. එවැනි දැඩි තීරණයක් නොගතහොත් වැඩි දිනක් යාමට පෙර පක්ෂය පැහැදිලිව දෙකඩ විය හැකි බවට එම මන්ත්‍රීවරුන් පක්ෂ නායකත්වය වෙත අනතුරු අඟවා ඇතැයි පැවසේ.

පක්ෂයේ විනය කඩකරමින් කටයුතු කරන රාජිත සේනාරත්නට එරෙහිව වහාම විනය ක්‍රියාමාර්ග ගත යුතු බව සජබ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මෙන්ම එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා මේවනවිට ප්‍රසිද්ධියේම ප්‍රකාශකර ඇත.

 

 

  


JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates