''ඇමතිකම් අරගෙන ජනවරමක් නැති රනිල් රාජපක්ෂ ජුන්ටා ආණ්ඩුව සමග නිදහස ජනතා සභාවේ කිසිවෙකු හිටගන්නේ නැහැ''

යයි පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර පවසයි.

නිදහස ජනතා සභාව සාමාජිකයකු වන වසන්ත යාපාබණ්ඩාර මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, මහනුවර දී ඊයේ (08) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.

එහිදී ඔහු මෙසේ අදහස් දැක්විය.

'' අපි ඇත්ත වශයෙන්ම කියන්නට අවශ්‍යයයි අපි මේ පහුගිය ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ රජයේ බහුතරය බිද හෙළපු කණ්ඩායම විදියට පහුගිය කාලයේ පෝලිම් යුගයක් තිබුණා. අද පෝලිම් නැතත් කිව්ආර් හරහා සැපයුම් ජාල සීමා කරලා තිබෙනවා. අපි කියන්නට අවශ්‍යයයි ගෙන ගියපු දුර්ධාන්ත පාලනය පරාජයට පත් කිරීම වෙනුවෙන් අපට තීන්දුවක් ගන්න සිද්ධ වුනා. පාලකයෝ මුග්ධ තීන්දු ගන්නකොට ඒ පාලකයන්ට එරෙහිව අපේ මහජන මතය පාර්ලිමේන්තුව තුලත් රට තුලත් අපට කශේරුකාවක් තියාගෙන ප්‍රකාශ කරන්න සහ ඒ වෙනුවෙන් පෙනී ඉන්න අපිට හැකියාවක් තිබ්බ නිසාවෙන් අනාගතයේදී මේ ජුන්ටා ආණ්ඩුවේ කොටස්කාරයෝ වෙන්නේ නෑ කියන එක අපි කියනවා.

 

 අපි ''නිදහස ජනතා සභාව" විදියට අපි කියන්නට අවශ්‍යයයි අපි එකාවන්ව අපේ 13 දෙනා ක්‍රියාකරනවා. මේ ජුන්ටා ආණ්ඩුව, ජනවරමක් නැති ආණ්ඩුව මේ මහජනතාවගේ වරප්‍රසාද කොල්ලකමින් මහජනතාව ආර්ථික බංකොලොත්භාවයකට පත් කරලා, මහජනතාව වරමක් දීලා නැති රනිල් රාජපක්ෂ ආණ්ඩුවත් එක්ක අපි කිසිසේත්ම හිටගන්නේ නැහැ කියන එක කියන්නට ඕන විශේෂයෙන්ම.  

 

''රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තමන් විසින්ම නිර්මාණය කර අනවශ්‍ය කොන්දේසි දැවැන්ත ප්‍රමාණයක් සමග රට මේ ආර්ථික අර්බුදයේ දරුණු විදියට හිර කිරීමේ මේ ආදීනව වලට රජයට සහ රටට අනාගතයේදී ඉතාම දරුණු විදියට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා''

අද දවසේදී ඇත්තටම මේ මාධ්‍ය හමුව පැවැත්වීමට සූදානම් වන්නේ රටේ ඉතාමත්ම දරුණු විදියට ආර්ථික ව්‍යවසනයක මුවවිටට පැමිණිලා ඒ ආර්ථික ව්‍යවසනය ජයගැනීම සදහා අවශ්‍ය නිසි ක්‍රියාමාර්ග ගන්නවා යැයි මුසාවාදා ප්‍රකාශ කරමින් රටේ ජනාධිපතිවරයා සහ ආණ්ඩුව පාරම්බානවා දැන් මේ වෙනකොට රජයක් විදියට ගත යුතු ප්‍රශස්තම තීන්දු තමන් විසින් ලබාගනිමින් සිටිනවා කියන එක පිළිබදව. නමුත් ඇත්ත වශයෙන්ම කියන්නට අවශ්‍යයයි මේ වෙලාවේදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රථම ණය වාරිකය ලබාගැනීමෙන් උද්ධාමයට පත්වෙලා ඒ ණය වාරිකය මත රටේ ඉදිරි ආර්ථික ජයග්‍රහණ තමන් විසින් අත්පත් කරගෙන හමාර බවට ජයඝෝෂා නංවන ආණ්ඩුව රටේ මහජනතාව මුලාවෙන් මුලාවට පත්කිරීම පිළිබදව අපේ දැඩි අප්‍රසාදය මේ වෙලාවේදී පල කිරීමට අවශ්‍යයයි.

ඇත්තටම නිදහස් ජනතා පෙරමුණ විදියට අප රටේ යම් මතවාදයක් ගෙන එනවා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මේ ණය වාරිකය පිළිබදව අනවශ්‍ය උද්ධාමයකට පත්වෙලා මේ රට මේ යන විනාශය පිළිබදව මහජනතාව මුසාවාදා ප්‍රකාශ කරන්න එපා කියන කාරණාව. මොකද මේ වෙලාවේදී රජය විසින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තමන් විසින්ම නිර්මාණය කර අනවශ්‍ය කොන්දේසි දැවැන්ත ප්‍රමාණයක් සමග රට මේ ආර්ථික අර්බුදයේ දරුණු විදියට හිර කිරීමේ මේ ආදීනව වලට රජයට සහ රටට අනාගතයේදී ඉතාම දරුණු විදියට මුහුණ දෙන්නට සිද්ධ වෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියපු කොන්දේසි තවත් වර්ධනය කරමින් බදු බර දැවැන්ත විදියට ඉහළ දමමින්, ඒ වගේම තමයි පොලී අනුපාත දැවැන්ත විදියට ඉහළ දමමින්, ඒ වගේම තමයි රජය නාස්තිකාරී වියදම් තවදුරටත් අඛණ්ඩව ඉහළ දමමින් රජයක් විදියට මේ වෙලාවේ ගතයුතු ප්‍රශස්ථම තීන්දු නොවෙයි රජය විසින් ලබාගනිමින් තිබෙන්නේ.

 

 ''බැසිල් රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම රාජ්‍ය පාලනයට සහ මූල්‍ය අංශයේ පාලනයට ප්‍රභල ලෙස දායක වෙච්ච කණ්ඩායම ඉතා මුග්ධ ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රතික්ෂේප කරමින් තමන්ට දේශීය උපාය උපක්‍රම තියෙනවා කියලා දැඩි වහසිබස් වලින් තමා අපේ කණ්ඩායමට පහර එල්ල කරේ ආණ්ඩුව තුලදී.''

 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මහ බැංකුව ස්වාධීන කරන්නැයි කියලා කියනකොට, මහ බැංකුව පහුගිය කාලේ දේශපාලනීකරණයක් වී තිබුණා. මහ බැංකුවේ දේශපාලනීකරණය අපි දකින්නේ රජයේ අනවශ්‍ය වියදම් පියවා ගැනීම වෙනුවෙන් රජය විසින් මහ බැංකුවට යෝජනා කළා මෙපමණ ප්‍රමාණයක මුදල් නිකුත් කර තමන් වෙත ලබාදෙන්න කියලා. ඒ නිසා රජය දිගින් දිගටම නව මූල්‍ය න්‍යාය අනවශ්‍ය විදියට ආරෝපණය කර ගනිමින් රජයට උපදෙස් දුන්නු, රජයේ මූල්‍ය අංශය භාරව හිටපු මේ සියලු දෙනා මූල්‍ය ප්‍රසාරණයක් බලාපොරොත්තුවෙන් පොලී අනුපාතය ඉතාමත්ම පහළ 5% ක 6% ක මට්ටමින් පවත්වාගනිමින්, ඒ වගේම තමා දැවැන්ත ලෙස මුදල් රජය විසින් මහබැංකුව හරහා රටට නිකුත් කරමින් රටේ දේශීය මුදල් ප්‍රසාරණය කිරීමේ ප්‍රතිපත්තියක් තමයි රජය අනුගමනය කරේ. රජය අනුගමනය කරපු මේ අනවශ්‍ය මේ නාස්තිකාරී රජයේ වැඩපිළිවෙල හමුවේ රටේ මූල්‍ය අංශයේ සමබරතාවය බිදවැටුණා.

 

 ''මර්ධනකාරී බදු ප්‍රතිපත්තිය නිසා විශේෂඥ වෛද්‍යවරුන් සහ වෘත්තිකයින් රට හැර යෑම සීඝ්‍රයෙන් වැඩි වෙලා. ඉදිරියේදී සෞඛ්‍ය ක්ෂේත්‍රය දැඩි අවධානමකට පත්වෙන්න ඉඩ තිබෙනවා''

මේ රටේ මූල්‍ය අංශයේ සමබරතාවය බිදවැටෙනකොට උද්ධමනය දරුණු විදියට ඉහළ යෑමේ ප්‍රවණතාවයක් මතුවෙමින් පැවතුනා. මෙබදු තත්වයක් තුල පහුගිය ආණ්ඩුව ගත්ත වැරදි මූල්‍ය තීන්දු ගණනාවක් හේතුවෙන් පහුගිය රජයට ආර්ථිකය මනා ලෙස කළමනාකරණය කෙසේ වෙතත් යම් ප්‍රමාණයකටවත් ආර්ථිකය පාලනය කිරීමේ රැහැන් තමන්ගේ අතේ තබාගැනීමට කිසිසේත්ම හැකියාවක් ලැබුණේ නැහැ. ඒ නිසාවෙන් ආණ්ඩුව බංකොලොත් ආර්ථිකයක් අප්‍රේල් 12 වෙනිදා වෙනකොට ප්‍රකාශයට පත්කරන්න තරම් පහළ ධීන තත්වයකට පත්වුණා. මෙහිදී ඇත්ත වශයෙන්ම අපි මුලින් කියා හිටියා කල් ඇතුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අපගේ කොන්දේසිද අතැතිව ඉතා විනිවිද පෙනෙන ආකාරයේ  සහ රටට හිතකර සාකච්ඡා වටයකට යන්න කියන එක. එහිදී බැසිල් රාජපක්ෂ මැතිතුමා, ඒ වගේම රාජ්‍ය පාලනයට සහ මූල්‍ය අංශයේ පාලනයට ප්‍රභල ලෙස දායක වෙච්ච කණ්ඩායම ඉතා මුග්ධ ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යෑම ප්‍රතික්ෂේප කරමින් තමන්ට දේශීය උපාය උපක්‍රම තියෙනවා කියලා දැඩි වහසිබස් වලින් තමා අපේ කණ්ඩායමට පහර එල්ල කරේ ආණ්ඩුව තුලදී.

''විශේෂඥ වෛද්‍යවරුන් සහ එබදු මට්ටමේ වෘත්තිකයින්. එම තත්වය නිසා අනාගයේදී මේ රටේ රෝහල් පද්ධතිය සහ රෝගීන් විශාල පීඩාවකට පත්වීමකට ඉඩ තිබෙනවා''

 

රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යායුතු අවස්ථාවේ නොගොස් මේ අටවගත්ත ජනාධිපති රනිල් වික්‍රමසිංහ රජය යටතේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රවේශ වෙලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ඉතා දැඩි ලෙස තමන් විසින් රටට ක්‍රියාත්මක කරන්න යන වෙලාවේ ජනතාව දැඩි පීඩනයකට ලක්වෙලා තිබෙනවා. රු. ලක්ෂය අභිබවා ගියපු ආදායම් ලබන වෘත්තිකයින්ගෙන් දැඩි මර්ධනකාරී ආදායම් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කරන වෙලාවේ ඔවුන් විසින් මේ බදු ක්‍රමය ලිහිල් කරන්න කියලා ඉල්ලීමක් කරනවා රජය ඒක කනට ඇහෙන්නේ නෑ වගේ තමයි කටයුතු කරන්නේ. මේ නිසා ඉතා බරපතල ලෙස සංවේදී රාජ්‍ය නිලධාරීන් රට හැර යන තත්වයක් මතුවෙලා තිබෙනවා. විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරුන් සහ එබදු මට්ටමේ වෘත්තිකයින්. එම තත්වය නිසා අනාගයේදී මේ රටේ රෝහල් පද්ධතිය සහ රෝගීන් විශාල පීඩාවකට පත්වීමකට ඉඩ තිබෙනවා. දැනටත් ඇත්ත වශයෙන්ම ඖෂධ හිගය සහ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගය නිසා පිළිකා රෝහල් වගේ රෝහල් අඩපණ තත්වයක් ඉදිරියේදී ඇති වුනොත් අපි පුදුම විය යුතු නැහැ.

 

''රජයට අයිති බැංකු ආයතන, රජයට අයිති ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර මේ සියල්ලම පාහේ කුණු කොල්ලයට පෞද්ගලික අංශයට ලබාදීමේ පිඹුරුපත් මේ වෙනකොට සකස් කරමින් ඉන්නවා''

ඒ වගේම තමයි මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි බදු ක්‍රමය හරහා පමණක් නෙවෙයි මේ මූල්‍ය අංශය තුලත් අපි දකිනවා දැවැන්ත විදියට මූල්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරනවා කියන මතය ඉදිරියට දමමින් මේ රජයට අයිති බැංකු ආයතන, රජයට අයිති ලාභ ලබන රාජ්‍ය ව්‍යාපාර මේ සියල්ලම පාහේ කුණු කොල්ලයට පෞද්ගලික අංශයට ලබාදීමේ පිඹුරුපත් මේ වෙනකොට සකස් කරමින් ඒවා මහ දවල් එළියේ සාකච්ඡා කරන මට්ටමට පැමිණ තිබෙනවා. එතකොට රජය විදියට මේ තමන්ගේ නාස්තිකාරී දැවැන්ත වියදම් ශීර්ෂයන් සීමා කර ගැනීම කරන්නේ නැතිව තවදුරටත් ඔවුන් මොකක්ද කරන්නේ මේ වියදම් තවදුරටත් ක්‍රියාත්මක කරමින් යන අතරවාරයේ දී බදු ක්‍රමය හරහා මේ දරුණු විදියට රටේ ව්‍යාපාරික ප්‍රජාවත් ඒ වගේම තමයි වෘත්තිකයින් ඇතුළු මේ සමස්ත රජය තුල රටට අවශ්‍ය කරන මේ නිලධාරීන් අකර්මණ්‍ය කරන මට්ටමකට පරිවර්තනය වෙලා තිබෙනවා.

''අනිවාර්යයෙන්ම රටේ ජනාධිපතිවරයා රටේ මුදල් අමාත්‍යවරයා නිර්දේශ කරන අය පමණයි මේ විදියට මහ බැංකුවේ ඉහළ පාලන අධිකාරියට පැමිණෙන්නේ. මේ තුලින් මහ බැංකුව ස්වාධීන කිරීමේ ක්‍රියාවලිය තනිකරම මරා දමලා තියෙනවා.''

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසියක් විදිය ඉදිරිපත් කරලා තියනවා කියලා මේ මහ බැංකුව ස්වාධීන කිරීමේ ක්‍රියාවලිය ගත්තොත් ආණ්ඩුව මොකද කරන්නේ ඒ මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත් කෙටුම්පතක් ඉදිරිපත් කරමින් ඔවුන් කරලා තිබෙන්නේ මුදල් අමාත්‍යවරයාට මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති වගේ ප්‍රභල පෙලේ නිලධාරීන් අමාත්‍යවරයාට නිර්දේශ කරන්න පුළුවන් මට්ටමට පනත ප්‍රතිශෝධනය කරන්න උත්සාහයක් දැරීමක් අපි දකිනවා. ඒ වගේම තමයි ජනාධිපතිවරයා විසින් මේ විදියට පත්කිරීමක් මහ බැංකුව සම්බන්ධයෙන් උසස් නිලධාරීන් පත් කරාට පස්සේ ඒවා ව්‍යවස්ථාදායක සභාවට ආවට පස්සේ ව්‍යවස්ථාදායක සභාවේදී ප්‍රතික්ශේප වන හැම අවස්ථාවකදීම යලිත් වතාවක් ජනාධිපතිවරයාට මුදල් අමාත්‍යවරයාට පැමිණෙනවා නැවත අලුත් නමක් යෝජනා කරන්න මේ විදියට මේක චක්‍රයක් විදියට අනිවාර්යයෙන්ම රටේ ජනාධිපතිවරයා රටේ මුදල් අමාත්‍යවරයා නිර්දේශ කරන අය පමණයි මේ විදියට මහ බැංකුවේ ඉහළ පාලන අධිකාරියට පැමිණෙන්නේ. මේ තුලින් මහ බැංකුව ස්වාධීන කිරීමේ ක්‍රියාවලිය තනිකරම මරා දමලා තියෙනවා.

"රජය මේ උසස් පෙළ ශිෂ්‍යන්ගේ, තරුණ දරු පරම්පරාවේ අධ්‍යාපනය මරා දැමීමේ ඒ පාපයට රජයට මුහුණ දෙන්න වෙනවා කියන එකයි අපි කියන්නේ."

ඒ වගේම තමයි මේ බදු ක්‍රමය හරහා රටේ වෘත්තිකයින් පීඩාවට පත්කරලා තිබෙනවා අද වෙනකොට අපි දන්නවා මේ රටේ විශ්වවිද්‍යාල ප්‍රජාව නැතිනම් අධ්‍යයන කාර්යමණ්ඩල උසස් පෙළ ශිෂ්‍යයන්ගේ උත්තර පත්‍ර සකස් කිරීමේ කාර්යයයෙන් ඉවත්විමේ පසුබිම තුල ඔවුන් ඉල්ලා සිටිනවා මේ බදු ක්‍රමය සැහැල්ලු කරන්න කියන කාරණාව. රජය ඇත්තටම මේ උසස් පෙළ දරුවන් පිලිබදව තමන්ගේ දැඩි අවධානය යොමු කළ යුතු වෙනවා. උසස් පෙළ ගුරුවයකු ලෙස ඉගැන්වූ මම මේ රජයට බල කර කියා සිටිනවා මේ දරුවන්ගේ අධ්‍යාපන කාලය, උසස් අධ්‍යාපනයට යොමුවීමේ හෝ වෘත්තීයකට එළඹීමට ඇති කාලය ඔවුන්ට යලි ලබාගැනීම අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මේ විභාගයේ ප්‍රතිපළ ලැබෙන තුරු ඔවුන් ඇගිලි ගනිමින් සිටිනවා. දැනටමත් එය ප්‍රමාද වෙලා හමාරයි. ඔවුන්ට දෙවැනි වතාවේ විභාගයට මුහුණ දීමේ ගැටළුවක් පැනනගිනවා. ඒ වගේම වෙනත් වෘත්තීය අධ්‍යාපන වෙත හෝ විදේශීය විශ්වවිද්‍යාල වෙත යොමු වෙනවනම් ඒ පිළිබදව ගැටළුවක් මතුවෙනවා. මේ නිසා උසස් පෙළ දරුවන් දැඩි පීඩනයකට ලක්වෙලා තිබෙනවා මේ වෙලාවේ. ඇත්තටම ආණ්ඩුවක් විදියට මේ වෙලාවේ කළ යුතු එකම දේ මේ දරුවන්ට ප්‍රතිඵල වහාම ලබාදීම සදහා වන ක්‍රියාකාරීත්වය සදහා තමන්ගේ වුවමනාව නිවැරදිව ප්‍රදර්ශනය කිරීම. මේ විදියට උසස් පෙළ සිසුන්, මේ රටේ තරුණ දරු පරම්පරාව මේ රජය ගෙනයන්නේ විනාශයටද කියන එක අපිට අහන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉල්ලා සිටින බදු සංශෝධන වලින් රජයට පහසුවෙන්ම යා හැකි බදු සීමාවන් වලට යා යුතුයි. රජය මේ උසස් පෙළ ශිෂ්‍යන්ගේ, තරුණ දරු පරම්පරාවේ අධ්‍යාපනය මරා දැමීමේ ඒ පාපයට රජයට මුහුණ දෙන්න වෙනවා කියන එකයි අපි කියන්නේ.  

''රට වැසියා ත්‍රස්තවාදියා බවට හංවඩු ගහපු මේ ආණ්ඩුව ත්‍රස්ථ විරෝධී පනතින් කරපු එකම දේ තමයි ශ්‍රී ලාංකික පුරවැසියා ත්‍රස්තවාදියා කියලා නිර්වචනය කරලා, හංවඩු ගහලා, දඩුකදේ ගහන්න අවශ්‍ය පිඹුරුපත් සැකසීමට නෛතික ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.''

 

''මේ ආණ්ඩුව ත්‍රස්ත විරෝධී පනතින් කරපු එකම දේ තමයි ශ්‍රී ලාංකික පුරවැසියා ත්‍රස්තවාදියා කියලා නිර්වචනය කරලා, හංවඩු ගහලා, දඩුකදේ ගහන්න අවශ්‍ය පිඹුරුපත් සැකසීම''

 

මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි තමන් ඔවුන් විසින් ඉදිරිපත් කරපු කොන්දේසි වලටත් වඩා රජය ඔවුන්ගෙන් ලකුණු දමාගැනීම සදහා ඉතා ප්‍රභල කොන්දේසි තමන්ම නිර්මාණය කර ගනිමින් ඔවුන් මොකද කරන්නේ  මේ රට තුල ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අකුරක් නෑර ඉටුකරනවා කියන එක් පෙන්වීම සදහා ඔවුන් ප්‍රතිත්‍රස්ථ පනත නැත්නම් ත්‍රස්ත විරෝධී පනත ගෙනල්ලා තිබෙනවා. මේ ත්‍රස්ත විරෝධි පනත ඇත්තටම සීනි තවරපු හිස් ආහාරයක් විදියට තමයි අපි දකින්නේ. මේ අයිසින් දාපු ප්‍රති ත්‍රස්ත පනත නැත්නම් ත්‍රස්ත විරෝධි පනත මේ අයිසින් දමපු කේක් ගෙඩිය රටට නෙවෙයි ජාත්‍යන්තරයටයි පෙන්නන්නේ. ඔවුන් කියනවා මේ රාජ්‍ය මර්ධනය හමුවේ රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි ක්‍රියාත්මක කරන්න යනකොට බදු ගෙවන්න බැරුව මහ මගට වැටෙන මිනිස්සු කෑ ගහනකොට, ඒ වගේම තමයි තමන්ට පාසල් වෙත ගොස් අධ්‍යාපනය ලබාගැනීමට අවශ්‍ය පහසුකම් නොමැති නොමැති දරුවෝ කෑ ගහනකොට, ඒ වගේම තමයි බෙහෙත් නොමැතිව හඩාවැළපෙන රෝගීන් මහමගට එනකොට, ශිෂ්‍යන්ගේ අධ්‍යාපනය අයිතිය අහිමි වෙන වෙලාවේදී, සහනාධාරලාබීන්ගේ සහනාධාර අහිමි වන මේ මහජනයා පාරට ඇවිල්ලා විලාප තියනකොට ඒ මහජන විරෝධය කුඩු පට්ටම් කරන්න ත්‍රස්ත විරෝධී පනත කියලා පනතක් ගෙනල්ලා තිබෙනවා. මේ ත්‍රස්ත විරෝධී පනතෙන් ක්‍රියාත්මක කරන්න හදන්නේ ආණ්ඩුවට විරුද්ධව, ආණ්ඩුව ගේන ප්‍රත්පත්ති වලට විරුද්ධව කවුරු හරි පාරය බහිනවනම් ඒ පාරට බහි මිනිස්සුන්ව දඩුකදේ ගහන්න තමයි මේ ත්‍රස්ත විරෝධී පනත ගෙනල්ලා තිබෙන්නේ.

 

ඉදිරියේදී වෘත්තීය සමිතියක් වැඩවර්ජන ක්‍රියාමාර්ගයකට යොමු උනොත් ඔවුන් ත්‍රස්තවාදී සේ සලකා, වෘත්තීය සමිති විදියට නෙවෙයි, වෘත්තිකයෝ විදියට නෙමෙයි, කම්කරුවෝ විදියට නෙවෙයි, රජයේ සේවකයෝ විදියට නෙවෙයි, ත්‍රස්තවාදීන් ලෙස සලකලා ඔවුන්ව අත්අඩංගුවට ගෙන අවුරුද්දක සිරභාරයකට ලක්කරන්න. මේ ත්‍රස්ත විරෝධී පනතෙන් කරලා තිවෙයන්නේ ශ්‍රී ලාංකීය ජාතිය ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගහලා, ශ්‍රී ලාංකීය මහජනතාව ත්‍රස්තවාදීන් ලෙස ත්‍රස්ත විරෝධී පනත හරහා හිරේ දාන පනතක් තමයි මේ ත්‍රස්ත විරෝධී පනත කියලා කියන්නේ. මේ පනත හරහා ශ්‍රී ලංකාවේ සියළු පුරවැසියන් ත්‍රස්තවාදීන් බවට පරිවර්තනය කරලා තිබෙනවා. ඔවුන් යම්කිසි විදියකින් පීඩාවකට පත්වෙන වෙලාවේදී පාරට බැහැලා කෑ ගැහුවොත් අනිවාර්යයෙන්ම ඔහු ත්‍රස්තවාදියෙක් බවට පරිවර්තනය වෙනවා. ඒ නිසා රට වැසියා ත්‍රස්තවාදියා බවට හංවඩු ගහපු මේ ආණ්ඩුව ත්‍රස්ථ විරෝධී පනතින් කරපු එකම දේ තමයි ශ්‍රී ලාංකික පුරවැසියා ත්‍රස්තවාදියා කියලා නිර්වචනය කරලා, හංවඩු ගහලා, දඩුකදේ ගහන්න අවශ්‍ය පිඹුරුපත් සැකසීමට නෛතික ක්‍රියාමාර්ග ගෙන තිබෙනවා.

රනිල් වික්‍රමසිංහ ජනාධිපති කරන්න පාර්ලිමේන්තුවේ 134ක් ඡන්දෙ දුන්න ඔබ මහජන වරම මංකොල්ල කෑවා. ඔබ 134 දෙනාට කිසිදු සාධාචාරාත්මක අයිතියක් හෝ කිසිදු ජනවරමක් නැහැ මේ රටේ පුරවැසියා ත්‍රස්තවාදීන් ලෙස හංවඩු ගහන්න.

''බඩු මිල අඩු කරාය කියලා මේ වහසිබස් දොඩන කණ්ඩායම ඇත්ත වශයෙන්ම ඉතා ප්‍රභල විදියට බදු පද්ධතිය හරහා වැට් බද්ද හරහා, ඒ වගේම ආදායම් බද්ද හරහා, වෙනත් බදු රාශියක් හරහා දරුණු විදියට මහජනතාවගේ මුදල් පසුම්බිය මංකොල්ල කනවා.''

අද සිංහල අවුරුද්ද සමරන වෙලාවේදී බඩු මිල අඩු කරාය කියලා මේ වහසිබස් දොඩන කණ්ඩායම ඇත්ත වශයෙන්ම ඉතා ප්‍රභල විදියට බදු පද්ධතිය හරහා වැට් බද්ද හරහා, ඒ වගේම ආදායම් බද්ද හරහා, වෙනත් බදු රාශියක් හරහා දරුණු විදියට මහජනතාවගේ මුදල් පසුම්බිය මංකොල්ල කනවා. ඒ මුදල් පසුම්බිය මංකොල්ලකාපු මේ ආණ්ඩුව අද මහජනතාවට කියනවා අද තැන තැන හාල් ටිකක් බෙදලා, ඒ වගේම තමයි පහසුකම් ටිකක් බෙදලා ඔවුන් මේ මහජනතාව අන්දන්න උත්සාහ කරනවා අපි තමයි මේ මූල්‍ය අර්බුදයට විසදුම් ලබාදෙන න්‍යාය ආචාර්යවරුන් කියලා.

''මහින්දානන්ද අලුත්ගමගේලා මෙන්න සමගි ජන බලවේගයෙන් අහවලා හෙට එනවා, මෙන්න කිහිප දෙනෙක් හෙට එනවා මේ අයගේ ප්‍රාර්ථනාව සහ උත්සාහය තමයි මේ තියෙන්නේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලෙස ලැබුණු ඩොලර් මිලියන 333 දේශපාලන පොරොන්දු විදියට විනාශ කරලා දාලා තවදුරටත් රජය බංකොලොත් ආර්ථිකයක් බවට යලි ප්‍රකාශ කරගැනීමේ අවස්ථාවේ තමයි රජය කටයුුතු කරන්නේ. ''

අපේ රජයයන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් 16 වතාවක් ණය අරගෙන කරපු වින්නැහිය අතිශය සමාන ආකාරයට 17 වෙනි වාතවේතී ක්‍ර්‍රියාත්මක කරගෙන යනවා. රජය අවස්ථා 16 කදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබාගෙන මේ රටේ මහජනතාවට සහන දෙනවා කියන ලේබලය අලවලා අර ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය කාබාසිනියා කරලා දැම්මා. රජය මේ අවස්ථාව පාවිච්චි කරන්නේ තකිකරම දේශපාලන උපායක් විදියට. මේ කණ්ඩායම උත්සාහ කරන්නේ දැන් අද හෙට ආණ්ඩුවට විපක්ෂයෙන් එක් වන මන්ත්‍රීවරුන් ඇමතිවරුන් පිළිබදව අපිට සාකච්ඡා අහන්න ලැබෙනවා. ඔවුන් සාකච්ඡා කරනවා එලියේ කියනවා මහින්දානන්ද අලුත්ගමගේලා මෙන්න සමගි ජන බලවේගයෙන් අහවලා හෙට එනවා, මෙන්න කිහිප දෙනෙක් හෙට එනවා මේ අයගේ ප්‍රාර්ථනාව සහ උත්සාහය තමයි මේ තියෙන්නේ. කවුද ඔබට ජනවරමක් දුන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මේ ලැබිච්චි පළමු වාරිකයෙන් ඔබට උත්තේජනයක් දීලා තිබෙන්නේ කවුද ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය තව දුරටත් පුළුල් කරන්නද? ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පළමු ණය වාරිකය ලෙස ලැබුණු ඩොලර් මිලියන 333 දේශපාලන පොරොන්දු විදියට විනාශ කරලා දාලා තවදුරටත් රජය බංකොලොත් ආර්ථිකයක් බවට යලි ප්‍රකාශ කරගැනීමේ අවස්ථාවේ තමයි රජය කටයුුතු කරන්නේ.

අනාගතයෙදී රටේ ඇති වන ආර්ථික සංකෝචනය හරහා රටේ මිනිසුන්ගේ පටි තද කරගන්න සිදුවෙනවා. තමන්ගේ පටි තද කරගැනීම හරහා අලුත් ඇමතිවරුන්ගේ වරප්‍රසාද ලබාදීම දරාගැනීමට සිදුවෙනවා. ඊට විරුද්ධව කටයුතු කරන්න ගියොත් අනිවාර්යයෙන්ම අවුරුද්දකට වැඩි කාලයකට හරේ දාන තත්වයකට ත්‍රස්ත විරෝධි පනත සම්මත කරලා අනිවාර්යයෙන්ම මහජනතාව හිරේට දාන තත්වයකට පරිවර්තනය කරන්න ආණ්ඩුව කිසිම කැතක් නැතුව පෙළගැහිලා ඉන්නවා කියන එක විතරක් කියන්න ඕන. 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්