තරමක් අපහසු බවක් දැනුනත්, ඔබට බඳුනක් තුළ හැන්දකින් මිශ්‍ර කර වුවත් කේක් එකක් නිර්මාණය කළ හැකිය. නමුත් එක්සත් ජනපදයේ විද්‍යාඥයන් ඒ වෙනුවට 3D මුද්‍රණ යන්ත්‍රයක් භාවිතා කර තිබේ.


මුද්‍රිත ආහාර ව්‍යාපෘතියේ කොටසක් ලෙස ආහාරයට ගත හැකි 'තීන්ත' භාවිතයෙන් චීස්කේක් සෑදීම සඳහා නිව් යෝර්ක් හි කොලොම්බියා විශ්ව විද්‍යාලයේ ඉංජිනේරුවන් කණ්ඩායමක් විසින් මෙලෙස ත්‍රිමාණ මුද්‍රණ යන්ත්‍රයක් භාවිතා කර ඇත.

"චීස්කේක් කියන්නේ අපට දැන් ප්‍රදර්ශනය කළ හැකි හොඳම දෙය, නමුත් මුද්‍රණ යන්ත්‍රයට තවත් බොහෝ දේ කරන්න පුළුවන්," විශ්ව විද්‍යාලයේ නිර්මාණාත්මක යන්ත්‍ර විද්‍යාගාරයේ ඉංජිනේරු ජොනතන් බ්ලූටින්ගර් පැවසීය.

චීස්කේක් වැනි අතුරුපසක් මෙලෙස සාදා ගන්නේ ග්‍රැහැම් ක්‍රැකර්ස්, රටකජු බටර්, නූටෙල්ලා, කෙසෙල්, ස්ට්‍රෝබෙරි ජෑම්, චෙරි ඩ්‍රිසල් සහ ස්ට්‍රෝබෙරි ෆ්‍රොස්ටිං යොදා ගනිමින්ය.

ආහාර සුරක්ෂිතතාව වැඩි දියුණු කිරීම සහ පරිශීලකයින්ට ඔවුන්ගේ ආහාරවල පෝෂ්‍ය පදාර්ථ පාලනය කිරීමට ඉඩ දීම ඇතුළුව ත්‍රිමාණ ආහාර මුද්‍රණය සමඟ අනාගතය කෙබඳු විය හැකිද යන්න තම කාර්යය සඳහා පදනම සකසන බව පර්යේෂණ කණ්ඩායම පැවසීය.

(BBC සිංහල සේවය)

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්