එළඹෙන අලුත් අවුරුද්දෙන් පසු කාලසීමාවේ දේශපාලන පක්ෂවල පිල් මාරුවක් සිදුවීමේ වැඩි ඉඩක් පවතින බව නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චන්න ජයසුමන පවසයි.



ඔහු මෙ බව පැවසුවේ ඊයේ (09) මාධ්‍යවෙත අදහස් දක්වමිනි.

"සිංහල අවුරුද්දෙන් එළඹෙන සති දෙක මේ රටේ දේශපාලනයේ ඉතාම තීරණාත්මක සති දෙකක් වගේ. මොකද පිල් මාරුවීම්, ඇමති මාරුවීම් විවිධ දේවල් ගොඩක් අප්‍රේල් 20යි 30යි ඇතුළත වෙන්ව පුලුවන් ස්වභාවයක් තමයි අපිට පේන්නේ. හැබැයි දැනට නම් අපි කිසිම පාර්ශවයකට ගැති වෙලා වැඩ කරන්න එහෙම බලාපොරොත්තුවක් නෑ. රටට යහපතක් වෙන තීරණයක් විපක්ෂ පක්ෂ කවුරු ගත්තත් හොඳ දෙයක් කරනවා නම් ඒ සඳහා අපේ සහාය හිමි වෙනවා."


 

'නිදහසේ' කිසිවකු රනිල් රාජපක්ෂ ජුන්ටා ආණ්ඩුවට යන්නේ නැහැ - වසන්ත යාපාබණ්ඩාර

 
කෙසේවුවද නිදහස ජනතා සභාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපාබණ්ඩාර පවසන්නේ, ''ඇමතිකම් අරගෙන ජනවරමක් නැති රනිල් රාජපක්ෂ ජුන්ටා ආණ්ඩුව සමග නිදහස ජනතා සභාවේ කිසිවෙකු හිටගන්නේ නැහැ'' කියයි.

වසන්ත යාපාබණ්ඩාර මන්ත්‍රීවරයා එබව කියා සිටියේ, මහනුවර දී පෙරේදා (08) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදීය.
 
''ජනවරමක් නැති ආණ්ඩුව එක්ක සජබට ගනුදෙනුවක් නෑ'' - සජබ මහලේකම්
 
සමගි ජන බලවේගයේ මන්ත්‍රී පිරිසක් ආණ්ඩුවට එක්වීමට නියමිතව ඇතිබවට පලවන වාර්තා සම්බන්ධයෙන් අදහස් දක්වමින් සජබ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසුයේ, විපක්ෂයේ සුළු පක්ෂ නායකයන් රවටා ඔවුන් මාර්ගයෙන් සමගි ජන බලවේගයට සමගි සන්ධාන යෝජනා එවීම නිෂ්ඵල කරුණක් බවයි.  

මෙලෙස සුළු පක්ෂ නායකයන් කිහිප දෙනකු සජබ වෙත ගෙන එන ලද යෝජනා මගින් වත්මන් ආණ්ඩුවට සහාය දිය යුතු බවට අදහස් පළ කර ඇති නමුත් සජබ ඒ සම්බන්ධයෙන් උනන්දු නොවන බවද හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුවට රටේ ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගයට යමක් දැන්විය යුතු නම් ඒ බව ඍජුවම ප්‍රකාශ කළ යුතු යැයිද මහලේකම්වරයා අවධාරණය කළේය. ඒ කවර තත්ත්වයක් යටතේ වුවත් ජනවරමක් නොමැති ආණ්ඩුවක් සමඟ ගනුදෙනුවක් තම පක්ෂයට නැතැයිද ඔහු වැඩිදුරටත් කීය.


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්