පොහොර බෙදා හැරීමේ වැඩ පිළිවෙළින් රජය ඉවත් වී එම කටයුතු පෞද්ගලික අංශයට බාර දීම

ගොවීන් පුද්ගලික සමාගම්වල වහලුන් බවට පත් වීමේ, ආරම්භක පියවර විය හැකි බවට වන්නියේ ගොවි නායකයකු අනතුරු අගවා තිබේ.

කෘෂිකර්මාන්තය පමණක් නොව සියළු නිෂ්පාදන අංශයන් පෞද්ගලික සමාගම්වලට හෝ ජාත්‍යන්තර සමාගම්වල අත්වීමෙන් රටේ ජනයා වහලුන් බවට පත් වී  නිදහස දිනාගැනීම වෙනුවෙන් නැවතත් සටන් කරන තත්වයකට රට පත්වීමට ඉඩ ඇති බවයි ඉරනමඩු කෘෂිකර්ම සම්මේලනයේ ලේකම්වරයා පවසන්නේ.

ගොවි නායක මුත්තු සිවමෝහන් කිලිනොච්චියේදී මාධ්‍ය හමුවක් පවත්වමින් එම අනතුරු ඇගවීම සිදු කළේ 2023 මහ කන්නයේ දී රජය පොහොර බෙදා හැරීමේ වැඩ පිළිවෙළින් ඉවත්ව එම කටයුතු පෞද්ගලික අංශයට බාර දෙන බවට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පසුගියදා කළ ප්‍රකාශය හෙලා දකිමිනි.

ගොවීන්ට රසායනික පොහොර, කාබනික පොහොර, බීජ වර්ග හා අනෙකුත් කෘෂි යෙදවුම් මිල දී ගැනීම සඳහා මූල්‍ය සහනාධාරයක් ලබා දෙන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා එහිදී වැඩි දුරටත් පවසා තිබුනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගතව සිටින ආණ්ඩුව රටේ ණය බරින් නිදහස් වීම සදහා රාජ්‍ය ආයතන විකුණා දැමීමට මෙන්ම පුද්ගලීකරණය කිරීමට ඇති සුදානම මේ වන විටත් ප්‍රකාශයට පත් කර තිබේ.

ඉරනමඩු කෘෂිකර්ම සම්මේලනයේ ලේකම් මුත්තු සිවමෝහන් පෙන්වා දෙන්නේ රජය ගොවීන්ගේ සියලු වගකීම් පෞද්ගලික සමාගම්වලට පවරන්නේ නම් එම සමාගම් නිෂ්පාදන ක්‍රියාවලිය පමණක් නොව එය අලෙවිකරණය සම්බන්ධයෙන්ද තීරණ ගනු ඇති බවයි.

"ඒ හැර මේ රටේ කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදන කළ යුතුද යන්න ඔවුන් තීරණය කරාවි. ඔවුන් අපේ නිෂ්පාදනයේ මිල නියම කරාවි. නිෂ්පාදන පාරිභෝගික වෙළෙඳපොළට ගියාම එහි මිල තීරණය කරන්නෙත් ඔවුන්."



කෘෂිකර්මාන්තයේ සියළු තීරණ පෞද්ගලික අංශය අතට පත්වීමෙන් අනාගතයේදී ගොවියන්ගේ ඉඩම්වල අයිතිය ද ඔවුන්ට අහිමිව යා හැකි බවට අනතුරු අගවන ගොවි සංගම් නායකයා විශ්වාස කරන්නේ අනාගතයේදී පෞද්ගලික සමාගම්වල යටත් වැසියන් වීමට ගොවීන්ට සිදු වනු ඇති බවයි. පෘතුගීසින්, ලන්දේසින් සහ ඉංග්‍රීසින් ලංකාව ආක්‍රමණය කිරීමෙන් පසු වසර 400 ට වැඩි කාලයක් ඔවුන්ගේ සමාගම් රට තුළ ආධිපත්‍යය පතුරුවා ලාංකිකයන් වහල්භාවයට පත් කළ පරිසරය යළිත් වරක් රට තුළ නිර්මාණය වීමට මේ හරහා ඉඩ ඇති බවයි  ඔහු වැඩි දුරටත්  පවසන්නේ.



රජය පෞද්ගලීකරණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ගැඹුරින් සිතා බලා කටයුතු නොකළහොත් එය රටේ සමස්ත ජනතාවගේ ජීවිතයට දැඩි පහරක් එල්ල කරනු ඇති බව පෙන්වා දෙන මුත්තු සිවමෝහන් ගොවි නායකයා පවසන්නේ රජය, රාජ්‍ය නිලධාරීන්, දෙපාර්තමේන්තු විශේෂඥයන්, දේශපාලනඥයන් ඒ සම්බන්ධයෙන් අවධානයෙන් වැඩ කළ යුතු බවයි.

"පලය අත්විඳින විට පමණක්, ඔබට එහි වාසි සහ අවාසි ගැන නිසැකවම පැවසිය හැකිය."


ඉන්දියාවෙන් පාඩම්

zxmdfThe farmers protest also recognised the growing corporate-political nexus, as seen by this 'dharna' outside the Adani Logistics Park, Kila Raipur. Photo by Aranya Rai Singh

ඉන්දියාවේ අදානි සමාගමට එරෙහිව එරට ගොවීන්ගේ නැගිටීම අදටත් ක්‍රියාත්මක වන අතර 2020 දී රජය විසින් සම්මත කරන ලද කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණවලට එරෙහිව ජනතාව සිදු කරන අරගල ඉදිරියේදී ශ්‍රී ලංකාව තුලත් සිදු වීමට ඇති ඉඩ කඩ සම්බන්ධයෙන්ද මුත්තු සිවමෝහන් එහිදී අනතුරු ඇගවීය.

2020 නොවැම්බර් මාසයේදී ගොවි නිෂ්පාදන විකිණීම, මිල නියම කිරීම සහ ගබඩා කිරීම පිළිබඳ නීති රීති ලිහිල් කරන නීති තුනක් ඉන්දීය රජය විසින් හඳුන්වා දීමෙන් පසු ලක්ෂ සංඛ්‍යාත ගොවීන් විදී සටන් දියත් කර තිබුනි.

විරෝධතා දියත් කළ ගොවීන්ගේ ප්‍රධානම චෝදනාවක් වූයේ නව නීති මගින් ගොවීන්ට තම නිෂ්පාදන සෘජුවම පාලන මිලකට කෘෂිකාර්මික ව්‍යාපාර, සුපිරි වෙළඳසැල් දාම සහ ඔන්ලයින් සිල්ලර වෙළෙන්දන් වැනි පුද්ගලික ආයතනවලට විකිණීමට සිදු වීමයි.

නව නීති මගින් ගොවිතැන වඩා ලාභදායී වන බවට රජය පැවසු නමුත් ඉන්දීය ගොවි ජනතාව පෙන්වා දුන්නේ එම නීති නිසා විශාල සමාගම් වලට මිල නියම කිරීමට බලය හිමිවන බවයි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්