උතුරු මුහුදු තීරයේදී හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 196ක් ආනයනය කිරීම,

සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනා එල්ලවී සිටි විත්තිකරුවන් පස්දෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පසුගිය 06 දා නියෝග කර තිබිණ.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත ගේ අධීක්‍ෂණය යටතේ මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකළත් එම විමර්ශන කළ ආකාරය පිළිබඳ මවිතය පළකරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කළේ, විත්තිකරුවන්ට එල්ලකර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බවයි.

නීතිපතිවරයා විසින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම නඩුව පවරා තිබිණ.

ආදිත්‍ය පටබැඳිගේ, මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම තීන්දුව ලබාදුන්නේය.

මෙම නඩුවේ දී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙනිය විසින් ලබාදුන් සාක්ෂිය පිළිගත නොහැකි බව අධිකරණය  සඳහන් කර ඇත. මෙම සිද්ධියට අදාළව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාව ද පිළිගත නොහැකි බව පවසා තිබේ.

පොලීසිය විසින් ඉදිරිපත් කළ සාක්ෂි එකිනෙකට පරස්පර බවත් සඳහන් කර ඇති විනිසුරු මඩුල්ල, කරුණු තහවුරු කිරීමට සාක්ෂිකරු අපොහොසත් වී ඇති බව පවසා ඇත.

ඒ අනුව විත්තිකරුවන්ට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කළ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පුවී නොමැති හෙයින් ඔවුන් නිදොස් කොට නිදහස් කරන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල සඳහන් කළේය.



2019 වසරේ අප්‍රේල් මස 21 දා ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 400ක් ඈත ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් මත්කුඩු කිලෝ ග්‍රෑම් 196ක් සහ ග්‍රෑම් 986ක් ආනයනය කිරීම, සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කර තිබිණ. ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් මත්කුඩු තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී රාජ්‍ය බුද්ධි සේවය (SIS) විසින් ලබාදුන් තොරතුරු මත  මෙම විත්තිකරුවන් 05 දෙනා අත්අඩංගුවට ගෙන තිබුණේ නාවික හමුදාව විසිනි. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සිදුවුයේ එදිනම වීම විශේෂ කාරණයකි.



මත්ද්‍රව්‍ය පිළිබඳව නඩුවක් විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලක් පත් කෙරුණු ප්‍රථම අවස්ථාව මෙය යි.

කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විසින් ලබාදී තිබු තීන්දුවේ මෙසේ ද සඳහන් වේ.


''....  නියෝජ්‍ය පොලිස්පති මැදවත්ත මුලුවරට තමා භාරයට ගත් පොලිසැක් උරවල තිබූ අකුරු පවා හොඳින් මතකය.  ඔහුගේ සාක්ෂිය අනුව එම උරවල සිංහල සහ ඉංග්‍රීසි අකුරු තිබූ අතර අනිවාර්යයෙන්ම උර දෙකක හෝ තුනක සිංහල අකුරු තිබිණ.

" ක්‍රිස්බෝ කුකුල් මස් " යනුවෙන් සිංහලෙන් සහ ඉංග්‍රීසියෙන් සදහන්ව තිබු බව සාක්ෂිකරුවන්ට නිශ්චිතවම මතකය.. මෙවන් පසුබිමක් තුළ තමා මුල්වරට භාරයට ගත් පොලිසැක් උර 13 හඳුනා ගැනීමට මෙම සාක්ෂිකරු අපොහොසත් වීම ඇත්තෙන්ම පුදුම සහගතය.

කපිතාන් බෝවත්ත ගෙන් නියෝජ්‍ය පොලිස්පති මැදවත්ත විසින් ඉහළ කී පොලිසැක් උර 13  සාගර නෞකාව මතදී බාර ගත් අවස්ථාවේදී ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදේණිය ද එම ස්ථානයේ සිට ඇත. මුල් වරට සාගර නෞකාව මත තිබූ පොලිසැක් උර 13  මත P1 සිට P13 දක්වා තමා විසින් නිල් පෑනකින් ලකුණු කළ බව මෙම සාක්ෂිකරුගේ ස්ථාවරයයි. මුල්වරට සාගර නෞකාව මත තිබූ පොලිසැක් උර 13  සාක්ෂිකරු විසින් හඳුනා ගන්නා ලදුව ඒවා පැ. 65 සිට පැ. 76 දක්වා සහ පැ. 78 ලෙස ලකුණු කර ඇත.

ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙණිය වැඩිදුරටත් සාක්ෂි දෙමින් පවසා ඇත්තේ තමා විසින් P1 සිට P 13 දක්වා නිල් පෑනෙන් සලකුණු කර උර 13 මත නැවත P1 සිට P 13 ලෙස ලකුණු යොදන ලෙසත්, එම උර ඇතුළත තිබූ උර 13 මත P1A සිට P13 A දක්වා සලකුණු යොදන ලෙසත් තමා පොලිස් සැරයන් පද්මසිරි ට උපදෙස් දුන් බවයි. කෙසේ නමුත් පොලිස් ඉදිරිපත් කිරීමට පැමිණිල්ල අපොහොසත් විය. 

xdfgertg

'' .....  නියෝජ්‍ය පොලිස්පති මැදවත්තගේ ස්ථාවරය වූයේ හෙරොයින් අඩංගුව තිබූ පාර්සල් 248 අතුරින් එක් පාර්සලයක් පමණක් ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙණිය විසින් ක්ෂේත්‍ර පරීක්ෂණයකට ලක් කල බවයි. එහෙත් ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙණියගේ ස්ථාවරය වූයේ තමා විසින් එක් එක් පොලිසැක් උරයෙන් ලබාගත් පාර්සලය බැගින් පාර්සල් 13 ක්ෂේත්‍ර පරීක්ෂණයට ලක්කල බවයි. තවද තමා එම ක්ෂේත්‍ර පරීක්ෂණය සිදුකළ අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පති මැදවත්ත එම ස්ථානයේ සිට බව ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙණියගේ ස්ථාවරයයි. එකම ස්ථානයේ සිට එක් සාක්ෂි කරුවන් දෙදෙනෙකුගේ සාක්ෂි අතර මෙවන් පරස්පර විරෝධී තත්ත්වයක් ඇතිවීමට හේතුව කුමක්ද ?

චූදිතයන් සන්තකයේ තිබුණේ යැයි කියන පොලිසැක් උර 13 පැමිණිල්ලේ සාක්ෂි කරුවන් අතුරින් මුලින්ම දැක ඇත්තේ කමාන්ඩර් නිශාන්ත දහනායක විසිනි. ඔහුගේ ස්ථාවරය වන්නේ එම උර අතුරින් එක් උරයක් පමණක් විවෘතව තිබූ බවයි. කපිතාන් බෝවත්තගේ ස්ථාවරය වන්නේ ද විවෘතව තිබුණේ එක් උරයක් පමණක් බවයි. ඔහුගේ පැහැදිලි ස්ථාවරය වූයේ අනෙක් උර 12 පොලිස් නිලධාරීන්ට බාරදෙන තෙක් කිසිසේත්ම විවෘත නොකළ බවයි. එහෙත් නියෝජ්‍ය පොලිස්පති මැදවත්තගේ සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක හිරියාදෙනියගේ ස්ථාවරය වූයේ එම උර අතුරින් උර දෙකක් විවෘතව තිබූ බවයි. මෙම පරස්පර විරෝධී ස්ථාවරයන් ඇති බවට හේතුව කුමක්ද? ....''

xdftge


කොළඹ ත්‍රී පුද්ගල මහාධිකරණ විසින් ලබාදුන් තීන්දුව මෙන්න :

 

 
විනිසුරු මඩුල්ලේ නියෝගය මත අධිකරණ භාෂා පරිවර්ථන නිලධාරිනියන් වන මල්ෂී ප්‍රනාන්දු සහ සෆායා අරූෂ් විසින් අධිකරණ නියෝගය අධිකරණයට දැනුම් දුන්නේය.

විත්තිකරුවන් වෙනුවෙන් ජගත් අබේනායක, සුරංග බණ්ඩාර, සංජය ආරියදාස, ගාමිණී අල්විස්, අමිලා උදයංගනී, දීපීකා හෙට්ටිමුල්ල, නාමල් රාජපක්ෂ, අරණ්‍ය දේවනාරායන, චානුක දිසානායක ඇතුළු නීතීඥ මඩුල්ලක් පෙනී සිටියහ.

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්