බැසිල් රාජපක්ෂ ශ්‍රී ලංකාවට නායකත්වය දෙන්න ඉතාමත් සුදුසු පුද්ගලයෙක් මෙන්ම ඔහු නායකත්ව හැකියාව ප්‍රදර්ශනය කළ නායකයෙක් බවත් ඔහු යුද්ධය අවස්ථාවේදී ජාත්‍යන්තරය සමඟ ගනදෙණු කරමින් ඉතාම හොදින් යුද්ධයට අවශ්‍ය ජාත්‍යන්තර සහය ගැනීමට සමත් වූ බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥා සාගර කාරියවසම් පැවසීය.



ඔහු එබව කියා සිටියේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේදී අද (11) පැවැති, විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වෙමිනි.

යුද්ධයෙන් පසු මේ රටේ දිළිදු ජනතාව නඟා සිටුවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු කර ලෝකයේ වේගයෙන් දියුණුවන රටවලින් එකක් බවට පත්කිරීමේදී ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස බැසිල් රාජපක්‍ෂ කටයුතු කළ බව කී මන්ත්‍රීවරයා, උතුරට සහ නැගනෙහිරට වැඩිම සංවර්ධනයක් කළ නායකයා ද බැසිල් රාජපක්‍ෂ යැයි සඳහන් කළේය.

රටේ අහිංසක දුප්පත් ජනතාවගේ හදගැස්ම හදුනාගෙන ඔවුන්ගේ ආර්ථිකය නඟා සිටුවීමට අවශ්‍ය බොහෝ පියවර ගත් නායකයෙක් ලෙස බැසිල් රාජපක්ෂ මේ රටට ඉතා සුදුසු නායකයෙක් බවත් ඔහුට විරුද්ධව පසුගිය කාලයේ බොරු චෝදනා කර නඩු පැවරුව ද ඔහු ඒවාට නිර්භයව මුහුණදි ඒ සියලු නඩුවලින් නිදොස්කොට නිදහස් වූ බවත් කාරියවසම් වැඩිදුරටත් පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්වරයා විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා මෙම ප්‍රකාශය සිදුකරනු ලැබුවේ, ඇමරිකානු පුරවැසිභාවය අත්හරිමින් බැසිල් රාජපක්ෂ මාස කිහිපයක් තුලදී යළි පාර්ලිමේන්තුවට ඒමට අදහස් කර සිටින බවට රාවයක් පැතිරයමින් සිටින මොහොතකය. ඉදිරි ජනාධිපතිවරනයේදී බැසිල් රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කළ යුතු බවට එම පක්ෂයේ ඇතැමුන් මේවනවිට යෝජනා කර ඇතැයි ද පැවසේ.


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්