දැඩි ලෙස නීතිමය තත්වයන්ගෙන් යුතු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කරමින් ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පත

ගෙන ඒමට කටයුතු කරනු ලැබුවේ තවදුරටත් මානව හිමිකම් හා ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත රටක් ගොඩ නැගීමට බව අධිකරණ ඇමති විජයදාස රාජපක්ෂ පවසයි.

එහෙත්, ඇතැම් පිරිස් ඒ සදහා ද විරුද්ධව ක්‍රියා කරන බව අමාත්‍යවරයා කියා සිටියි.

''ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් සුරකින රටක් වෙනුවෙන් ප්‍රති ත්‍රස්ත පනත හදුන්වාදීමට කටයුතු කළා. එකටත් සමහරු විරුද්ධයි. ජාති, ආගම්, පක්ෂ, පාට භේද පවතිනතුරු අපට දියුණු ජාතියක් වෙන්න බැහැ. ''

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, විජයදාස රාජපක්ෂ මෙම අදහස් පළ කළේ මන්නාරම සිලාවතුර කොණ්ඩච්චි සිහළ විජයගම පානීය ජල පිරිපහදුව විවෘත කිරීමෙන් අනතුරුව අද ( 11) පැවති උත්සව සභාව අමතමිනි.

පසුගිය වසර 4 ක පමණ කාලය තුළ පාස්කු ප්‍රහාරය, වසංගත රෝග තත්වයන් හා ආර්ථික දේශපාලන අර්බුද හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත් වු අතර, එහෙත් වත්මන් ජනාධිපතිගේ නායකත්වය යටතේ මාස අටක් වැනි කෙටි කාලයක් තුළ ආර්ථික විශ්ලේෂකයින් හා ජනතාව අපේක්ෂා කළ ආකාරයටත් වඩා සියලු ආකාරයෙන් රට ඉදිරියට පැමිණ ඇති බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

ජාතීන් අතර සංහිදියාව ගොඩ නැගීමට ආකල්පමය වශයෙන් වෙනස් විය යුතු බැවින්, එකිනෙකා‌ විසින් අන් අයගේ ජාති ආගම් සදහා ගරු කළ යුතු බව ද අධිකරණ අමාත්‍යවරයා පැවසීය.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලයේ සභාපති ජේ.ජේ.රත්නසිරි  ඇතුළු රාජ්‍ය නිලධාරීන්, ප්‍රදේශයේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව මෙම අවස්ථාවට එක්ව සිටියහ.

සිහල විජයගම ප්‍රදේශයේ ජීවත් වන සිංහල, දෙමළ හා මුස්ලිම් පවුල් 80 ක් සදහා අධිකරණ අමාත්‍යවරයාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් වියළි ආහාර බෙදාදීම සිදු වු අතර, කොණ්ඩච්චි ග්‍රාම නිලධාරී වසමේ පවුල් 24 ක් වෙනුවෙන් ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය කිරීම සංකේතාත්මකව මෙහිදී සිදු විණි.

{gallery}wijedasa rajapaksha{/gallery}

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්