නව සීමා නිර්ණ කමිටු අවසන් කෙටුම්පත සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය

විසින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ට අද (11) පෙරවරුවේ බාර දෙනු ලැබිය.

මහින්ද දේශප්‍රිය ගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුවට සාමාජිකයෝ හතර දෙනෙක් ඇතුළත් වූහ.

එම කමිටු වාර්තාවට අනුව, 2017 දී 8771 ක් වුණු මන්ත්‍රී සංඛ්‍යාව අඩකින් පමණ අඩු කර ඇත. එනම්, ඡන්දයෙන් තේරී පත්වන පළාත් පාලන නියෝජිතයින් (මැම්බර්) සංඛ්‍යාව 4714 ක් දක්වා සීමා කර තිබේ.

ලංකාවේ ගම් සභා ක්‍රමය පැවති යුගයේ මැම්බර් මහත්වරු 9000 ක් පමණ පළාත් පාලන නියෝජිතයින් ලෙස විය. එය 2011 දී මෙම සංඛ්‍යාව 4484 කටසීමා කරනු ලැබීය.  

2012 දී ජයලත් - රවී කමිටුව විසින් ඡන්දයෙන් තේරී පත්වන සංඛ්‍යාව 5092 ක්, සමානුපාතය තවත් 1500 ක් ද ලෙස සභික සංඛ්‍යාව 6600 දක්වා වැඩි කරනු ලැබීය.

2017 කාන්තා නියෝජනය, හා සමානුපාතික නියෝජනය එකතු වූ එම සංඛ්‍යාව 8400 ක් දක්වා ඉහළ ගියේය. 2018 ඡන්දයෙන් ඕවර් හැන්ග් (එල්ලන ලද මන්ත්‍රී සංඛ්‍යාව ද ඇතුළුව) සභිකයින් 8771 ක් පත් විය.

අද මහින්ද දේශප්‍රිය සභාපතිවරයා විසින් බාර දී ඇති කමිටු වාර්තාව අනුව ඡන්දයෙන් පත් වන සංඛ්‍යාව 5092 සිට 2882 දක්වා පහත දමා ඇත. ඒ අනුව සමානුපාත ක්‍රමය ද එක්ව ඡන්දයෙන් තේරී පත්වන සංඛ්‍යාව 8400 සිට 4714 දක්වා පහත වැටෙන්නේය.  

මෙහි ව්‍යවහාරික අර්ථය ඊලඟ පළාත් පාලනය සඳහා පත්වන සමස්ත සභික සංඛ්‍යාව 4750 නොඉක්මවන බවය.  

කාන්තා නියෝජනය 25% ක් ලෙස පවතිනු ඇති අතර, ඊලඟ ඡන්දයට පෙර තරුණ නියෝජනය පිළිබඳ යෝජනාව සම්මත වනු දැකීම මාගේ ප්‍රාර්ථනය
යි.  

සමස්ත සීමා නිර්ණය කටයුත්ත මැයි 2 දින වන විට අවසන් වනු ඇත.

Rajith Keerthi

(රජිත් කීර්ති තෙන්නකෝන්)
ජනාධිපති අධ්‍යක්ෂ ජනරාල් (ප්‍රජා කටයුතු)

This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

 

zdsf



සීමා නිර්ණයට යෝජනා භාරදීමට අවස්ථාව


මෙම කමිටු වාර්තාව සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන පක්ෂ ප්‍රකාශ කරන්නේ පළාත් පාලන මැතිවරණය කල් දැමීමේ අරමුණින් මෙම කමිටුව පත් කළ බවයි.

මේ සම්බන්ධයෙන් සීමා නිර්ණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය ගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ, මෙම වාර්තාව ලබන 18 වැනිදා සිට  25 වැනිදා දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කරවීමට කටයුතු කරන බවයි.

මීට අමතරව එම වාර්තාව පළාත් පාලන ආයතන වලද ලබන 19 වැනිදා ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ දේශප්‍රිය, එම කාලයේදී ඒ සම්බන්ධයෙන් යෝජනා ඇත්නම් ඉදිරිපත් කළ හැකි බවද ප්‍රකාශ කළේය.

ජාතික කමිටුවේ නිල කාලය මෙම මස 30 වැනිදා දක්වා දීර්ඝ කර ඇති බැවින් සීමා නිර්ණය කටයුතු සඳහා ගනු ලැබූ ක්‍රියාමාර්ග, දේශපාලන පක්ෂවල සිවිල් සංවිධානවල යෝජනා හා අදහස් මහජන නියෝජන පිළිබඳ තොරතුරු, කමිටුවේ නිරීක්ෂණ හා නිර්දේශ ඇතුළත් වාර්තාව ඒ ඒ පළාත් පාලන ආයතනවල සිතියම් දැක්වෙන වාර්තා ද අග්‍රාමාත්‍යවරයාට මැයි මස 2 වැනිදා බාරදීමට අපේක්ෂා කෙරේ.

පළාත් පාලන ආයතන කොට්ඨාස සීමා නිර්ණයේදී  අදාළ ලේඛන වල දැක්වෙන ඒ ඒ කොට්ඨාස බෙදා වෙන් කිරීම පිළිබඳව උනන්දුවක් දක්වන දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධානවලට සහ පුරවැසියන්ට ස්වකීය යෝජනා හා අදහස් අප්‍රේල් මස 25 වැනි දින දක්වා කොළඹ 5 කිරුළ පාර මිනින්දෝරු  ජනරාල් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටි සීමා නිර්ණය කිරීමේ ජාතික කමිටුවට එවිය හැකි බවද මහින්ද දේශප්‍රිය දැනුම් දෙයි.

 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්