ශ්‍රී ලංකාවේ රිලවුන් චීනයේ සත්වෝද්‍යාන සඳහා ලබා දෙන ලෙස චීන රජයේ නියෝජිත පිරිසක් කෘෂිකර්ම අමාත්‍යාංශයට ඉල්ලීමක් ඉදිරිපත් කර තිබේ.



මෙම ඉල්ලීම අනූව ලංකාවේ රිලවුන් ලක්ෂයක් පළමු අදියර යටතේ ලබා දීම සඳහා විශේෂ සාකච්ඡාවක් බත්තරමුල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර ගේ ප්‍රධානත්වයෙන් පැවැති එම සාකච්ඡාවට කෘෂිකර්ම අමාත්‍යාංශය, ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු සහභාගී වූහ.

මෙරට රිලවුන් විදේශ රටක් සඳහා ලබා දීමේ දී පවතින නීතිමය තත්ත්වයන් සම්බන්ධව කරුණු අධ්‍යයනය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය මත කමිටුවක් පත් කිරීමට පියවර ගත යුතු බව මෙහිදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේය.

එම කමිටුවට කෘෂිකර්ම අමාත්‍යාංශය, සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව, වනජීවී දෙපාර්තමේන්තුව හා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ද ඇතුළත් විය යුතු බව අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම කමිටුව වහාම පත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් සැකසීමට නියමිතය. ලංකාවේ රිලා ගහනය ලක්ෂ 30කට ආසන්න බව හෙළිදරව් වී තිබෙන අතර මෙරට වගා හානි සිදු කරන සතුන් අතර ප්‍රමුඛතමයා වන්නේ ද රිලවා බව එම සාකච්ඡාවේ දී ප්‍රකාශවිය.

මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ විවිධාකාරයේ මත පලවී ඇති අතර ප්‍රකට සමාජ ක්‍රියාකාරිනියක වන හිමාෂි කරුණාරත්න සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සඳහන් කර ඇත.


himashi 


 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්