ඕස්ට්‍රේලියාවේ කේන්ස් නගරය ආසන්නයේ පිහිටි ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ලේ ගිලී ශ්‍රී ලාංකිකයන් දෙදෙනකු මියගොස් ඇතැයි '9නිවුස්' (9News.com.au)


පුවත් සේවය වාර්තා කර ඇත.

මියගිය එක් අයකු සිසිර ගජනායක නම් 59 හැවිරිදි ශ්‍රී ලාංකිකයකු බවත් අනෙක් පුද්ගලයා 21 හැවිරිදි ගජනායක මහතාගේ පුත්‍රයා බවත් '9නිවුස්' පුවත් සේවය පෙන්වා දී තිබේ.

සිසිර ගජනායක මහතා පවුල් හතරකට අයත් 18 දෙනකු සමඟ නිවාඩුවක් ගත කිරීම සඳහා කේන්ස් නගරය ආසන්නයේ ඇති මෙම ප්‍රසිද්ධ ක්‍රිස්ටල් කැස්කේඩ් දිය ඇල්ල නැරඹීමට පැමිණ ඇත. දිය ඇල්ලේ පිහිනීමට හැකි ස්ථානයකදී ගජනායක මහතා ඇතුළු පිරිස ජලයට බස පිහිනා ඇත.එහිදී ගජනායක මහතා දියේ ගිලී ඇති අතර ඔහු බේරා ගැනීම සඳහා පුත්‍රයා උත්සාහ කර තිබේ. පුත්‍රයාගේ උත්සාහයත් අසාර්ථක වී ඇති අතර ඔවුන් දෙදෙනාම දියේ ගිලී ඇත.

එම අවස්ථාවේ ගජනායක මහතා සමඟ පැමිණි පිරිස එරට වේලාවෙන් සවස 5 ට පමණ හදිසි සේවා දැනුවත් කර ඇති අතර  ඔවුන් පැමිණ ගජනායක මහතා සහ පුත්‍රයා ජලයෙන් පිටතට ගෙන ඇත. පිටතට ගන්නා විට ඔවුන් සිහිසුන්ව සිට ඇති අතර හදිසි ප්‍රතිකාර ලබා දුන්නත් ඔවුන්ගේ සිහිය නැවත ලබා ගැනීමට හදිසි ප්‍රතිකාර සේවා අපොහොසත් වී තිබේ. ටික වේලාවකට පසුව ඔවුන් මියගොස් ඇතැයි හදිසි ප්‍රතිකාර සේවය ප්‍රකාශ කර ඇත.

සිසිර ගජනායක මහතා මෙල්බර්න් නගරයේ පිහිටි වෙන්චුරා බස් සමාගමේ රියදුරකු ලෙස වසර 8 ක කාලයක් සේවය කර තිබේ. ඔහු අවංක තම සමාගමට ලෙන්ගතුව සේවය කළ සේවකයෙක් යැයි එම සමාගම මරණය පිළිබඳ ශෝකය ප්‍රකාශ කරමින් පවසා ඇත.


පුවත් මුලාශ්‍රය -

'Kind hearted' father and son found dead after Cairns waterfall double drowning

 

 

JW

fsertw4ert4.jpg

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්