ලබන 17 වැනි දා සිට විශ්වවිද්‍යාලවල දේශන කටයුතු යළිත් ආරම්භ කිරීම කෙරෙහි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය (FUTA) තීරණයකට පැමිණ තිබේ.


ඒ, අද (12) අලුයම දක්වා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සාමාජිකයින් අතර පැවති සාකච්ඡාවකදීයි.

රජය විසින් පනවා ඇති උපයන විට අය කරන බදු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයකට විරෝධය පළ කරමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් මෙම වැඩවර්ජනය ආරම්භ කළේ, පසුගිය මාර්තු 9 වැනි දායි.



උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් සඳහා සභභාගිවීමට එම සාකච්ඡාවේදී එකඟතාවකට පැමිණ නැත. උසස් පෙළ විභාග උත්තර පත්‍ර ඇගයීම ප්‍රමාදවී අදට දින 48 කි. උසස් පෙළ විභාග උත්තර පත්‍ර පරීක්ෂාව පාසැල් ගුරුවරුන් මුල් කරගනිමින් සිදු කෙරෙන අතර එහි අධීක්ෂණ කාර්ය සිදු කරන්නේ විශ්වවිද්‍යාල අචාර්යවරුන් ය.  මේ සඳහා උසස් පෙළ ගුරුවරුන් 19,000 ක් පමණ අවශ්‍ය වන අතර විශ්වවිද්‍යාල අචාර්යවරුන් 1400 කගේ පමණ සේවය ද අවශ්‍ය වේ.

පසුගිය දා වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කළ වැඩ වර්ජනයට සමගාමීව විශ්වවිද්‍යාල අචාර්ය සමිති සම්මේලනය උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතුවලින් ඉවත් වූයේ ප්‍රමාණවත් ගුරවරුන් නොමැතිව එය ප්‍රමාද වී තිබූ පසුබිමකයි.



විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන අධ්‍යාපන අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමය සමඟ පසුගිය මාස 1,1/2 තුළ සාකච්ඡා වට කීපයක් පවත්වා එම සංගමය විසින් ඉදිරිපත් කරන ලද ගැටලු කීපයකට විසඳුම් ලබා දී ඇත.

විශ්වවිද්‍යාල දේශන යළි ආරම්භ කිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් සිය ප්‍රසාදය පළ කරන අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම ආරම්භ කිරීමට මේ වන විට විභාග දෙපාර්තමේන්තුව සූදානම් බැවින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම කඩිනමින් ආරම්භ කිරීමට ද මැදිහත් වන මෙන් විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයෙන් ඉල්ලා සිටී.

විශ්වවිද්‍යාල ආචාර්ය සංගමයට තවදුරටත් යම් ගැටලු සාකච්ඡා කිරීමට අවශ්‍ය නම් ඉදිරි ඕනෑ ම දිනක ඊට සූදානම් බව අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දෙයි.

 
 

JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්