සියලු පක්ෂ එක්වී යම් කාල රාමුවකට යටත්ව හෝ රජයට සහය වියයුතු බවත්, එහිදි සමගි ජන බලවේගය පෙරමුණ ගතයුතු බවත් සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාජිත සේනාරත්න අවධාරණය කර සිටියි.



ආණ්ඩුවට තනිව එක්වීමේ කිසිදු උවමනාවක් තමාට නොමැති බවත්, එසේ තිබුණා නම්, මතවාදීව පක්ෂය තුල මෙසේ හඬනගන්නේ නැති බවත් ඔහු පවසයි.

'' එකම දේශපාලන ප්‍රතිපත්ති දරණ කණ්ඩායම් දෙකක්, භාවිතාවේ ඇති පරස්පරතා කිහිපයක් පෙන්වමින්, දෙපිල බෙදීසිටීම, එම පක්ෂ දෙකේ පාක්ෂිකයන්ට සේම රටට ද සිදුකරන අසාධාරණයක් බව මගේ පළමු හැඟීමයි.'' ඔහු පෙන්වා දෙයි.

තමා සමගි ජන බලවේගය විනය කමිටුව වෙත කැඳවා ඇතැයි පලවන වාර්තා මුළුමනින්ම අසත්‍ය බව ද ඔහු අවධාරණය කර සිටියි.

ඔහු එම කාරනා සඳහන් කර ඇත්තේ සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමිනි.

එම ෆේස්බුක් සටහනේ මෙසේද පළවේ.  


ලැජ්ජයි !!


මාධ්‍යයේ නිදහස වෙනුවෙන් එදා සිට පෙනීසිටි පුද්ගලයෙකු ලෙස, සැබෑ මාධ්‍යවේදියෙකුට හෝ සත්‍ය වාර්තාකරන මාධ්‍යයන්හට කිසිවිටෙක මම එරෙහිවී නැත..

මාගේ දේශපාලන ප්‍රතිපත්ති හෝ භාවිතාවන් විවේචනය කිරීමට ඔවුන්ට ඇති නිදහසට ද මම එරෙහි වී නැත.

එහෙත්  තමන්ගේ මාධ්‍ය අවකාශයෙන්, පදනම් විරහිත මඩගසන විට, අප ඊට පිලිතුරු දියයුතුය.

ඊයේ දිනයේ, රංජිත් මද්දුමබණ්ඩාරගේ මිත්‍රත්වයේ ආරාධනයක් පිලිගනිමින්, ඔහුගේ නිවසේදී මම ඔහු හමුවුනෙමි.

ඒ අවස්ථාවට, කබීර්.. ලක්ෂ්මන් සහ තිස්ස සහභාගි වී සිටි අතර එය සුහද සාකච්ඡාවක් මිස විනය කමිටුවක් ලෙස දැකීම, ඇතැමුන් දුටු සිහිනයක් විය යුතුය.

ලිඛිතව දැනුම්නොදී, නිවාසයක හමුවී සිදුකරන විනය පරීක්ෂණ තිබේද?

 

ඩයනා ඇතුළු පක්ෂය හැරගිය 15කට අධික මන්ත්‍රීවරුන් පිරිසකට නොපැවැත්වූ විනයකමිටු පවත්වූවා යැයි කියන්නේ, තවමත් පක්ෂයේ සිටින මට ද? (මාගේ හෘදසාක්ෂිය ඉදිරියේ මිස, කිසිවෙකුගේ කමිටු ඉදිරියේ;  මාගේ දේශපාලන දැක්ම පිලිබඳව නිදහසට කරුණු පැවසීමේ උවමනාවක් මට නැත) ප්‍රස්තුත මාධ්‍ය සාකච්ඡාවේදී මාගේ සම්පුර්ණ කතාව ශ්‍රවණය නොකර, වැරදි අවබෝධයකට පැමිණි අයෙක් හො කණ්ඩායමක් වේ නම්, එය ඔවුන්ගේ ප්‍රශ්නයක් මිස, මගේ ප්‍රශ්නයක් නොවේ..

 

එම නිසා, "එවැනි ප්‍රකාශ යලි නොකරන බව"ට, කිසිවෙකු ඉදිරියේ පැවසීමට මට උවමනාවක් නැත..

රංජිත් ඇතුළු පිරිස සමඟ සාකච්ඡාවේදී, "යලි එවැනි ප්‍රකාශ නොකරන බවට මා නොපැවසූ අතර අවශ්‍ය අයෙකුට එම පිරිසෙන් කෙනෙකු අමතා
එහි සත්‍ය අසත්‍යභාවය දැනගත හැක..

ආණ්ඩුවට තනිව එක්වීමේ කිසිදු උවමනාවක් මට නැත.. එසේ තිබුණා නම්, මෙසේ මතවාදීව පක්ෂය තුල හඬනගන්නේ නැත..

එකම දේශපාලන ප්‍රතිපත්ති දරණ කණ්ඩායම් දෙකක්, භාවිතාවේ ඇති පරස්පරතා කිහිපයක් පෙන්වමින්, දෙපිල බෙදීසිටීම, එම පක්ෂ දෙකේ පාක්ෂිකයන්ට සේම රටට ද සිදුකරන අසාධාරණයක් බව  මගේ පළමු හැඟීමයි.

කවුරුන් කැමති වුවත්, අකමැති වුවත්, මගේ ස්ථාවරය එයයි..


2014දී, විධායක මහින්දට අභියෝග කර, ඇමතිකම් අතහැර පැමිණි මට...
"2015දී පොදු අපේක්ෂකයා වන්න"යි කළ ආරාධනය ප්‍රතික්ෂේප කළ මට...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් දිගින් දිගටම කළ අගමැති ආරාධනාවන්,
කඳවුරේ සමඟිය වෙනුවෙන්
ප්‍රතික්ෂේප කළ මට...
ඇමතිකම් ලොකු නැති බව
දේශපාලන ළදරුවන් දැන්වත් තේරුම්ගත යුතුය.


88/89 ජවිපෙ තුවක්කුව
ඉදිරියේ නොනැමුණු දණ,
එල්.ටී.ටී.ඊ බෝම්බ ඉදිරියේ නොනැමුණු දණ,
රාජපක්ෂ පවුල්බලය ඉදිරියේ නොනැමුණු දණ,
මඩ වෙබ් අඩවි ඉදිරියේ හෝ
දේශපාලන ළදරුවන්ගේ මඩ ඉදිරියේ නැමෙන්නේ නැති බව කිවයුතුය..

වෛද්‍ය රාජිත සේනාරත්න
පාර්ලිමේන්තු මන්ත්‍රී

 

 

JW

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්