ශ්‍රී ලංකා රාමාඤ්ඤ මහා නිකායේ උතුරුමැද පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අනුරාධපුර අභයගිරි පූර්වාරාමාධිපති අතිපූජ්‍ය පොතානේ ධම්මානන්ද නාහිමිපාණෝ අපවත්වී වදාළහ.


අභිධර්ම විශාරදයෙකු වූ උන්වන්සේ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කොට විශ්‍රාම ලබා සිටියහ.

ගිලන්ව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි උන්වහන්සේ ඊයේ (14) පෙරවරුවේ මෙසේ අපවත්වූහ.

අපවත්වන විට අසූ හැවිරිදි වියෙහි පසුවූ උන්වහන්සේ අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ සහ අනුරාධපුර ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ හිටපු කථිකාචාර්යවරයෙකු මෙන්ම ගම්පහ බෙම්මුල්ල විද්‍යාකර පිරිවෙන අනුරාධපුර අභයගිරි පූර්වාරාමය සහ අනුරාධපුර දේවානම්පියතිස්සපුර විහාරස්ථානය ඇතුළු විහාරස්ථාන කීපයක අධිපතිත්වය ද දැරූහ.

අනුරාධපුර බුද්ධශ්‍රාවක ධර්ම පීඨයේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමේ ප්‍රථම ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ වන්නේද උන්වහන්සේය.

උන්වහන්සේගේ ශ්‍රී දේහය ගිහි පැවිදි සියලු දෙනාට අවසන් ගෞරව දැක්වීම සදහා ආදාහන පූජෝත්සවය පැවැත්වෙන දිනයතෙක් අනුරාධපුර අභයගිරි පූර්වාරාම විහාරස්ථානයේ තැන්පත් කොට තැබේ.

අදාහන පූජෝත්සවය රාජ්‍ය අනුග්‍රහය සහිතව ලබන 17 වෙනි සදුදා සවස 3.00 ට අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේදී පැවැත්වේ.

(divaina.lk)

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates

ඇඩ්වර්ටයිසිං ලෝකය