සී ෂෙල්ස් සහ ශ්‍රී ලංකාව අතර සෘජු ගුවන් ගමන් සේවා ආරම්භ කිරීමට එයාර් සී ෂෙල්ස් සමාගම තීරණය කර තිබේ.



ලබන ජූනි මාසයේ සිට සතිපතා ගුවන් ගමන් සිදුකිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව සතියට දෙවරක් සී ෂෙල්ස් සහ කොළඹ අතර සෘජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට එයාර් සී ෂෙල්ස් සමාගම තීරණය කර තිබේ.

ජුනි මස 20 වන දින සී ෂෙල්ස් සිට පළමු ගුවන් යානය කොළඹ දක්වා ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

ශ්‍රී ලංකාව විශිෂ්ට සංචාරක, වෛද්‍ය සහ වෙළෙඳ අවස්ථා සහිත ගමනාන්තයක් වනු ඇති බව එයාර් සී ෂෙල්ස් සමාගම ප්‍රකාශ කර තිබේ.

(aruna.lk)


 

JW

logo

Follow Us

Image
Image
Image
Image
Image
Image

Exchange Rates